"මොනවටද ස්තූති කරන්නෙ ඔයා ? හිතුවෙ නෑ මොනවා වුනත් එයා මේ වගෙ කෙනෙක් වෙයි කියලා.එ්ත් මේ වෙලාවෙ සෝවුට ඔයා ඔ්නෙ."

"මට තේරෙනවා.මේ තරම් සැප සම්පත් දෙන්න බැරි වුනත් පුළුවන් උපරිමය කරන්නයි හිතන් ඉන්නෙ .මෙච්චර කල් මගෙ දරැවා ජීවත් වුනේ මිස් සුජින් නිසා.ඉතින් ස්තුති නොකර කොහොමද ? "

"මේ සල්ලි ටික තියාගන්න.ඔයාට ඔ්නෙ වෙයි."

"එපා.මං ගාව තව සල්ලි ටිකක් ...."

"පණ්ඩිත වෙන්න එපා.ප්ලීස් මේක ගන්න.මේක ඔය දෙන්නටම මගෙන් පොඩි තෑග්ගක් ."

     ගෙවුනු දවසෙ ඉන්චියොන් එයාපෝට් එකේදි සමුදෙන මොහොත එනකං ම සුජින් වගේම මිසිස් ජ්යොන් ,අන්සු ළඟින්ම හිටියෙ අැස්වල කඳුලුත් පුරවගෙන.කොයිතරම් දුකක් වේදනාවක් හිත්වල පිරිලා තිබුනත් එ් වෙද්දිත් නිදන් උන්නු සෝවුව අැහැරවන්න කාටවත් හිත දුන්නෙ නෑ.මොකද කොල්ලා හිටියෙ අඬලා අඬලා හොඳටම හෙම්බත් වෙලා.

"අනේ මගෙ කොල්ලව හොඳට බලාගන්න.කවදාවත් හිතුවෙ නෑ කෙනෙක්ගෙන් වෙන් වෙන එකේ දුක මේ වගේ කියලා.මගෙ චූටියා ."

   අවසාන වතාවට කොල්ලගෙ නළලෙ හාදුවක් තියපු සුජින් හැඬුම් තද කරන් බලන් හිටියෙ දෙන්නා නොපෙනී යනකං .
.
.
.
.
.
     ඉතින් එ් හැමදේම ඉවරයි.එ්ක හරියට නපුරැ හීනයක් වගේ.

  අන්තිමේදි සුසුමක් හෙලපු අන්සු සතුටින් උඩ පැන පැන ඉස්සරහින් දුවන් යන්න වුන සෝවු දිහා බලලා හරි ලස්සනට හිනා වුනා.

.
.
.
.
        අන්සු හිතුවෙ ප්යොන්ග්යැන්ග් වලින් ටිකක් අෑතට වෙන්න තිබුනු නෑදෑ ගෙදරක දවස් කිහිපයක් නවතින්න වුනත් ජිමින් කෙල්ල ඉස්සරහට අාවෙ නොහිතපු විදිහට.
අන්සුට පුදුම වෙන්න හේතු ගොඩක් තිබුනත් ජිමින්ට නං කිසිම දේක කුතුහලයක් තිබුනෙ නෑ.මොකද සිද්ද වුනු හැමදේම එ් වෙද්දිත් සුජින් ජිමින්ව දැනුවත් කරලා තිබුනු නිසා.

         අන්සු කෙසේ වෙතත් ජිමින්ව දැකපු මුල්ම මොහොතෙ ඉඳන් සෝවුගෙ මූණෙ හිනාව නං අඩුවක් වුනේ නෑ .

🇰🇵FREEDOM 🇰🇷Where stories live. Discover now