පහන්‍යාගෙ ගණිත පොත බලන ගමන් ඉදිය වතිල ඔලුව උස්සලා දූ ගෙ මූණෙ හිනාව දිහා බැළුවා...
"ඒ මොකෝ.....ඉංග්‍රීසි ලේසිද.."
"අපෝ නෑ...ඒක වෙන හේතුවක් ...හරිද...මං එදා කීවෙ....ඉංග්‍රීසි මිස් ට බබෙක් ලැබෙන්න කියලා....ඉතිං ඒ වෙනුවට හැමදාම සිකුරාදාට ඉස්කෝලෙ අමතර ඉංග්‍රීසි ක්ලාස් එකක් තියෙනවා...ශාධි අංකල් තමා උගන්නන්නෙ.... සිළුමිණී නැන්දත් උදව් කරනවා...ඒ දෙන්නා ශෝක්නෙ අනේ...."
වතිලට ඒක අමතක වෙලා තිබ්බෙ...
එක පාරක් පහන්‍යා කීවා තමා ශාධිත්‍ය ස්වේච්ඡා ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා කියලා...ශාධිත්‍ය ගුරුවරයෙක් හැටියට කොහොම ඇත්ද..... වතිලගෙ හිත මවන්න ගත්තා....
සුදු අත් දිග ෂර්ට් එක වැලමිට ළගින් නවලා... ෂර්ට් එකේ උඩ බොත්තම ඇරලා.... අතේ වේවැලකුත් තියන්...
නෑ නෑ වේවැල ඕනෙ නෑ.....එතකොට වෙන වෙන ඒවා හිතෙනවා.....
එයා ලස්සන ඇති එහෙම....වතිල කල්පනා කලේ නිකටටත් අතක් තීයාගෙන...
"ඩැඩී... ඩැඩී....මොනවද අනේ ඔයා හිතන්නෙ..මං කියන ඒවා අහගෙනත් නෑද කොහෙද ඔයා...."
පහන්‍යා වතිලගෙ අත්ගොබේක එල්ලිලා නෝක්කාඩුවෙන් වගේ අහද්දි තමා වතිල පියවි සිහියට ආවෙ....
"නෑ නෑ අහන් ඉන්නෙ දූ.....එයා හොදට උගන්නනවද...."
"ඔව්... ඩැඩී දන්නෑ මට කොච්චර ආඩම්බරද කියලා... ඒ මගේ අංකල්නෙ..."
වතිල පහන්‍යාගෙ ඔලුව අතගෑවා..
"ඒ ඔයාගෙ ඇත්තම අංකල් නෙවේනෙ....ඔයාගෙ අංකල් පන්සිළු.."
පහන්‍යා ඔලුව වැනුවෙ දුකෙන් වගේ..
"ම්ම්...ඒකත් ඇත්ත.... ඩැඩී අහන්නකෝ..අහන්නකො ඉතිං..
ශාධි අංකල් මගේ ඇත්තම අංකල් නෙවෙයිනං ඩැඩීට අමතරව මට තව ඩැඩී කෙනෙක් තියාගන්න බෑද කියන්නකො... එයා මට කවනවා..තව නිදි කරවනවා..සෙල්ලම් කරනවා..කතන්දර කියනවා...ඩැඩී කෙනෙක් කරන ඔක්කොම දේවල් කරලත් එයාට අංකල් කියන එක අසාධාරණයිනෙ...නැද්ද කියන්නකො.. "වතිල පහන්‍යා දිහා බැලුවෙ කියන්න දෙයක් හිතාගන්න බැරුව....
පහන්‍යාට දැනුනෙ නෑ වතිලගෙ හිත අස්සෙ අකුණක් කොටපු හැටි... මුකුත්ම කියාගන්න බැරිව එයාව ගොලුවුණ හැටි....
විසි තුන්වෙනි දිගහැරුම ❄️
Start from the beginning