පසුවදනක් !!

Start from the beginning
                                    

වටපිට නොබලා ඉස්සරහම බලාගෙන කකුල් අඩි ඈතින් තිය තියා කාර් කී එක අතක ගුලි කරන් යන මේ මනුස්සයාට අනිත් අයට වඩා අසාමාන්‍ය උසක් තිබුනා..හරියටම මං ඒ උරහිස ළඟට උස වෙන්න තරම් මේ මනුස්සයා අඟල් 6 කටත් වැඩිය උස වෙද්දි කොහේදෝ ඉඳලා ආපු හාදුවක් ආයෙමත් මගෙ ඔලුව පුරා රස්තියාදු ගහන්න ගහන්න මම ආයෙමත් අර විකාර කහපාට නිසා කම්මුල් දෙකේ ඉඳන් රතු වෙන්න අරගත්තා...

ting -
එයාගෙ ෆෝන් එකට එකපාර ආපු නොටිෆිකේශන් එකකින් ඔන් උනු ඒ ලොක් ස්ක්‍රීන් එකෙත් මගෙ ෆොටෝ එකක් පසුබිම් වෙලා තියෙනවා දැකපු මට අද දවසෙ දහවෙනි වතාවටත් එයාගෙ ආදරෙන් එන මැයි මාර සුවඳ දැනුන නිසා ...ඒක විඳගන්න උවමනාව දරන්නම බැරි තැන තප්පර ගානකට ඇස් පියාගත්තා..

_____________
....

උත්සවේ ඉවර වෙලා ආපිට රැහැනා එක්කම ගෙදර යන්නද , එහෙම නැත්තන් එයා එක්ක ටිකක් කතා කරන්නද කියලා හිතන ගමන් මම ෆෝන් එක අතේ තියන් තියෙටර් එකෙන් එයා පස්සෙම එලියට අතරෙ බර කල්පනාව පිට එද්දි එයා එකපාර හැරිලා කියපු කතාව මට තේරුම් අරගන්නත් ටිකක් වෙලා ගියා...

"" අරෙහෙ යනවද , මෙහෙ යනවද !? හිතනවට වඩා උඹ යන තැන් ගැන තීරණය කරන්න .. , උත්තරට අයිතිකාරයෙක් ඉන්නවා කියන එක ගැන හිතුවොත් නරකද ?! ""

මගෙ මූනට නැවිලා රහසින් උනත් ගැඹුරින් කියපු ඒ වචන ටිකට ආයෙම හිරිවැටුනු මම එයා කියපු කතාව ගැන ආයෙ ආයෙ හිතන ගමන් , බිම බලාගෙන ෆෝන් එක අතේ තදකරගන්නකොට ,

"" උඹට අද ගෙදර අකැපයි .. ""

මගෙ මූණ ළඟම කොඳුරපු එයා ආයෙම හැරෙද්දි , ඒ වචනවලට අහේතුකවම අවනත උන මමත් අද එන්න වෙන්නෙ නැහැ කියන්න රැහැනාව ඩයල් කලා ....

__________________________

වැව රවුමෙන් කාර් එක උඩ අතුරු පාරකට දාපු එයා මම ජීවිතේට නොගිහින් තිබුනු දිහාවකට මාව අරගෙන යනවා...වටපිටාවෙ පේන අමුතු කොල පාට ගැන පුදුම වෙන ගමන් පාර දෙපැත්තෙ තියෙන කඳ මහත ලොකු අතු විහිදුන ගස් දිහා ඇස් ත් ලොකු කරගෙන බලනකොට එයා කිසි ගානක් නැතුව ඔහේ ඩ්‍රයිව් කරනවා...

(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Where stories live. Discover now