Chapter 07

62 6 0
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය.. 🗡🩸 ]

Chapter 07

" අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් " 

_____________________________________________..

ජීවිතයක් යනු සාතන් හට පොලොවේ පස් කැටයක් තරම්වත් නෑ.. නමුත් ඔහු ඝාතනය කලේ වැරදි කල අයව.. එහෙනම් ඔහු මුලු මහත් මිනිස් සංහතියම සමූල ඝාතනය කල යුතු වේ.. ඔහුට ඔහුවත් ඝාතනය කරන්නට වෙනවා.. මොකද නිවැරදි මිනිස් ජීවිතයම් මේ ලෝකයේ නැහැ.. හැමෝම අතින් කුමක්ම හෝ වරදක් සිදුවී තිබෙනවා.. මොකද මිනිපිට දෙවියන් ජීවත් නොවන නිසා..

ඇත්තටම සාතන් යුන්ගි හට තුවාල සිදු කලාද.. නැහැ සාතන් යුන්ගි හට කිසිදු තුවාලයක් සිද්ද කලේ නෑ.. ඒ වෙනුවට ඔහු කලේ ලග තිබුණු බිත්තියට කිණිස්සෙන් ඇනීමයි.. ඔහු කිසිදු අහිංසක ජීවිතයක් බිලිබාගත්තේ නැහැ.. ගන්නේද නැහැ.. නමුත් _________ ඔහුට අහිංසක හිංසක කියලා නැහැ..

🎭 " මම නිකරුනේ ජීවිතයක් බිලිගන්නේ නැහැ පොඩිඑකෝ.. "

🐱 " කව්ද යකෝ කෑ ගැහුව එකා.. "

යුන්ගිගේ හඩ එන්න එන්නම උස් වූයේ ඒ කෑ ගැසීමට ඔහුද ගැස්සි ගිය නිසාවෙනි..

🐥 " ට්..ටෙහ්‍යුන් පිටසක්වලයෝ මොකද මේ කතා කරනවා.. මනුස්පයෝ.. "

ජිමින්ට එහා පැත්තේ උන්නු ටෙහ්‍යුන් සිහිසුන් වී තිබුනේ යුන්ගි දෙසට කිනිස්ස ලං වෙනවාත් සමගයි.. නමුත් ඉතින් කිනිසි පාර කෑවේ අසරණ බිත්තියනේ.. කෙතරම් ගලක් වුනත් සාතන් කියන්නෙත් අතීතයේ නංගි මල්ලි එක්ක සතුටින් සිටි අයෙක් වගේම ටෙහ්‍යුන් ඔහුගේ මල්ලිගේ වයසෙම වගේ වූ නිසාවෙන් සාතන් ටෙහ්‍යුන් හට ලං වුනේ කිනිස්ස තමන්ගේ හූඩියේ සගවාගෙනයි..

🎭 " එහාට වෙනවලා.. ඔය දරුවට හුස්මගන්න ඉඩ දීලා.. "

සාතන් සංසුන් නමුත් දරුණු ස්වරයකින් සැමට කීවේ ඔහු ටෙහ්‍යුන් අසලට පහත් වෙන ගමනුයි.. සාතන් කියන්නෙත් හිතක් පපුවක් ඇති අයෙක්.. තිරිසන් ලෙස මිනීමැරුවත් ඔහුත් සහෝදරයෙක්ගේ හා සහෝදරියකගේ වැඩිමහල් සහෝදරයා.. ඔහුටත් පව්ලක් අතීතයේ තිබුනා.. ඒ නරුමයා ඔහුගේ පව්ල විනාස කරන්න පෙර..

