🤍 අනේ... ඔයා හරි නරකයි අනේ🥺

🖤 ආ හරි හරි😑 යමු යමු... ඔය tap එක නම් අරින්න එපා... පිං සිද්ද වෙයි...

මින්හි අඩන්න වගේ එද්දිම රිශි නැවැත්තුවේ උදේ පාන්දර ළමයි නලවන්න බැරි නිසා ලු... රිශි කිව්වෙ නම් එහෙම තමයි මට... ඔය කිව්වාට ඇත්තම හේතුව එයාගෙ සූටි අඩනවා එයාට බලන්න බෑ... ඒකයි ඔය😁

💙 Good morning මගේ කෙල්ලො තුන්දෙනාටම😁
එන්න එන්න කාලා ඉන්න...

කෙල්ලෝ තුන් දෙනාම පුදුමෙන් වගේ ෆේත් දිහා බලාගෙන හිටියා...

💙 මොකෝ ඔහොම බලන්නෙ😐

💜️ මොකෝ අහන්නෙ... ඔන්නි එන්නෙ නැද්ද😕

💙 ආ🙂 මං මේ...

🖤 එන්න වෙන්නෙ නෑ කියලා නම් කියන්න එපා ලොකූ😏

💙 අනී🙂 මේකයි...

🖤 දැන් එන්නෙ නෑ කියලාද ඔය කියන්නෙ🤨

💙 අනී අනී... මං එන්නම්... Office එකට ගිහින් ඒ වැඩ ටික බලලා එන්නම්🙂

🖤 අනේ මේ යන්න ඔන්නි😏 ඔයා Office ගියාම කොහෙ එන්නද...

🤍 ඒක නම් ඇත්ත... ටිකකින් කෝල් කරලා කියයි අනේ පැටියෝ මට එන්න වෙන්නෙ නෑ... ඔයාලා හොදට enjoy කරන්න කියලා😒

මින්හි කටත් ඇද කර කර කියද්දි නලීට නම් හිනා...

💙 යා... සූටි🤨 ඉන්නවාද චුට්ටක් පොඩීව අවුස්සන්නෙ නැතුව....

🤍 මට කෑගහන්නෙ☹️

🖤 සූටි හරි... ඕක තමයි අන්තිමට වෙන්නෙ😠

💙 අනී අනී... එහෙම කියන්නෙ නෑ😕

🖤 ආ... ඒ කියන්නෙ වෙන මොකක් හරිද කියන්නෙ🤨 ඔයා හරි නරකයි ලොකූ... මං හැමතිස්සේම ඔයාට මෙහෙම එන්න කියන්නෙ නෑනේ... මට අද ඔයා එන එක හුගාක් වැදගත්😑 ආවේ නැත්නම් මං හිතාගන්නවා ඔයාට මාව දැන් ඕනේ නෑ කියලා😠

🤍 ඉන්න පොඩි... මාත් එනෝ☹️

එහෙම කියපු රිශි ගෙදරින් එළියට ගියා... එයා පස්සෙන් මින්හිත් ගියා...

💙 අනේ... මේ අහන්න පොඩී😑

💜️ ලොකූ... ඔයා ඉන්න... මං බලන්නම්... ඔයා free උනාම එන්නකෝ... නැත්නම් පොඩි වෙලාවකට හරි ඇවිත් යන්න එන්න🙂

JK or JJ || Birthday Special Where stories live. Discover now