🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

දකුණු කොරියාව
සෝල් .

    සෝවු එක්ක දවසෙ ප්ලෑන් කරගත්තු වැඩ එකක්වත් කරගන්න බැරි වෙයි කියලා හිතුවට එදා දවසෙ වැඩ හිතුවටත් වඩා සක්සස්ෆුල් විදිහට ඉවර කරගන්න කොල්ලට පුළුවන් වුනා.

   එකක් ඉවරවෙන්න එකක් කරන්න වුනු මීටින් එක්ක ජොංකුක් සෝවු ව ළඟින්ම තියාගෙන හිටියත් කොල්ලගෙන් එ් වැඩවලට කිසිම බාධාවක් වුනේ නෑ.

එ්ත්........

ඉර බැහැගෙන යන වෙලාව වෙද්දි නං කොල්ලගෙ ඉවසීමේ සීමාව ටිකක් පන්නන ගමනුයි තිබුනෙ .

    පැයක විතර වෙලේ ඉඳන් බඩේ පනුවො නිතර නිතර  බොක්සින් ගහන්න ගද්දි කොල්ලා මීටින් රෑම් එකේ කොනකට ගිහින් රහසින් තමන්ගෙ බඩට අැඟිල්ලත් දික් කරන ගමන් කිව්වෙ මේ වගේ දෙයක්.

"මේ ...ඔවා සද්ද නැතුව ඉන්න හරිද ? ගුටි දෙනෝ දැන් ! "

   සෝවුගෙ මේ හැසිරීම දෙතුන් පාරක් ම ජොංකුක්ගෙ අැස්වලට අහු වෙලා තිබුනත් කොල්ලා එ්ක ගනන් නොගෙන දිගටම මීටින් එක අරන් ගියා.එ්ත් මොන විදිහට උත්සහ කලත් සෝවුගෙ බඩේ සද්දෙ නං නැවතුනේ නෑ.

      එ් වෙද්දි නං කොල්ලා හිටියෙ හොඳටම බඩගින්නෙ.දෙතුන් පාරක්ම එ් බව ජොංකුක්ට අඟවන්න ගියත් වැඩේ සාර්ථක වුන් නැති තැන කොල්ලා කොහොමින් හරි ට්‍රයි කරලා ජොංකුක්ගෙ කකුල් දෙක උඩට නැග ගත්තා.

"මට....බඩගිනී."

   කොල්ලා රහසින් ජොංකුක්ගෙ කනට කරලා කිව්වා.

"චුට්ටක් ඉන්නෝකෝ.හත් අවුරැද්දකින් කාලා නෑ වගේනෙ."

   එ් පාර නං සෝවුගෙ ඉවසීමේ සීමාව රතු කට්ටට පැනලයි තිබුනෙ .ජොංකුක් කලින් කිව්ව චුට්ට වෙලාවල් එ් වෙද්දිත් ගොඩක් ගත වෙලයි තිබුනෙ.

      ටිකක් වෙලා බලන් ඉද්දි සොවුට තේරැනා රහසින් මුමුණලා මේ වැඩේ හරියන්නැති බව.මොකද එ් වෙද්දි මීටින් එකේ හැමෝම කතා කලේ ඉස්සරහ තිබුනු මයික්වලින්.එකපාරම ජොංකුක්ගෙ මයික් එක තමන්ට හරව ගත්ත කොල්ලා තියන උපරිම සද්දෙ දාලා කිව්වෙ මේ වගෙ දෙයක්.

🇰🇵FREEDOM 🇰🇷Onde histórias criam vida. Descubra agora