👑🌺 කිරුළ 7 🌺👑

Start from the beginning
                                    

"එහෙම එකතුවක් නෑ ඉතිං..ඔය මඟ දකලා කතා කරා දවසක් 2ක්...ඊයේමයි ඔය නාන්න ආවෙ.."

"ඒ උනාට මං බලාගෙන පහුගිය දෙතුන් දොහේත් රෙදිත් අරන් ඇවිත් බලන් ඉඳලා යන්න ගියා...උබ එනකං ඉන්න ඇත්තෙ..පලයං පලයං..අදත් සෑහෙන වෙලාවක ඉඳන් ඇවිත් ඉන්නෙ ඔය.."

සීයාගෙන් අහපු කතා ඔක්කොටම පස්සෙ මගේ පපුවට මහ නොතේරෙන බරක් දැනුණා...පිට රටක සැපට හැදුණ සුදු මහත්තයා,තමන්ගෙ තත්වේට ගැලපෙන යාලුවෙක් හොයා නොගෙන මේ දුප්පත් රටක පොඩි පැලක මන් වගේ කොල්ලෙක්ට ළංවෙලා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද කියන්න මට හිතාගන්න බැරි උණා...

"ආ..කුල්ලෝ..."

"ස්..සර්...අදත් ආවාද..ඔයා..."

ඒ කල්පනාවෙන්ම ආපු මං ගැස්සිලා ගියේ මයිල ගහ යට ලී කොටේ උඩ ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ උන්න එයාගෙ කටහඬට වෙද්දි ඔක්කොටමත් කලින් එයා එක්ක කතා කරන්න ඕනා කියලා හිතුණ නිසා මං බකට් බේසම් බිම තියලා එයා ඉස්සරහා පපුවට අත් බැඳගෙන හිටගත්තා..ඒ එක්කම ඔඩොක්කුවේ තිබුණ එයාගෙ රෙදි ටිකටත් ඇස් යැව්වා...මෝඩ සුදු රෙදි හොරා...ඊයේ වචන දාලා..මාව අතරමං කරලා..මගේ සාලූ කෑල්ල උසන් ගිය ගෙරි සුද්දා..අද ඒක ගෙනල්ලත් නෑ...මං ඇස් පුංචි කරන් ඔඩොක්කුව දිහා බලන් ඉඳල ආයි ඒ ඇස් දිහා බලද්දී  එයා ඇස් උඩ දාලා ඇයි අහන ගමන් මගේ අතින් ඇදලා අරන් එයා ළඟ පුංචි ඉඩේ වාඩි කර ගද්දි, සාලුව ඇලේම ගිහිං මගේ පපුව ආයිමත් අර නුහුරු ගැස්මෙන් උඩ පනින්න ගත්තා...

"සෙල්ෆියක් ගාමු..."

"ඒත්."

"අර ලෂ්සන හිනාව දෙන්න my crown...."

හැම වෙලාවේම my my ගාන්නේ..මගෙ ඔටුන්න..යස නම..සමහරවිට ඒක මගෙ කිරුළ කියන එක වෙන්න ඇත්ද.. ඒ මොන විකාරයක්ද...මගේ කරවටේ අත දාලා මාව තව ටිකක් ළඟට ඇදගෙන එයා කියද්දි හිනාවෙන එක කෙසේ වෙතත් එකට එකක් තෝරා බේරා ගන්න බැරි හැඟීම් ගොඩක් එක්ක මං ඒ මූණ දිහා බලද්දී මං ෆෝන් එක දිහා නොබලන නිසා එයා හැරිලා මං දිහා බලද්දීම ෆෝන් එකේ ක්ලික් සද්ද කීපයක් එක දිගට ඇහිලා නවතිද්දීත් අපි දෙන්නා කවදාටත් වඩා ළඟ ළඟ පේන එකිනෙකාගේ ඇස් අතර මොහොතකට අතරමං වෙද්දි මගේ උරහිස වටේ තිබුණ එයාගෙ අත තද වෙලා යනවා මට දැනුණා...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now