" ආශ්.. මුන් ඔක්කෝම ඇවිත් තියෙන්නේ මාව කන්න. "

ජැක්සන් නාලා ඉවර වෙලා අතට අහු වුන ඇදුමක් දාගෙන ජැක්සන් පල්ලෙහාට ගියේ තාමත් පල්ලෙහයින් සද්ද ඇහෙන නිසා. පල්ල හිටිය එකෙක්වත් ගනන් නොගෙන kitchen එකට ගිය ජැක්සන් සාලේ වෙන කතාවට කන දාන් හිටියේ. අනුන්ගේ කතා වලට කන දාන එක හොද නෑ ඒත් ඇහෙන එක නවත්තන්න බෑනේ එහෙම තමා ජැක්සන් හිතුවේ.

" දැන් උබ මොකක්ද කරන්න හිතාන් ඉන්නේ. "

" හේසල් ගියහම බලමු. "

ජැක්සන්ට එච්චරයි ඇහුවේ හේසල් කියන වචනේ ඇහුන ගමන් අතේ තිබ්බ glass එකත් අතටම කුඩු වෙලා ගියේ කොල්ලත් නොදැන ඉද්දි. මොකක් හරිම දේකට කාමරේට ගිය ජන්කුක් ආයෙත් kitchen එකට එද්දි දැක්කේ අතෙන් ලේ පෙර පෙර ඉන්න ජැක්සන්ව. එහෙන්මම කෑ ගහලා කොල්ලා ලගට ගියේ සාලා හිටපු අයත් kitchen එකට දුවගෙන එද්දි.

" යකෝ ජැක්සන් ඔය අතෙන් ලේ එනවා බල්ලෝ. අත ඇරපන් ඔය වීදුරුව. "

ජන්කුක් කොල්ලා ලගට ගිහින් ටග්ගාල අතටම කුඩුවෙලා ගිහින් තිබ්බ glass එකේ කෑටි හිමීට අයින් කලේ එතනින් කොල්ලාව පරිස්සමට එක්ක එන ගමන්. ජින් එතන් තිබුනු වීදුරු කටු ටික ඇහිදලා ඒ වැටිලා තිබුනු ලේ ටිකත් පිහලා දැම්මේ ඕක හසෙල් දැක්කොත් මෙතන විඋමක් නොවෙන නිසා.

" මොන සිහියෙන්ද තෝ ඉන්නේ කියපන්කෝ. විදුරුව අතේම කුඩු වෙනවා නොදැනෙන්න ඔබට ලාදුරු නෑනේ. "

ජැක්සන්ට බැන බැනම කොල්ලාගේ අත පිරිසිදු කරන ජන්කුක් කියන කිසිම දෙයක් කොල්ලාට ගානක් නොව්නේ ඇස් වල කදුලුත් පුරවන් තමන්ගේ අත දිහා බලාන් ඉන්න ඒ රූපේ අස්සේ කොල්ලා අතරමන් වෙලා හිටිය නිසා.

කොල්ලාට ඒ හැගීම මොකක්ද කියලා තේරුම් ගන්න තවම බැරි උනා. හසෙල් කොල්ලාගේ අතේ එල්ලෙද්දි තමන්ට ඇයි කේන්ති යන්නේ, කොල්ලාව ඇයි තමන් ලගින් තියාගන්න ඕන වගේ දැනෙන්නේ, ඇයි කොල්ලාව රිද්දන්න හිතෙන්නේ වගෙ නානාප්‍රකාර හැගීම් ගොන්නක් කොල්ලාගේ හිතේ උඩු දුවමින් තිබ්බා. යටි හිත මේ දේට කැමති උනත් කොල්ලාගේ උඩු හිත කිව්වෙම මේ දේ නිසා දෙන්නටම විදවන්න වෙයි කියලා විතරයි. ඔව් කොල්ලාට මතක් උනේ තමන්ගේ පව්ල. තමන් නිසා අකාලා මැරිලා ගිය තමන්ගේ නංගි මල්ලි අම්මා තාත්තා. කොල්ලා ඒ නිසාම තවත් කෙනෙක්ට ඒ හිතේ ඉඩ දෙන්න බය උනා. ඒ හිතත් කොල්ලාට අහිමිවෙලා යයි කියලා කොල්ලාගේ උඩු හිත නිතරම කිව්ව නිසා කොල්ලා හැමෝගෙන්ම ඈත්වෙලා ජීවත් උනේ හතුරන්ට තමන්ගේ දුර්වලකමක් හොයාගන්න බැරි තරමටම.

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now