තේහ්‍යුන්ග්, ජිමින් සමඟ කෑ ගැසුවා.. හෝසොක් ලී බිම ඇඟිලි වලින් පහුරු ගාමින් වෙව්ල වෙව්ල නලය දෙසට ඇදී ගියා..

අවසානයේ හෝසොක් ව ඒ නළය තුල ට වැටී සිර වුණා.. එහෙත් ඒ සියල්ල සිදුවන තුරුම තේහ්‍යුන්ග්, ජිමින් සමඟ බලාගෙන සිටියා..

" හැමෝටම ලැබුණේ සත්‍යය පවසන්න නම් ඇයි මට මේ තරම් දරුණු ලෙස හිරිහැර කරන්නේ.. "

හෝසොක් හඬා වැටුණා.. හිමින් හිමින් ක්ෂය වී යන ඔක්සිජන් ප්‍රමාණය හෝසොක්ගේ පෙනහළු වලට විඩාවක් ගෙනාවා.. හෝසොක් අක්‍රමවත්ව හුස්ම ගත්තා.. ඒත් ඒ කිසි දෙයක් ගැන තැකීමක් නොකල ජන්ග්කුක් මහ හඬින් හිනා  වුණා..

" ජන්ග්කුක්..මේ දේවල් නවත්තන්න..ඔ ඔයාට කැහ්.. කැහ්.. ඔයාට පුළුවන් කුකී.. "

අවස්ථාවක් නොලද තැන හෝසොක් ජන්ග්කුක් ගේ පිහිට පැතුවා.. හෝසොක් දැනගෙන හිටියා.. ජන්ග්කුක් ගේ මේ ශරීරයේ කොහේ හෝ ඔහුගේ ආත්මයත් ගිලී ඇතැයි කියලා..

" හහ් හහ් හහ්... ඔයාගේ යාළුවා හරිම දුර්වලයි මිත්‍රයා.. ඔහු එන්න එන්නම දුර්වල වෙනවා.. ඉතින් ඔහුගේ ආත්මයට තව වැඩි කාලයක් නෑ.. අවසානය ඉක්මනින්ම ළඟා වෙනවා මිත්‍රයා.. බලාගෙන සිටින්න.. "

" මොකක්ද.. කැහ්.. ඔයා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ.. කැහ්.. "

" හහ්.. හහ්.. හහ්.. මන් බලාපොරොත්තු වෙන්නේ සත්‍ය.. මිනිස්සු හැමවෙලේම සඟවන සත්‍යය.. මිනිස්සුන්ගේ ජීවිත පණ පිටින් මරලා දාන සත්‍යය.. "

ජන්ග්කුක් කළු බෝල නැති සුදු ඇස් සහිත මූණ සුදු පට නලේට තියලා ජන්ග්කුක් කතා කලේ හෝසොක් ව තවත් භීතියට පත් කරලයි..

" සත්‍යය.. ඔහෙට ඕනි සත්‍යය.. ඒත් විශ්වාසද ඔහේ හොයන සත්‍යය ඔහේට මුණ ගැසේවි කියලා මේ කරන දේවල් වලින්.. ඒක එහෙමයි කියලා ඔහේට ඔය තරම් විශ්වාසද.. "

" ආහ්හ්හ්හ්... මට බොරු කාරයෝ පේන්න බෑ.. මේ මාළිඟව ඇතුලේ බොරුව මට පේන්න බෑ.. මන් උඹලා ඔක්කොම මරණවා.. "

ජන්ග්කුක් මහ හඬින් විලාප තිබ්බා.. ඒ එක්කම තේහ්‍යුන්ග්, ජිමින් එතනම ඇදගෙන වැටුණා..

You've reached the end of published parts.

⏰ Last updated: Jan 07 ⏰

Add this story to your Library to get notified about new parts!

LIES ☠️⏩Where stories live. Discover now