17 part

133 24 0
                                    

.
.
.
.
.
.
.

" ඔයා කොහෙද යන්නෙ ටේ!!?"

ජින් සීතල කටහඬකින් ටේගෙන් ඇහුවෙ ටේහ්‍යුන්ව වෙව්ලල යද්දි.එයා දැන් මොකද්ද එයාගෙ හියුන්ට කියන්න ඕනෙ...ටේහ්‍යුන්ට කිසි දෙයක් හිතාගන්න බැරිවුනා.ඒ වගේම එයාට ඇත්ත කියන්නත් බෑ මොකද ඒක එයාගෙ හියුන්ලගෙ ජීවිතයට බලපාන්න පුළුවන්...

" හියුන්...හියුන් මේ මං....මං ආපහු යනවා"

ටේහ්‍යුන් එහෙම කියද්දි ජින්ගෙ සීතල බැල්ම ටිකෙන් ටික නැතිවෙලා ඒ මුලු මූනම පුදුමයකින් පිරෙන්න ගියෙ තප්පර ගානයි.

"ය...යනවා කියන්නෙ?! කොහෙද?"

මූණට ආරූඩ කරගත්ත බැරෑරුම් පෙනුමක් එක්ක ජින් ටේහ්‍යුන්ගෙන් ප්‍රශ්න කලා.

"ප්....පාක් මැන්ශන් එකට 😖"

"ම්....මොකක්!!😳"

ටේහ්‍යුන් කියපු දේත් එක්ක ජින්ව ගොළුවුනා.එයාට හිතාගන්න බැරිවුනා දැන් මේ එයා ඉදිරියේ වෙන හැමදෙයක්ම ඇත්තක්ද කියන එක....මේ තරන් කාලයක් වද වේදනා විදල අමාරුවෙන් බේරිලා ආපු අපායටම ටේහ්‍යුන් ආපහු තමන්ගෙ කැමැත්තෙන්ම යන්න හදනවා.


"තමුන්ට පිස්සුද ටේහ්‍යුන් ආ!!? අච්චර තමුන්ට වද දීපු මිනිහ ගාවට , ඒ අපායට ආයෙ යන්න හදන්නෙ....කියනවා ඉතින් 😤"

ජින්ගෙ තරහ සාධාරණයි.ටේහ්‍යුන්ට වුනත් ඒම හිතුන...ඒත් දැන් මේ වෙලාවෙ හැටියට මේ දේ ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලත් නෑ.


" හියුන්...මොන දේ වුනත් ඒ මං මැරි කරල ඉන්න කෙනා...මගේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා.මම ඉන්න ඕනෙ එයා ළඟ.ඒ මනුස්සය කොච්චර නපුරු දරුණු තිරිසන් මිනිහෙක් වුනත් මට ජීවත් වෙන්න වෙන්නෙ ඒ මිනිහ එක්ක හියුන්....ඒකයි මම ආපහු යන්නෙ"

" ඒ තිරිසනාගෙන් තමුන්ව බේරගන්න තමයි ජූන් වගේම අනික් අයත් මහන්සි වෙන්නෙ ටේහ්‍යුන්.ඒ මිනිස්සු ඒ විදියට කැපකිරීම් කරද්දි තමුන් මොනාද මේ කරන්න හදන්නෙ ?"


ජින්ට දැන් ඇඬෙන්නත් වගේ.ඇස්වල කදුළු නලියනවා.ටේගෙත් කම්මුල් තෙමාගෙන කදුළු ඇස්වලින් පල්ලම් බහිද්දි එයා ජින් දිහා බලාගෙන හිටියෙ හරි අසරණ  කම පිරුණ බැල්මකින්.

" හියුන් ....ප්ලීස් මාව තේරුම් ගන්න🥺 මම යන්න ඕනෙ හියුන්.බෝගම් කියන්නෙ හියුන්ල හිතන විදියෙ මිනිහෙක් නෙවෙයි.ප්ලිස් හියුන් 🥺"


ටේහ්‍යුන්ගෙ වචන වලින් උනේ ජින්ගෙ තරහ තවත් වැඩිවුන එක විතරයි.