🎭 " බයට පොඩ්ඩක් ශොක් වෙලා වතුර වීදුරුවක් ගේන්න.. "

සාතන් ටෙහ්‍යුන් හරහට ඔසවාගෙන ගොස් නිවසේ සෝපාවෙන් තබා ඔහුව පරික්ෂා කලේ වෛද්‍යවරයෙකු ලෙසටයි.. ඉන් පසු ජින් දෙසට හැරී වතුර වීදුරුවක් ඉල්ලා සිටියේ ජින්ද හිස සලා වතුර වීදුරුවක් ගෙන ඒමට මුලුතැන් ගෙට පිටව යද්දි.. යුන්ගි හෝසක් නම්ජූන් ජින් ජිමින් සාතන් පිලිබදව කුතුහලයෙන් පසු වූයේ ඔහුගේ හැසිරීම දාම ඝාතකයෙකු ලෙස නොවීම නිසයි...

🦄 " ඔයා කව්ද.. "

🎭 " බය වෙන්න එපා මටත් නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ලස්සන පව්ලක් තිබුන අතීතයක් තිබුණා.. "

🐱 " තිබුණා කීවේ.. "

🎭 " ඒ නරුමයෝ ටික මගේ පව්ල විනාස කරන්න කලින්.. මගේ මල්ලිව මගේ ඇස් ඉස්සරහා මරන්න කලින්.. මගේ නංගිවයි අම්මාවයි රේප් කරන්න කලින්... තාත්තා වහා බොන්න කලින්.. මටත් සුන්දර අතීතයක් තිබුණා.. "

ඔව් සාතන් හට සුන්දර ආදරණීය පව්ලක් අතීතයේ තිබුණා.. ඒ නරුමයෝ ඔහුගේ පව්ල බිලි නොගත්තනම්.. තමන්ගේ ඇස් ඉස්සරහා තමන්ගේම පව්ල අමු අමුවේ මරා දමන්න කලින්.. ඉදින් සාතන් වැරදිද ඔහු මේ වෙනකම් කලේ ගෑනුලමයින් දූෂනය කල මිනී මැරූ අය ඝාතනය කිරීම.. ඔහුගේ පලිගැනීම නිසාම දැන් මිනිසුන් වැරදි කිරීමට පවා බිය වූවා...

🎭 " ඔහ් ඔයා නැගිට්ටද.. දැන් අමාරුවක් නෑනේ.. "

කෙදිරීමක් එක්කම අවදි වූ ටෙහ්‍යුන්ගෙන් සාතන් එසේ ඇසුවේ ටෙහ්‍යුන් ඇස් දෙකත් විශාල කරන් සාතන් දෙස බලාසිටිද්දි..

🎭 " ඔහ් මට බය වෙන්න එපා පොඩි කොල්ලෝ මම වැරදි කරන අයව විතරයි යමරජා ගාවට යවන්නේ.. "

🐯 " ඔයා කව්ද.. ඇයි ඔය වෙස් මූණ ගලවන්නේ නැත්තේ.. "

🎭 " ඔයාලා දන්නවා වගේම මම සාතන්.. මූණ දකින්න ඔච්චරටම කැමතිනම් මම ගලවන්නම්.. "

සාතන් තමන් පැලදි වෙස් මුහුණ ජීවිතේ පළමු වතාවට පිටස්තරයන් ඉදිරියේ ගලවා දැමුවා... සාතන්ගේ මුහුණ දෙස බලාසිටි හෝසක්ගේ අත ඉබේම මුවට ගියේ ඔහුට එය විශ්වාස කල නොහැකි වූ නිසාවෙනි..

🦄 " ___________ ඔයා.. "













[ C/N : ඔන්න දුන්නා.. එහෙනම් මම කැපුනා.. අච්චර මහන්සි වෙලා ඇවිල්ලා ඔයාලා වෙනුවෙන් මේක දුන්න එක නිසාවත් comment එකක් කරන්න දරුවෝ...

පරිස්සමින් ඉන්න හැමෝම.. Gn 🥰 ]. 

                               ✍ _ 𝕮𝖍𝖎𝖒𝖒𝖞 _

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now