උරැමක්කාරයා - 18

Ξεκινήστε από την αρχή
                                    

    "ඇති මැණික."

     ටික වෙලාවකින් රන්වීර් ඔහු නවත්තල උඩට අරගෙන  අනෙක් පැත්තට හැරිල ඔහුව යට කරගෙන ඒ තොල් එක්ක සෙල්ලම් කරා.ඔහු හෙමින් හෙමින් වගීශගෙ රස තැන් අවදි කරද්දි ඒ රාත්‍රිය දෙන්නටම අමතක නොවන රාත්‍රියක් බවට පත් වුණා.

        පහුවදා උදේ වෙද්දි දෙන්නම තුරුල් වෙලා හිටියෙ  ඔක්කොම ඇදුම් ඇද වටේම වැටිල තියෙද්දි..රන්වීර් හෙමින් ඇස් ඇරල වගීශ දිහා බැලුවෙ නලලට කිස් එකක් දෙන ගමන්.

      "නැගිටපං රත්තරන් .අද නේද ඉස්සෙල්ලාම වැඩට යන්නෙ?"

       "හ්ම්ම්ම්... "

       වගීශ අනෙක් පැත්ත හැරිල නිදා ගෙන ඉන්නෙ ලැජ්ජාවට කියල රන්වීර්ට තේරුණා.

       "හේයි නැගිටිනව මල්ලි , ලැජ්ජයිද?"

       රන්වීර් වගීශ මූණ වහගෙන හිටපු පොරෝනය අයින් කරා.

    "ඒයි මට මල්ලි මල්ලි කියන්න එපා.මාත් තමුසෙගෙ වයසෙනෙ"

        වගීශ රන්වීර්ගෙ ඇගට ගොඩ වෙලා නැමිල කන හැපුව.

     "ආ.....යි ...ඊයෙ රෑ කෑව මදිද මැණික?"

       රන්වීර් මනමාල හිනාවක් දාද්දි වගීශ හිනාවෙලා ආයෙත් ඔලුව පාත් කරල ඒ රස්නෙ පපුව උඩින් තියා ගත්ත .

    "හැමදාම මං එක්ක ඉන්නවද?"
වගීශ හැඟීම්බර වුණා.

   "ඇයි මැණික, මං අවිශ්වාසද?"

     "නෑ ඉතිං මට පොඩි කාලෙ ඉදන් ආදරයක් ලැබිල නෑනෙ."

       "හ්ම්ම්..අපි හැමෝටම එක වගේ එකම කාලෙ ඕන දේවල් ලැබෙන්නෙ නෑ බං.මටත් එහෙමයි.උඹටත් එහෙමයි රත්තරං.අපි කරපු පිං පව් අනුව තමයි ලැබෙන්නෙ නොලැබෙන්නෙ.ඒකට කාටවත් වෛර කරල වැඩක් නෑ.ලැබෙන නොලැබෙන තැන්වලදී ඒ හැම එකක්ම කර්මය හින්ද කියල හිත හදා ගත්තම දුක අඩුයි ."
රන්වීර් ඔහුගෙ ඔලුව ඉබින ගමන් දාර්ශනික වුණා .

   "උබ හිතන විදියට මං හරි ආසයි මැණික "
          වගීශ කියද්දි රන්වීර් ඔහුගෙ ඔලුව ආතගෑවෙ අම්මෙක් පුතෙකුගෙ ඔලුව තියනව වාගේ.

     "අනික ඔය කතා කරන විදියට ගොඩක් ආසයි.ඒ වචනවල පිරිමිකම පිරිල තියනව බං."

උරැමක්කාරයාΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα