ඉතිං වතිල වැඩිහරියක් කාමරේ අස්සට වෙලා හිටියා.... එළියට ගියත් ගියේ වත්තට විතරයි.....
එයා හැමෝටම ඇගෙව්වෙ ගමේ මිනිස්සුන්ට මිශ්‍ර වෙන්න එයා අකමැතියි කියලා... ඉතිං කවුරුත් එයාට බලකලෙත් නෑ.....
මොකද වතිල කොච්චර අසරණ වුණත් එයා තාම ආඩම්බරකාරයෙක්..ඒත් වතිලට හැමදාම ගේ ඇතුලෙ ඉන්න බෑනෙ....
එයා ආවෙ ටී ස්ටේට් එක බලාගන්න මිසක් කාමරයක් ඇතුලෙ ඉන්න නෙවෙයිනෙ......ඉතින් සතියක් විතර යනකොට වතිල හිත ගල් කරගෙන හැමදේකටම මුහුණ දෙන්න හිතට ගත්තා....
එයා මුලින්ම වැඩ භාරගන්න දවසෙම තමා පහන්‍යාට ඉස්කෝලෙ යන්නත් තිබුණේ....
එදා සදුදා දවසක්.....වෙනදා වගේ දවල් වෙනකං නිදියන්න වුන්නෑ...
තාත්තටයි දූටයි දෙන්නටම වෙව්ලන සීතල අස්සෙ උදේ පාන්දර නැගිටින්න වුණා.....නිවාඩුව නිසා කම්මැලි වෙලා හිටිය දෙන්නම ටිකක් අමාරුවෙන් නැගිටලා දවස පටන් ගන්න ලෑස්ති වුණා...
මේක අලුත් ආරම්භයක්නෙ...ඉතිං දෙන්නම උනන්දුයි....
තාත්තයි දූයි දෙන්නම ලෑස්ති වෙලා ඉවර වෙලා එකම බැල්මෙන් දෙන්නම දැන් කණ්ණාඩිය දිහා බලන් ඉන්නවා...
"ඩැඩීගෙ පෙනුම නරකම නෑ.... යූ ආර් ලුකින් කූල් ඇන්ඩ් ස්මාට්..!!"
පහන්‍යා ඔලුව ඇල කරලා බලලා කළු ට්‍රවුසර් එකට ළා කොල ෂර්ට් එකක් ඇදලා කොට කොණ්ඩේ පිළිවෙලට පීරලා හිටිය වතිලට කීවා...
"යූ ආර් කූල් ටූ , ඇන්ඩ් සෝ ප්‍රිටී..."
වතිලත් සුදු පාට ස්කූල් ගවුම ඇදලා කළු පාට ලෙදර් සපත්තු දාලා නිල් ටයි එක දාලා හිටිය පහන්‍යාට කීවා...
"ඩැඩී....."
පහන්‍යාගෙ මූණ එක පාරටම කළුවර වුණු නිසා වතිල පහන්‍යා ඉස්සරහා දණ ගහගෙන පහන්‍යාගෙ නළලට කිස් එකක් දුන්නා....
"මෙකදිද ප්‍රොබ්ලම් එක ඒන්ජල්...ඩැඩීට කියන්නකො.."
"හැමදේම හරියයි නේද ඩැඩී....මට අලුත් යාළුවො මුණ ගැහෙයිනෙ නේද"
පහන්‍යා ඇහුවෙ දෙගිඩියාවෙන් වගේ... එයා ගම්බද ස්කෝලෙකට යන පලවෙනි වතාවනෙ....ඉතිං ටිකක් නොසන්සුන්....
පස්වෙනි දිගහැරුම ❄️
Start from the beginning