❤️Chapter - 7❤️

Start from the beginning
                                    

"මාත් හිතුවෙ නෑ මං ආදරේ කරපු කෙල්ලට මෙහෙම කරන්න වෙයි කියලා. ඒත් මං හොදට උබ ගැන දන්නවා සන්ග්මින්. උබට මුකුත් කරල රිද්දන්න බෑ. ඒත් උබේ ලගම ඉන්න කෙනෙක්ට රිද්දුවොත් ඒක උබට ගොඩක් දැනෙනවා කිය්ලා මං දන්නවා. අන්න ඒකයි මං මෙහෙම කරේ. Im really sorry my angel. ඔයාගේ මේ සන්ග්මින් නිසා තමයි ඔයාට අද මෙහෙම උනේ." Yugyeon

"උබට මම අද...."  Seungmin

මම මිරායිව බිමින් තියල ගිහින් අරූගේ කොලර් එකෙන් අල්ලල අත මිට මොලවලා ගහුවෙ මූනටම පාරක්. පාරෙ සැරට බිම වැටුණ යුග්යොන් නැගිට්ටෙ මං ගහපු පාරට පැලුන තොලෙන් එන ලේත් පිහදාන ගමන්මයි.
ආයෙමත් ගිහින් උට ගහගෙන ගහගෙන ගියෙ මිරායි ඔය ඇති නවත්තන්න කියලා කෑගහද්දිමයි. මීරා කියපු කිසි දෙයක් කනකට ගත්තෙ නැති මම අරූට ගහන එක නැවත්තුවෙ උට නැගිටගන්නවත් බැරි වෙනකොටයි.  හදිස්සියේම මට මතක් උනේ මීරාව. මම යුග්යොන්ව දාල ඉක්මනට ගියේ මීරා ගාවට. එයාවත් අරගෙන මම ඉක්මනට ආවේ hospital එකට.

මිරායිට ටිකක් අමාරුයි. මූ වගේ තිරිසනෙක් මම ජීවිතේට දැකලා නෑ. කෙල්ලෙක්ට මෙහෙම ගහන එකා පිරිමියෙක් නෙවෙයි. මම ඉක්මනට කෝල් එකක් ගත්තෙ කියෝශි හ්‍යුන්ට.

විනාඩි 15ක් ඇතුලත කියෝශි හ්‍යුන් ආවෙ hospital එකට.

"සන්ග්මිනාහ්, මිරායි...?" Kiyo

"එයාව Doctor check කරනවා තාම. මුකුත් කිව්වෙ නෑ." Seungmin

"එක්කෙනෙක් විතරක් යන්න එයාව බලන්න." Doctor

"සන්ග්මින් ඔයා යන්න." Kiyo

"ඒත් හ්‍යුන්..." Seungmin

"මං එයාව පස්සෙ බලන්නම්. ඔයා යන්නකො" Kiyo

"හරි හ්‍යුන්" Seungmin



"මීරා" Seungmin

"සන්ග්මින්" Mira

"දැන් කොහොමද ඔයාට..?" Seungmin

"අවුලක් නෑ. ඔයා කොහොමද දන්නෙ මං seoul tower එකෙ හිටියෙ කියලා" Mira

"ඔයා නෙවෙයිද මට msg එක දැම්මෙ?" Seungmin

"මොන msg එකද🙄" Mira

"මට seoul tower කියලා msg එකක් ආවා ඔයාගේ no. එකෙන්. මං හිතුවෙ ඔයා කියලා." Seungmin

You've reached the end of published parts.

⏰ Last updated: Jan 16 ⏰

Add this story to your Library to get notified about new parts!

Cherry Blossom🌸 🍒Where stories live. Discover now