" තමුසෙ කොහෙවත් යන්නෙ නෑ.තේරුනාද මිස්ට කිම් ටේහ්‍යුන්....දැන් වහාම යනවා තමන්ගෙ රූම් එකට..මං ආයෙ නොකිව්වයි කියන්න එපා 😤"

ජින්ගෙ වචන වෙනද තරම් සොෆ්ට් නැහැ.....ඒ වචන ගොඩක් රළුයි.ටේහ්‍යුන් එකපාරටම ගැස්සිලා ගියා..ඒත් එයා ඒක ජින්ට පෙන්නන්න ගියෙ නෑ.

" හියුන් බෝගම් දැනටමත් එයාගෙ කට්ටියක් එවල තියෙන්නෙ....මට යන්න වෙනවා හියුන්....ප්ලීස්🥺"


" ඔය මොකා ආවා උනත් මට වැඩක් නෑ.ඒ එකෙක්ටවත් මගේ මල්ලිව අරන් යන්න මං ඉඩ දෙන්නෑ 😏"

ටේට දැනුනෙ ලොකු අසරණ කමක්.එයාට මේ ගමන යන්නම ඕනෙ.නැත්තන් එයාගෙ හියුන්ලගෙ ජීවිත අනතුරේ.ඉතින් ටේහ්‍යුන්ට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.එයාගෙ හියුන්ල වෙනුවෙන් මේ දේ විතරයි එයාට කරන්න පුළුවන්.

knock knock 💥

ඒ එක්කම ඇහුනෙ කවුරුහරි දොරට තට්ටු කරන සද්දයක.ටේහ්‍යුන් වගේම ජිනුත් ටිකක් විතර බයවුනා.කවුරු වෙන්න ඇද්ද? දෙන්නගෙම හිත් වල එකම ප්‍රශ්නයක් ගොඩනැගෙද්දි එළියෙන් ඇහුන කටහඬ එයාලගෙ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නෙ ඒ දෙන්නගෙ බය තවත් වැඩි කරලයි.



" මිස්ට ටේහ්‍යුන්.තමුන් තවත් මොනාද ඇතුලට වෙලා කරන්නෙ.අපි ඉක්මනට යන්න ඕනෙ.දැනටමත් පරක්කුයි."


බෝගම් එවපු මිනිහෙක් බලන් ඉදල බැරිම තැන ටේහ්‍යුන්ව එක්කගෙන යන්න දොරකඩටම ඇවිත්.දැන් මොකද්ද කරන්නෙ? ජින් ටේ දෙන්නම මූනෙන් මූන බලාගත්තෙ කරගන්න දෙයක් හිතාගන්න බැරුවයි.

" හියුන් මම යනවා.මට සමාවෙන්න."

ටේහ්‍යුන් ආයෙම දොර පැත්තට හැරිල යන්න හැදුවත් ඒ එක්කම වගේ ජින් එයාගෙ අතේ මැණික් කටුව ළඟින් තදකරල අල්ලගත්තෙ ටේට වේදනාවක් එක් කරමින්.

" උන් හිටපුදෙන්, ඔයා කොහෙවත් යන්නෙ නෑ.මෙහෙ එනවා."

කියපු ජින් ටේහ්‍යුන්වත් ඇදගෙන ආයෙම උඩ තට්ටුවෙ ටේගෙ රූම් එකට ගියේ ටේහ්‍යුන් ජින්ගෙන් ගැලවෙන්න උත්සහ කරද්දි.

"හියුන් ප්ලීස් මේ දොර අරින්නකො.....ප්ලීස් මාව තේරුම් ගන්නකෝ....අනේ 🥺"


ජින් ටේව එයාගෙ රූම් එකට දාල ලොක් කරේ මේ වෙලාවෙ කරන්න කියල එයාගෙ ඔළුවට ආපු එකම දේ ඒක නිසා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ටේශි💗

Broken Angel (✔️)Where stories live. Discover now