එයා හරි අමුතු කෙනෙක් අච්චර අර කාර් කම්පැනි එක්ක අයිතිකාරයෙක් වෙලත් කිසි ලොකුකමක් නැ මටත් පුදුමයි, කොහොමත් මන් එහෙම අයට තමා ගොඩක් කැමති,මෙයා හෙන ගුප්ත චරිතයක් වගෙ, හිතේ තියෙන්නේ මොනවද තෙරුම් ගන්න අමාරු කෙනෙක්, මොනා උනත් හොද කෙනෙක් වගේ, අපි ආපහු ගෙදර එනකොට හැමොම අපි එනකම් බලන් ඉන්නවා

"අහ්..... ඔය එන්නෙ....."

"කොහෙද බන් උබලා දෙන්නා ගියේ......."

"නැ විහග අයියේ...... ඔයාගෙ යාලුවට වැව බලන්න ආස හිතිලා...... ඉතින් මන් මේ එයාව වැව බලන්න එක්කන් ගියා.........."

"අහ්..... ඉතින් බන් වැව ලස්සනද........"

එව්ව්ව් මස්සිනා මොකක්ද ඒ කරෙ ඌ නිකම් එක ඇහුවේ කින්ඩියට වගෙ මාව ඇහෙන් පෙන්නන ගමන් දෙව්ට ඇහැක් ගහලා ඇහුවේ, අක්කා එක්ක කතා කරාට පස්සෙ මුට මනමාල කම ඔලුවට ගහලද කොහෙද.

"ම්ම්ම්ම්...... ඔව් බන් මාරම ලස්සනයි...... මන් සහස් එක්ක මල් කඩලා අපි පන්සලටත් ගියා....."

"අහ්...... මලුත් කැඩුවද......."

'එව්ව්ව් මුට මොනා වෙලාද අක්කට කියන්න ඔනි හරියට හදලා ගන්න කියලා'

"දෙව් ඔයා වැවට බැස්සද..... අනෙ සන් ඔයාට ඔවා පුරුදුත් නැනෙ......"

"නැ නැ ආන්ටි..... සහස් තමයි මට මල් කඩලා දුන්නේ........"

"එයාටනම් ඔවා කොහොමත් පුරුදුයි පුතේ...... නිතරම වවේනේ ඉන්නෙ මේ ලමායා......."

"එහෙනම් සහෙල් අපි ගිහින් එන්නම්......"

"දුව..... අම්මලාට ගිහින් කතා කරන්න......"

"පරිස්සමින් ඉන්න පැට්ටෝ......"

"එහෙනම් අපි යනවා කොල්ලො......   විහග! දෙව් එක්ක එන්න එහෙනම්......."

"හරි වැඩි........"

විහග අයියලාගේ අම්මලා ගියා අපෙ එකිගෙ නැන්දම්මා එයාට ගොඩක් ආදරෙයි වගෙ පැට්ටො කියලා කතා කරන්නෙ, සල්ලිකාර අයනේ ඉතින්, අපිටත් සල්ලි නැ කියන්නෙ නැ තාත්ති ස්කොලේ උගන්වනවා, අම්මා ඩොක්ටර් කෙනෙක් නැති බැරි කමක්නම් නැ අපිට. එ උනාට අපෙ ෆැමලි එකයි විහග අයියගෙ ෆැමලි එකක් ගොඩක් වෙනස් ෆැමලි දෙකක්.මොකද විහග අයියලාත් ඉන්න ජපන් වල, අක්කත් වෙඩින් එකෙන් පස්සෙ එහෙ යනවා, මොනා උනත් මගෙ එකිට හරියනවනම් මට එ ඇති.

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now