👑🌺 කිරුළ 12 🌺👑

Start from the beginning
                                    

අන්තිමේ වහලේ වහන්න පොල් අතු ගේන එක පැත්තක තියෙද්දි මට උණේ බොරුවට ණය වෙන්න විතරයි...අම්මා අසනිප උණ වෙලාවේ එහෙමහරි ළඟ සල්ලි තිබුණ එක ගැන හිතින් පිංදුන්නත් බාප්පා කලින් උදුරා ගත්ත 5000 යි පස්සෙ උදුරා ගත්ත සල්ලියි රුපියල් 7000 කට වැඩි වෙද්දි ඒ සල්ලි ඉතිරි කරගන්න මාස ගාණක් කාපු කට්ට මතක් වෙද්දි,තව කාලයක් මේ ගේ අස්සෙ වැහි කකා ඉන්නෙ කොහොමද මතක් වෙද්දි, ඉස්සරහට ඉඩම බේරගන්න කන්න වෙන කට්ට මතක් වෙද්දි,ඔය එක්ක අනික් වියදම් පිරිමහගන්න හැටි මතක් වෙද්දි, ඕකෙන් මේකෙන් හරි මෙච්චර කල් කොහොමහරි අල්ලන් හිටපු ස්කූල් ගමනත් නවත්වන්න වෙන පාටක් තියෙද්දි මට පුළුවන් උණේ හූල්ලන්න විතරයි...

මේ දවස් ටිකේ වෙලාවට වගේ වැස්ස පායලා තියෙද්දි මං දවස් දෙකක් බලෙන්ම අම්මාව ගෙදර තියලා ගිහිං විට ලෑල්ල ඇරියා..අසනීපෙන් ගෙදර හිටියත් තියෙන තත්වේ එක්ක අම්මට වැඩ නොකර බැරි නිසා පහන්තිර එක්ක ඔට්ටු උණත්,මං නැතිව අම්මට පහන්තිර ටික වෙනදා කපනවයින් භාගයක්වත් කපාගන්න බැරි වෙලා තියෙද්දි, අද පොඩි එකීවත් ගෙදර තියලා මං එපා කියද්දී අම්මා විට දාන්න ගියා...

බුදුන්ට දෙවියන්ට පූජා කරන ඒවා බිම තියන් කරන එක හොඳ නැතිද හිතුණත් දිග ඈරගන්න මේස නැතිවෙද්දී,කාගෙන්වත් බලාපොරොත්තු නොවෙන අනුකම්පාව අපෙ අසරණකම වෙනුවෙන් බුදුන් දෙවියන්ගෙන් නම් මං බලාපොරොත්තු වෙන ගමන්, බිම පැදුරේ ඉඳගෙන කැපුවත් තිර ටිකේ අවසන් නිමාව අරන් මිටි කැපුවාම නම් මං ඒ එකක්වත් බිම වැටෙන්න නොදී පුළුවන්තරම් පරිස්සම් කරා...

උදේ ඉඳන් මං එක්ක පුළුපුළුවන් හැටියට තිර ඇදලා දුන්න පොඩි එකිට 10 පහුවෙද්දී රෙදි පටි ගොඩ මැද්දෙම නින්ද ගිහිං තියෙද්දි මං උස්සන් ගිහිං ඇඳෙන් තියලා හිරි ඇරගන්නත් එක්ක එළියට බැස්සා...මිදුල වටේ යන ගමන් වැඩ වැඩි නිසාම ගොඩ දවසක් සාත්තු කරන්න බැරි උණ මල් ගස් අස්සෙ එහෙටත් මෙහෙටත් කැරකුණ මං වැට අයිනෙ පින්න ගහෙන් මල් හතර පහකුත් කඩන් ඇවිත් පිල් කණ්ඩියේ වාඩි උණේ ලොකු සුසුමක් හෙළන ගමන්...

මගේ ඇස් ඉස්සරහට ඇවිත්...මාව මෙහෙම අසරණ කරේ ඇයි සර්....

පොල් අතු වහලේට උඩින් පේන අහස දිහා බලන් මං මගෙන්ම ප්‍රස්න කරා..එදා මං එන්න එද්දී එයත් මං පස්සෙන් වෙල මැද්දෙන් දුවන් ආවත් , මං වගේ පුරුද්දට නියර දිගේ එයාට දුවාගන්න බැරි වෙද්දී එයා ලියද්දකට කකුල තියවෙලා මඩේ එරිලා බෙරිහන් දෙද්දී ගිලිලා මැරෙන්න තරම් දෙයක් නොවුණ නිසා මං දැක්කෙ නෑ වගේ එන්න ආවා...එයා ආපහු පස්සෙන් නාවත් හවස් වෙද්දී ආරි මාමා අතේ බෙහෙත් ලට්ට පට්ට දාපු මල්ලක් එවලා තිබුණා..මං කඩාගෙන බිඳගෙන එද්දී වෙලාවට වගේ ආරි මාමා ගේට් එකේ හිටියෙ නැති වෙද්දී මං යද්දි අමතක කරලා ගිහිං කියලා සර් බෙහෙත් ගැන මාමට බොරු කියලා තිබුණා...ඒ ඔක්කොම ඉවර වෙද්දී එදාම අම්මා අසනීප උණා...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now