එක්සෑම් පටන් ගත්තත් හරි මම එයාව දැක්කෙ මේ සති දෙකටම එක වතාවයි !! ගිය සෙනසුරාදා  !!
සඳුදා උදේට වැටුනු එක්සෑම් නිසා ඉරිදා දවසත් පාඩම් කරගන්න තියෙන එකේ සෙනසුරාදා එක්සෑම් දවසක් නොවුන වාසනාව විඳ විඳ හොස්ටල් එකේ ඉන්න හදද්දි ,

' විසල් අදවත් යමන් '
කියාගෙන හිත ගෝරනාඩු කියනවා බැරිම තැන මමත් හිතුමතේට ගාලු මුවදොර දිහාවට යන්න ගියා.

එදත් සාමාන්‍ය වෙලාවටම ගාලු මුවදොරට ගියා උනත් , එයා එතනට එද්දි ගාලු මුවදොරට වැටෙන රෑ අඳුර මකන්න රෑ පහන් කණු පවා පත්තු වෙලා තිබුනා..
එයා එනකල් කියලා ලාවට කියපු සින්දු දෙක තුනට හිතුවට වඩා ගානක් ගිටාර් කේස් එක උඩ ඒ වෙනකොටත් තිබුනා..
.
.
.

ගිටාර් එක කේස් එකට දාගෙනත් මම බලන් හිටියා...රෑ වීදි ලාම්පු අතරින් යන එන මිනිස්සු දිහා මම එක දිගට බලන් හිටියා...
රෑ හත වෙන්න විනාඩි පහලවක් තියෙද්දිත් මම බලන් හිටියා...
ටිකකින් මං දැක්කා...
මම බලන් ඉද්දිම යකඩ කොටුවක් නැතුව බෑග් එක විතරක් එල්ලගෙන පැංචි වඩාගෙන එයා ඇවිදගෙන ආවා..කෙල්ලව ඇහැරෙයි බයටදෝ මන්දා හිමින් අඩි තියන් ඇවිදන් ආපු එයා මහන්සිය අරින්න කියලා මං උන්නු බැම්මෙම යන්තමට වාඩි උනා...

එයාගෙ ඇඳුමත් අද ටිකක් පිලිවෙලයි..මං කිව්වෙ ..., වෙනදට වඩා ටිකක් පිලිවෙලට තිබුනා..ගුරු පාට අත් කොට කමිසෙට නෝර්මල් කලිසමක් ඇඳලා බාටා දෙක දාගෙන හිටපු එයා ළඟින් අද යන්තමට බේබි කොලෝන් සුවඳකුත් දැනුනා..

වෙනදා විදියටම ආපු වෙලාවෙ ඉඳලා කිසි කතාවක් නැතුව ඔහේ ඈතක බලන් ඉන්න එයා දිහාම බලාගෙන මමත් මොකුත් නොකියාම ඒ මූනෙ ඉරියව් කියවන්න උත්සහ කරන ගමන් හිටියා..

"" පැංචි අසනීපෙන් !! ""
මගෙත් කිසි ප්‍රශ්නයක් නැතිම තැන එයා ඉස්සරහ බලාගෙනම ලාවට මුමුණද්දි ඒ මූනෙ අංශුවක් නෑරම කියවන්න උත්සහ කර කර හිටපු මම ගැස්සිලා හරි සිහියට ආවා..

මං දැක්කා..
ඒ උරහිසේ නිදාගෙන ඉන්න පුංචි කෙල්ලගෙ පුංචි ඔලු ගෙඩියෙ අතක් තියාගෙන , ඒ දිග හීනි අතැඟිලි වලින් කෙල්ලගෙ කෙස් ටික ලාවට පිරිමදිනවා..
කහ පාට චුට්ටං ගවුමක් අන්දවලා  කහ පාටම මේස් කුට්ටමක් දාලා තිබුනු පුංචි එකී හරි සනීපෙට අප්පච්චිගෙ හුරහිස උඩ මූන තියන් නින්දෙන් සැනසිල්ලෙ හුස්ම අල්ලමින් හිටියා..

(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Where stories live. Discover now