දෙවන දිගහැරුම

166 26 188
                                    


"ඒයි...ටේහී....දැන් ඕවා අදිනවද ඔයා?"
ජන්කුක් කරත්තෙ ළඟට යන කෙල්ලගෙ පස්සෙන් දුවන ගමන් අහද්දි කෙල්ල ඔව් කියන්න ඔලුව වනලා මොනවා හරි බරට පුරවලා තිබුණ ගෝනියක් අමාරුවෙන් ඇදලා අරන් කකුල් දෙක ළඟ බිමට දාගෙන නහය අකුළලා ලොකු හුස්ම පහත දැම්මා....

" ස්ටේශන් එකට ගොඩක් දුරයිනේ..."
ජන්කුක් අහද්දි එක උරහිසකට ගෝනිය උස්ස ගන්න ගමන් කොන්ද කෙලින් කරගෙන හිට ගත්ත කෙල්ල ජන්කුක්ට රැව්වා...

"රෑට කන්න ඕන නම් උදව් කරනවා! නැත්තන් මම රොටී බාගෙම තනියම කනවා..."
ජන්කුක් රවපු කෙල්ල ස්ටේශන් එක පැත්තට යද්දි ජන්කුක් කරත්තෙන් බා ගත්ත ගෝනි දෙකක් එකපාර අරගෙන කෙල්ල පස්සෙන් ඇවිදගෙන ගියා...

.
.
.

"මම එහේ ඉද්දි දවසම ගේම් ගහනවා.. කකුල් දෙක උඩ තියන් ඉඳලා බඩගිනී හිතුණාම පීසා එකක් ඕඩර් කරනවා... පස්සෙ ෆිල්ම් එකක් බල බල ඒක කාලා බ්ලැක් ලේබල් එකක් ගහලා එතන ම නිදා ගන්නවා..."
ජන්කුක් තමන්ගෙ කරේ තියෙන ගෝනි දෙක හරියට හදා ගන්න ගමන් කියද්දි එක ගෝනියක් අමාරුවෙන් උස්සගෙන යන ගමන් හිටිය ටේහි තමන් දිහා බලනවා ජන්කුක් දැක්කා...

"ඔයා මෙහෙ ආවෙ අපරාදෙ..."
ටේහි කිසි හැඟීමක් නැතිව කියද්දි ජන්කුක්ට හිතුණෙ කෙල්ල තමන් ඉන්නවට කැමති නෑ කියලා...ටේහි කියන්නෙ ටවුන් එකේ ඉන්න මල් වගේ කෙල්ලෙක් නෙවෙයි කියලා ජන්කුක්ට තේරිලා තිබුණා...ටේහිගෙ අත් කකුල් කෙල්ලෙක් කියලා ජන්කුක් මවන් ඉන්න කෙනෙක්ට වඩා හයියට තිබුණා..කටහඬ වුණත් තරමකට ගොරෝසුයි...

ටේහිගෙ ළඟ අර කියන කාන්තා ලාලිත්‍යයක් තිබුණෙ නෑ... පොඩි පැද්දිල්ලක් නැතුව නෙවෙයි... ජන්කුක් අකමැති විදියෙ ගැස්සිල්ලක් ටේහිට තිබුණෙ නෑ...

ටවුන් එකේ නැත්තන් ඇමරිකාවල හිටිය නම් ටේහි ටොම්බෝයි ස්ටයිල් එකට ඉඳිවි කියලා ජන්කුක්ට හිතුණා...

ඒ මොනවා නැතත් මෙච්චර කල් වන් නයිට් ස්ටෑන්ඩ් එකක් විදියට වත් කෙල්ලෙක්ට උනන්දු වෙලා නැති ජන්කුක් ටේහිට අට්‍රෑක්ට් වෙනවා කියලා ජන්කුක්ට තේරිලා තිබුණා...

ජන්කුක් හොඳ මිනිහෙක් නෙවෙයි... කෑම්ප් එකට අළුතෙන් එන කොල්ලො බහුතරයක් එක්ක ජන්කුක් සෙල්ලම් කරලා තියේ...ඒත් කවදාවත් ජන්කුක් ගෑනු ළමයෙක් ගැන උනන්දු වෙලා නෑ...

නොහිමි...Where stories live. Discover now