" අක්කේ.... කෝ අක්කෙ මේ කාර්  එකෙ හිටිය අය..."

"අහ් එයාලද මල්ලි...... එ කොල්ලො දෙන්න රාජි නැන්දලාගෙ ගෙදරට එක්කන් ගියා.. දෙන්නටම හොදටම තුවාලයි මගෙ හිතේ......"

මට නිකම් පොල්ලක් ගැහුවා වගෙ උනා, එයාට තුවාල වෙලාලු, අනේ මන් ඉන්න කියද්දිනෙ ආවේ, දුක් පැත්තක තියලා බැන බැන මන් ඉක්මනට රාජි නැන්දලාගෙ ගෙදරට දුවන්න ගියා, පාර දිගට ගැනු අය වට වෙලා හෙනට කියවනවා

"බිලාලුනේ ඇවිත් තියෙනවා කියන්නෙ..... ඔහෙන් ගියා මදැයි......"

"එක් කෙනෙක්ගෙ කකුලනම් කැඩිලාලු නෙද?........"

"මෙහෙම හැපුනාම කකුල් නොකැඩී තියෙයිද ඉතින්......."

"ස්කොල සර් ගේ බැනා එහෙමලුනේ.... කාර් එකෙන් ආවා කියලා කියන්නෙ......"

මේ හු#තේ ගැනු මාව තවත් බය කරනවනේ. මන් ඉක්මනට දුවලා රාජි නැන්දලා දිහාට ගියා, එයා ඉන්නවා පුටුවක ඉදඉදගෙන, දෙයියනේ එයාට ලොකු  තුවාලයක් වෙලා නැ, දැන් තමා මගෙ හිතට සැනසිමක් දැනුනේ, මන් යද්දි රාජි නැන්දගෙ දුව මිහිමි එයාට බෙහෙත් දානවා, එත් එයාට එච්චර තුවාල නැනෙ එතකොට කා ගැනද අර ගැනු කිව්වේ, බැරි වෙලාවත් විහග අයියද, දෙයියනේ මගෙ මස්සිනාට ආමාරුද දන්නෙ නැ, ඌ පෙන්නත් නැ, එකා ගැනද දන්නෙ නැ අර කිව්වේ, අනේ දෙයියනේ විහග අයියටත් මුකුත් වෙලා තියෙන්න එපා, මගෙ අක්කව දෙන්න ඉන්නෙත් ඔච්චරයි,

"දෙව්....."

"සහස්?"

"දෙව්..... ඔයාට අමාරුද කොහෙද රිදෙන්නෙ..... කොතන කොතනද තුවාල උනේ..... ඔයාලා මාව බය කරනවා අයියේ....."

"අනේ අම්මෝ සහස්......."

මම සහස් අයියා ලගට දුවලා ගිහින් මිහිමිවත් තල්ලු කරලා දලා එයාගෙ ඇග හරව හරව තුවාල උන තැන් හෙව්වා, වෙලාව ඔලුව චුට්ටක් තුවාල වෙලා අත පොඩ්ඩක් තුවාල වෙලා එච්චරයි, හවර හරව තුවාල හොයලා, මන් එපා කියද්දි ආවා කියලා මතක් වෙලා, දඩාන් ගලා දුන්නා පිට මැදට දෙකක්. මෙකා මේ අද මගෙන් ගුටි කාපු දෙවෙනි පාර. අත ශර්ට් එකත් එක්ක කැපිලා ගිහින්, බෙහෙත් දා දා හිටපු මිහිමි නංගී ඇස් ලොකු කරන් බලන් ඉන්නවා, මෙකි මොනවාද දන්නෙ නැ බලන්නෙ, මන් හිතින් එකිටත් බැන බැන ඉද්දි එත් එක්කම ගේ ඇතුලෙන් ආවේ විහග අයියා, අනේ අම්මේ ඌටත් කිසිම දෙයක් වෙලා නැ, අර එන්නෙ හිනා විගෙන පද්ද පද්ද,

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now