🪂🪂 Air balloon introduction 🪂🪂

Start from the beginning
                                    
කැමැති අය තව පොඩ්ඩක් හොයලා බලන්නකෝ විස්තර...බැලුන් සවාරියකට එක්කෙනෙකුට යන ගාණ ඇහුවත් ඇති උඩ යන්න ☺️☺️ 20000 කට එහා... මං කතාවත් එක්ක කියන්නම්කො කියද කියලා..විඩියෝ වල අර ගෑස් එක ගහනකොට ඇහෙන සද්දේ අහන්නකෝ...සෑහෙන්න සද්දෙන් ඇහෙනවා...බැලූන් එක ඈත එද්දී සද්දෙන් අඳුනා ගන්න පුළුවන්...

එතකොට බැලුන් යන්නෙ උදේ පාන්දර...අනික් රටවල් වලනම් කොහොමද දන්නේ නෑ..පාන්දර 5 පහුවෙලා සාමාන්‍යෙන් බැලුන් එක උස්සන්නේ...පැයකට කිට්ටුයි සවාරියක්...උපරිම 7.30 වෙද්දි බානවා...උඩට යන්න නියමිත තැනක් තිබුණත් සුළඟ වගේම අනික් තත්වයන් එක්ක බාන තැන නම් වෙනස් වෙනවා...

හොටෙල්ස් එක්ක එකතුවෙලා තමා බැලුන් සමාගම් මේ ගමන් සංවිධානේ කරන්නේ...කලින් බුක් කරන්න ඕනා...යන අයව හොටෙල්ස් වලින් පාන්දරම අරන් යනවා වාහන වලින් බැලුන් එක නංගන තැනට..එයාලට බැලුන් එක උස්සන තැන ඉඳන් සම්පූර්ණ ක්‍රියාවලිය බලන්න පුළුවන්
එතකොට බැලුන් එක යන පාර ට්‍රැක් කරන් බැලුන් සමාගමේ ස්ටාෆ් එක වගේම වාහන ගොඩබිමින් යනවා බාන තැනට...

බැලුන් එක බෑවම පොඩි පහේ සංග්‍රහයක් එක්ක ෂැම්පේන් විදුරුවක් හම්බ වෙනවා යන අයට...මේ සමහර ස්ටාෆ් නම් ප්ලාස්ටික් මේසයක් එහෙමත් අරන් යනවා ඔය වෙනුවෙන්...ඉතිං ඔය බැලුම බාන තැන අහඹුවක් නිසා වෙළක් මැද්දෙ..වගෙ උණත් වෙන්න බැරි නෑ ☺️☺️

අනික ඔය ගොඩක් විඩියෝ වල පිට රට අය යනවා වගේ මෙහෙ යන්නෙ නෑ බැලුන් 100ක් විතර එකට...10ක් විතර එකට යන වෙලාවල් තියෙනවා සෑහෙන කළාතුරකින් විශේස අවස්ථාවක..ඒ ගියත් සෑහෙන දුරක් තියන් යන්නෙ...

එතකොට බැලුන් ගොඩාක් උඩින් වගේම මේ වහලවල් වල ගෑවෙන තරම් පහතින් යන අවස්ථාත් තියෙනවා..මන් හිතන්නෙ ඒකට පරිසර තත්ව බලපානවා..ඉතිං ඒ වගේ පහතින් යද්දි ගස් ගෙවල් වයර් එහෙම මඟ ඇරලා යන එකත් ලේසි නෑ pilot කෙනෙකුට...

ඉතින් ඔය අහලා තියෙන සහ හොයා ගත්ත විස්තර ටිකක් කිව්වේ...😊😊 කතාව තේරුම් ගන්න ලේසි වෙන්න...💯 ක් හරි නැතිව ඇති.. ඒත් කතාව තේරුම් ගන්න උදව් වෙයි කියලා හිතනවා...තව පොඩි පොඩි විස්තර කතාව එක්ක කියන්නම්...

ඉතිං ඔන්න කතාව කියවලා කාට හරි බැලූන් යන්න හිතුණොත් මටත් කතා කරන්න 😁😁

ඉතිං ඔන්න කතාව කියවලා කාට හරි බැලූන් යන්න හිතුණොත් මටත් කතා කරන්න 😁😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👩‍💻 dil

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👩‍💻 dil

2023/12/28

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now