"හරි කියන්නකෝ එහෙනම්.... මොනවාද ඔයාට කන්න ඔනි....."

"අපි රයිස් එකක් කමුද.... සිතු ඔයා කැමති නේ....."

"ඇහ්...... හා... හා...." 

එ දෙන්නා දිහා බලන් හිටිය සිතුක කල්පනා ලොකෙන් එලියට ඇවිත් හා කිව්වේ බෙබි හාමු දිහා ලාවට කදුළු බැදුන ඇස් දෙක්කින් බලන්. සිතුක එයා දිහා බලපු විදියට ගැස්සුන බෙබි හාමු ඉක්මනට උත්තරා අල්ලන් ඉන්න එයාගෙ අත ඇදලා ගත්තා. හැබැයි සිතුක එක දැක්කෙ නැ මොකද එයා ආයෙත් හා කියලා මෙසෙ දිහා බලන් කලකල්පනා කරන්න ගත්තා. මොකද සිතුකට හෙතුවක් හිතා ගන්න බැරි දුකක් එයාට දැනුනා. සිතුකට හිතුවා කාලෙකට පස්සෙ හම්බුන එයාගෙ ක්‍රශ් එක මෙහෙම තව කොල්ලෙක් අතින් අල්ලන් ඉන්න එකට එයාට දුක හිතුනා කියලා. ඉතින් තුන්දෙනාටම ෆුල් රයිස් දෙකක් ඔඩර් කරාම ඔඩර් එක ආවට පස්සෙ තුන්දෙනාන බෙදාගෙන කන්න ගත්තා.

"බබි කෝ ආ කියන්න......" 

උත්තරා එයාගෙ ප්ලෙට් එකෙන් රයිස් හැන්දක් අරන් බෙබි හාමුගෙ කටට ලන් කරා. බෙබි හාමුත් එච්චර එ ගැන හිතන්නෙ නැතුව පුරුද්දට එක කැවා. සිතුකත් එයාගෙ පාඩුවේ ප්ලෙට් එක දිහා බලාගෙනම කැවා. ඔය අතරෙ හොටෙල් එකට ආවෙ වජිර. මොකද මෙක එයා නිතරම හයර් එන හොටෙල් එකක් ඉතින් මෙතන වජිරව දකින්න හම්බෙන එකනම් සිතුකට එච්චර පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

"අඩෝ සිතු......"

"වජිර....."

"උබ අපිටත් හොරෙන් අලුත් යාලුවෝ හොයා-......... බෙබි හාමු!!!!"

සිතුකව දැක්ක වජිර සිතුක ළඟට කතා කරන් ආවට පස්සෙ තමා දැක්කෙ එයා ඇවිත් තියෙන්නේ කාත් එක්කද කියලා.

"වජිර එන්න ඔයත් අපිත් එක්කම කමු......" එහෙම කිව්වේ සිතුක

"මම මේ......"

"අයියෝ වජිර එන්න අනෙ අපි එක්කම කමු හලෝ......."

උත්තරා එහෙම කියද්දි සිතුකට ලන් උන වජිර බෙබි හාමුට එහා පැත්තෙ ඉන්න කෙනා දැක්කෙ ඊට පස්සෙ, සිතුක ළගින්ම තිබ්බ අනිත් පුටුවේ වාඩි උන වජිර උත්තරා එක්ක කතා කරන්න ගත්තා.

"අඩෝ මේ මේ.... උත්තරා නෙද.... අඩො සිතුවෝ උබේ ක්‍රහ්හ්හ්හ්......."

වජිරට එයා කියන්න හැදුව දේ සම්පූර්ණ කරන්න උනේ නැ සිතුක වජිරව ලගට ඇදලා අරන් රයිස් හැන්දන් වජිරගෙ කටට එබුවා. එ උන දේටනම් වජිර හැන්දත් කටෙ ගහන් සිතුක දිහා බලන් හිටි හෙන ගැගිලා වගෙ. උත්තරානම් බඩ අල්ලන්න හිනා උනේ වජිර ඉන්න විදිහ දැකලා. සිතුක ආපහු වජිරගෙ කටෙ තිබ්බ හැන්ද උදුරලා අරන් කන්න ගත්තා. ඔන්න එතකොටනම් බෙබි හාමු දත් මිටි කාගෙන සිතුක දිහා බලන් හිටියා. එක ගානක් ගන්නෙ නැතුව සිතුක කන ගමන් වජිරටත් කවන්න අමතක කරෙ නැ ඉතින්.

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now