__________

උදේ අව් රැලි වැටිලා මහවැලියෙ වතුර දිලිහෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උදේ අව් රැලි වැටිලා මහවැලියෙ වතුර දිලිහෙනවා...
හරියටම පේරාදෙණිය පාලම පහු කරනවත් එක්කම දැනෙන අමුතුම හීතල හුළං කාර් එකේ ශටර් එක අස්සෙන් ඇවිදීන් මගෙ
කම්මුලක් ඉඹින්න හදනවා...
.
මාර්තුව පහුවෙලා මල් පිපෙන මාසෙ පටන් ගත්තා විතරයි...ගාර්ඩ්න් එකේ උසම ගස් පේලියක්ම වැහිල ගිය කහ පාට බලල් පහුරු මල් වැල නිසා මොකද්දෝ අමුතු කහපාට හැඟීමක් පපුව අස්සට රිංගලා ආයෙම එලිබහිද්දි ,
ගලහ හන්දියෙන් ටිකක් ස්ලෝ කරන ගමන්ම යුනිවර්සිටි එක පැත්තට කාර් එක දැම්මා..

' ටසිරි !! බැනර් එකේ පත ! '

' ඕයි ඒක ගති.. '

' ඒ සිරාවට ඇයි බං උන් උඹෙ සෝලෝ එකක්ම අරන් තියෙන්නෙ ..? ' ...
රැහැනාගෙ ප්‍රශ්නවලට දෙන්න උත්තර මටවත් හිතාගන්න බැරි නිසා මම උට හිනාවෙන ගමන් පාඩුවේ ආපිට ඩ්‍රයිව් කලා..

' ඕර්ගනයිසින්ග් කමිටි එකේ කෙල්ලො බුරුත්තම අනිවාර්යයෙන් තොට වහවැටිලා ඇත්තෙ..ඔන්න බලහන් බොරුද කියලා...'

ඌ කියන ඒවට මං  වැඩිපුරම කරන්නෙ ලාවට හිනාවෙන එක විතරයි..උගෙ ප්‍රශ්නවලට උත්තර දීලා කයිවාරුවට සෙට් වෙනවට වඩා මට මේ විදීය හොඳයි...
ඒත් මම රියැලිටියෙන් finale එනකල්ම මුල ඉඳලම මාත් එක්ක හිටපු එකා ..මම ෆස්ට් වෙනකල්ම මං එක්ක සැපේදි දුකේදි ළඟ ඉඳපු එකා...යාලුවෝ කියලා මහ ගොඩක් ආශ්‍රය නොකරන මගෙ ඕන එපාකම් හොයලා බලන මගෙ එකා...එක බඩවැල කඩාගෙන නොආවත් ඌ මගෙ සහෝදරයා...ඌ එක්ක වචනෙන් නොකිව්වට ඌ එක්ක මගෙ තියෙන ලෙංගතුකමත් ඌ හොඳටම දන්නවා...
ඒත් ඌ වගේ මම කතාවට බර කෙනෙක් නෙමෙයි ..මනුස්සයා ඒක හොඳටම දැනගෙනත් මගෙත් එක්ක කතාව...
ඒත් මම දැනුත් උගෙ කතාවලට උත්තර නොදීම පුරුදු විදියට හිනාඋනා..

(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Where stories live. Discover now