"අතේ එල්ලෙන්න එපා චතු මල් එක හැලෙයි...."

"එකනේ අයියේ කොහෙද මෙයාට මොලේ නැනෙ.... ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්නෙ නැතුව කසාද කර ගන්න ගියාම ඔහොම තමා ඉතින්....."

සදලි එහෙම හින්ට් එකක් පාස් කරෙ මොකද චතුත් එයාගෙ වයසම එලෙවල් ලියන්න ඉන්න කෙල්ලෙක් නිසා.

"එත් සුදු අයියේ මෙයත් මේ ඉන්නෙ ඔයාගෙ අත අල්ලන්...."

"එයා අල්ලන් ඉන්නෙ මගෙ නිකම් තියෙන අතනේ ඔයා දැන් මේ අතේ එල්ලුනොත් මල් එක හැලෙයි..."

"එකනේ චතු කිව්වම අහන්න.... දැන් හොඳ ළමයා වගෙ අර පොල් තෙල් එහෙම දලා තියෙන මල්ල අරන් එන්න...."

"ඇයි සදු මේ පොල් ගෙඩියක්....."

මුනත් අව්ල් කරන් පුටුව උඩ තිබ්බ මල්ල අතට අරන් චතු ඇහුවේ මල්ල ටිකක් බර නිසා බලද්දි ඇතුලේ තිබ්බ පොල් ගෙඩිය දැකලා.

"අහ් ඔකද මේ මගෙ යාලුවෙක්ගෙ වෙඩින් එකක් තියෙනවා තව මාසෙකින්.... එයා එ කාසාදේට කැමති නැලු චතු... අම්මලා බලෙන්ලු බන්දලා දෙන්න යන්නේ.... බලන්නකෝ ඉතින්  නෙද?.... ඉතින් එයා මගෙන් ඇහුවා කසාදේ හැදි ගැවිලා පලයන් කියලා පොල් ගෙඩියක් ගහන්න පුළුවන්ද කියලා.... ඉතින් මන් හා කිව්වා.... ඉතින් එක තමා අද මන් මේ විශෙශයෙන්ම යන්නේ.... අර දෙවලෙ තියෙන පරන සමන් දෙවාලෙට ගිහින් දෙයක් හිතලා පොල් ගැහුවම එක හැබැ වෙනවලුනේ.... හරි කෝ දැන් යමුකෝ....."

සිතුක තොල් තද කරන්  හිනාව නවත්තන් හිටියේ. මොකද එයා දන්නවා සදලි වහෙන් ඔරෝ මේ කියන්නෙ එයාගෙ කසාදේ ගැන කියලා. සදලි එක්ක සිතුල ඉස්සර වෙලා යද්දි චතුත් මුන කුන්ඩ හට්ටියක් වගෙ කරන් පිටි පස්සෙන් ආවා.

"තිලිනි!!.... තිලිනි!!..."

"අහ් සදු....."

අල්ලපු ගෙදර ළඟ නැවතුන සදලි එයාගෙ යාලුවා තිලිනිට කතා කරා.

"චතු ඔය පොල් ගෙඩිය දෙන්න.... අහ් මෙක අපේ අම්මා දෙන්න කිව්වා නැන්දා ඉල්ලුවා කියලා...."

"අහ්.... ඔයලා පන්සල් යනවාද සදු....."

"ඔව් එයි අපි ගිහින් එන්නම්කෝ.... පොල් ගෙඩිය පැන්කෙක් හදන්න කියලා අම්මා කිව්වා.... අපිටත් එවන්න ඇ....."

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now