"ඒ කියන්නෙ තමුසෙ අර......"

"ම්ම්ම්ම් ඔව්..... අවුරුදු 4ක් අපි ආදරෙ කරලා නිකම් ඉන්න විදිහක් නැනෙ සුදු අයියේ....."

"යකොව් උබ ඉන්නෙනම් මුකුත් නොදන්න එකි වගෙනේ....."

"මට එහෙම ඉන්න උනා... නැතුව කැමැත්තකින් ඉන්නවා නෙවෙයි....."

"හරි දැන් තමුසෙට මොකක්ද මගෙන් වෙන්න ඔනි....."

"මුකුත් එපා එලෙවල් ඉවර උන ගමන් මටයි එයාටයි ඉන්න තැනක් හොයලා දෙන්න.... එතකම් නැන්දට පෙන්න මන් එක්ක හොදින් ඉන්නවා වගෙ පෙන්නන්න.... නැත්නම් තමුසෙව වශි කර ගන්න කියලා නැන්දා එක්ක දෙවාලේ ගනේ රිංග රිංග තමයි මට ඉන්න වෙන්නෙ......"

"හොදටම ශුවර්ද ඔය තිරනේ ගැන.... අනික ඔය දෙන්නා කොහොමද ජිවත් වෙන්නෙ තනියම....."

"මට පුළුවන් එයාව බලා ගන්න..... අනික කොලෙජ් යන ගමන් පාර්ට් ටයිම් මොකක් හරි කරන්න බලනවා.... නැත්නම් එයාට ඉගෙන ගන්න කියලා මන් ජොබ් එකක් කරනවා....."

"තමුසෙ ඔච්චරටම එයාට ආදරෙයිද...."

"නැතුව මෙච්චර නැහැන්නෙ නැනෙ ඔයි ලගට ගන්න...."

"සිරාවටම මන් හිතන් හිටියා වගෙ කෙල්ල නෙවෙයි ඔයි තමුසෙ....."

"පිට කවරෙන් පොතේ අන්තර්ගතය මනින්න එපා කියන්නෙ එකනේ වලව්වේ බෙබි හාමු..... එ උනාට සිරාම දෙයක් කියන්නම්....."

"මොකක්ද....."

"තමුසේ හෙනම ගොනෙක් සුදු අයියේ....."

"ඇයි තමුසෙ එහෙම කියන්නෙ...."

"බලනවකෝ එදා තමුසෙ සිතුක අයියව බය කරපු විදිහ.... ඔහොමද ඔයි කෙනෙක්ව දැලේ දා ගන්නෙ... ශික් තමුසෙව බදින්නම කතා කරානෙ මටත්.... ඊට වඩා හොඳයි ගොනෙක් බැද ගන්නවා....."

එහෙම කියපු කව්ශි දිව්වේ බෙබි හාමුගෙ පිටට හයියෙන් ගහන ගමන්.

"මොකක්ද උබ කිව්වේ.... ඔහොම හිටපිය....."

එ දෙන්න මිදුල වටෙ හිනා වෙවි දුවන දිහා මැනිකේ බලන් හිටියේ උලුවස්සට හෙත්තු වෙන අමන්. පහුවදා බෙබි හාමු වෙද ගෙදරට ගියේ සිතුකගෙන් සමාව ගන්න හිතන්. බෙබි හාමු වෙද ගෙදර ඉස්සරහා කාර් එක නතර කරලා බහින කොට තමා දැක්කෙ තව කවුරු හරි ඇවිත් ඉන්නවා කියලා. එ නිසා දැන් යන එක හරි නැ කියලා හිතුන බෙබි හාමු ආපහු ගියේ සිතුකගෙ ආසම තැන වෙන වැව ගාවට. වැව ගාවට ගිය බෙබි හාමු රට ඉදන් අරන් ආව බියර් කැන් එකක් අරන් වැව දිහා බලන් බොන්න ගත්තා. එත් එක්ක වැව පැත්තට කවුරු හරි හිනා වෙවි එනවා ඇහුන බෙබි හාමු හැරිලා බලනකොට දැක්කෙ සිතුකගේ අතේ එල්ලිලා එන කෙල්ලෙක් වගෙම එයාගෙ නංගී සදලියි. සිතුකගෙ අත අල්ලන් එන කෙල්ල සිතුක එක්ක හිනා වෙවි කතා කර කර එනවා දැකපු බෙබි අතේ තිබ්බ බියර් කැන් එක එක උගුරට හිස් කරලා පොඩි කරලා දැම්මේ හිතට ආව තරහට. කැන් එක වැවට විසි කරන්න හදනකොට සිතුකගෙ අතේ එල්ලිලා හිටිය කෙල්ල බෙබි හාමුට කැ ගැහුවේ තරහෙන්.

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now