"අනේ මගෙ සුදු අයියේ.... මන් මේ ඔයා එනකම් බලන් හිටියේ...."

කව්ශි බොරුවටත් එක්ක කොමල පාන ගමන් ගිහින් බෙබි හාමුගෙ අතෙ එල්ලුනෙ. එයා දැන් මේ කරන්න යන වැඩෙ ගෙදර ඉන්න එයාගෙ නැන්දම්මා නිසාම හොදට රගපාන් කරන් යන්න පුළුවන් කියලා දන්න නිසා. කව්ශිට එක පාරට මෙ මොකද උනේ කියලා බෙබි හාමු බලන් හිටියෙ ඇහි බැමකුත් උස්සන ගමන්.

"තනු බබි කවුද මෙයා...."

"බබි?.... ඇයි සුදු අයියේ මෙයා ඔයාට බබි කියන්නේ...."

"අහ් මේ මගෙ යාලුවෙක්...."

"යාලුවෙක්නම් බබි කියලා මෙහෙම අතේ එල්ලිලා ඉන්න ඔනි නැනෙ අනේ.... එකත් මේ ඔයාගෙ අනාගත වයිෆ් ඉස්සරහා..."

"වයිෆ්?... තනු මොනවාද මේ ගර්ල් මේ කියන්නේ....."

"අහ් ශෙනාන් මේ කව්ශි.... මගෙ නැන්දා කෙනෙක්ගෙ දුවෙක්..."

"නැන්දා කෙනෙක්ගෙ දුවෙක් කියන්නෙ.... ඇයි ඔයාට බැරි ඔයා මැරී ඉන්න කෙනා කියන්න සුදු අයියේ....."

"මොනවද බන් මේ කරන්නේ...."

කව්ශි දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න ශෙනාන්ට ගොන් හිනාවක් දැම්ම බෙබි හාමු කව්ශිගෙ කනට ලන් වෙලා එහෙම ඇහුවේ කව්ශි මේ හැසිරෙන විදිහ ඇත්තටම එයා බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි නිසා.

"උබව මන් පස්සෙ වෙලාවක අල්ල ගන්නම්කෝ සුදු අයියේ... වෙලාවට මන් දැක්කෙ මෙකා ඔයාගෙ ඇගෙ එල්ලිලා ඉන්නවා... සිතුක අයියා දැක්කනම් තමුසෙ ඉවරයි...."

බෙබි හාමුගෙ කනට ලන් වෙලා එහෙම කිව්ව කව්ශි. ශෙනාන් අල්ලන් හිටිය බෙබි හාමුගෙ අනිත් අතත් ඇදලා අරන් එයාගෙ ඉන වටෙ අත් දෙක පටල ගත්තේ. ශෙනාන්ගෙ මුන තරහින් රතු කරන ගමන්. හැබැයි බෙබි හාමුට එක ගානක් ගියේ නැත්තෙ කව්ශි කිව්ව දෙත් එක්ක මතක් උන දෙයක් නිසා. එ සිතුක එයාව දලා යන්න ගියපු එක. එතකොට තමා මතක් උනේ එයා සිතුක ඉස්සරහ ශෙනන්ව බදා ගත්තා නෙද කියලා. ඉතින් බෙබි හාමු කව්ශිවත් අත ඇරලා ආය දුවලා යන්න ගියෙ කාර් එක ලගට. එත් ශෙනන් බෙබි හාමුගෙ අතින් අල්ලන් එ මුන දිහා බලන් හිටියේ මොකද උනේ අහන්න.

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now