👑🌺 කිරුළ 5 🌺👑

Začať od začiatku
                                    

"නෑ බං අද එද්දී බංගලාවට හැරෙන පාර ළඟ ඉඳලා හම්බ වෙලා කතා කරා මට.."

"ඈ.. හ්..මොනාද කිව්වේ.."

"ඒක තමා බං මේ මාත් කල්පනා කරන්නේ...මොකක්ද මන්දා මල් කුල්ලක් ගැන කියෙව්වෙ.."

"මොකක්...!!"

"මල් කුල්ලක් බං..මේන් මෙහෙම උසට පෙන්න පෙන්න කිව්වේ...උබෙන් මල්වත් ඉලුලුවද...මොකේටවත්...තව මොකක්ද මන්දා සුප් කතාවකුත් කිව්වා...මට නිකං තේරුණේ සුප් එකක් දීලා මල් කුල්ලක් ගන්න කතාවක්..."

උස දිගංචියා අම්මා එක්ක කතා කරා කියද්දීම මට දැනුණේ කුතුහලයක් වෙද්දි, අම්මා අතත් උස පෙන්නන්න වගේ උඩට උස්සා උස්සා කියන මේ අපබ්‍රංස කතාව තේරුම් ගන්න බැරිව මං උඩ බිම බැලුවා..

"මොනාද අම්මා මේ කියවන්නේ..මොන මල් කුල්ලක්ද..මොන සුප් එකක්ද..හරියට අහගන්න එපැයි අනේ..."

"හරියට අහන්න..ආන් අරකව හුරතල් කරන්න ගත්තනෙ...අර අදුන්නන්නේ නැති මනුස්සයා ළඟට මේකි ගිහිං වඩා ගන්න කියලා අත් දික් කරන් චොක්ලට් ඉල්ලුවනේ...පපුවත් දෑවා මගේ...සුදු මහත්තයා කෑ ගහයිවත් කියලා මටත් එක්ක.
හිතුවෙ නෑ වඩා ගනියි කියලා...අර පුවක්පොතු ගොඩේ නටලා නාවර පෙරන් උන්න එකීව වඩා ගත්තනෙ කැත නැතිව..

........

"ඒ වඩන් ඉන්න ගමන් ඔව්වා කිව්වේ...මට තේරුනෙත් නෑ...උසට උසේ හතර රියන් වගේ...ආකහෙන් එන කැඩිච්ච වචන මේ ඉබි සයිස් මට ඇහෙයිද බං..."

......

හතර රියන්...බුදු අම්මෝ මූට තියෙන නම් ගොඩ...දිගංචියා කියනවාටත් වඩා ඒක මරු වගේ...හි හි එතකොට මට පුළුවන් දෙරියන් වෙන්න...තොල් හපන් මන් එළියට පනින්න ආපු හිනාව කා ගද්දී  එදා පඩිය උඩ එක ළඟ හිටගෙන උන්න හැටි මතක් වෙලා මගේ කන් දෙකත් එක්ක රත් උණා..හරියටම උස කීයක් වෙන්න ඇත්ද..මමම 5යි 7ක් 8ක් ඇති.. 6යි 2ක්..6 යි 4ක් වගේ..අනේ මන්දා...මොනා උණත් ඒ උස ඒ රූපෙට ගෙනාවේ ලස්සනක් විතරයි...ලස්සනත් නෙමෙ කඩවසම් කමක්..සුපිරි කඩවසම් කමක්...මමත් ආස උණේ දිගංචියායි මායි ඉද්දී වගේ මගේ පපුවට විතර උස කෙල්ලෙක්ට..ඒත් ඉතිං කොච්චර හුරු බුහුටි කෙල්ලෙක් මන් ළඟ හිටියත්,ඒ සුපර් හැන්ඩ්සම් පෙනුම කිට්ටුවෙන් යන්නවත් මට බැරි වෙයි...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now