මං ගහන මනෝ පාරේ ඒ වගේ කෙල්ලක් වෙයන් කියල හීනෙකින්වත් මම හිතල නෑ ..
එතකොට මට ඔය සාරියි ඔය අරුංගල් ඔක්කොම ගලවලා ගිනි තියන්න හිතේවී.
වෙන්න යන්නෙ මොනවද මේ කතාව ඉවර වෙන විදිහක් මම දන්නේ නෑ.
කොහොම වුනත් මට යථාර්තයට මුහුණ දෙන්න වෙනව.
මොකද ඉතින් මම ඒකීව බැදන් මෙහෙ ගේන්නයැ
උන්ගේ පරම්පරාවේ උන් ඒකී මැරැනා කියල අවමංගල සිරිත් ටිකත් කරයි එහෙම උනොත්.
පවුලේ ගෑනියක් දෙන්නක් ගින්නකට පනී පවුලේ නම්බුව නැති උනා කියලා.
ඉතින් හොදම දේ වෙන දෙයක් වෙන්න කලින් ජීවීතෙ විදින එක ...

🕖  වේලාව - රාත්‍රී නවයයි තිස්නවයයි,මුම්බායි

හනේ හම්මෙ මම ආවා .
ඉන්දියාවට ආවා .........
මට ඒක ගැන වචනෙන් කියන්න තේරෙන්නෑ
මම ගමන හෙට උදේට කල් දාලා බුක් කරපු හොටෙල් කාමරයට ආවා ..

no 345
මැඩ්රාස් මාවත ,
ජායිපූර්,
රාජස්ථාන්

මායාගෙ address එක ..
මම ඒක දිහා බලන් ඇදට වැටිලා ඔහේ බලන් ඉදියා...
හෙට ඉතින් මම ගිහින් ගේට් එක ලග හිටගනිද්දි එයා ඉදී මම කවදාවත් හරියටම නොදැකපු ඉන්දියන් ම කෙල්ලක් වෙලා
පුදුම ත් වෙයි
ඊටපස්සේ බනියි නොකියා ආවා කියලා
එතකොට නැදෑයෝ දෙසීයක් විතර ඉන්න එයාගේ පරම්පරාවටම මාව අදුන්වල දෙයි මේ මගේ හොදම යාලුවා කියලා. මමත් හිතුනොත් සල්වාරියක් කුර්තාවක් අදිනවා.
ඊටපස්සේ ඉට්ලි චට්නි තෝසේ වඩෙ සාම්බාරැ
ම්ම්ම් මතක් වෙද්දිත් කටට කෙල උනනව...
මතක විදිහට ජායිපූර් හරි ලස්සන පැත්තක්.
මමත් මේ කාලේ බාගෙට ඉන්දියන් කෙල්ලක් වෙයි
රික්ශෝවක නැගලා කුණු අඩුවක් නැතුව තියෙන පාරවල් වල මම ආසාවෙන් යයි.
පාර අයිනෙ පොඩි කඩයකින් කිරිකෝපි එකක් බොන්නත් පුලුවන්
ඇයි කෝවිල් යන්නත් පුලුවන් නෙ ...
එතකොට එයා ලගෙ ගෙදර වටපිටාව මේ හැමදේම හරි ලස්සනට මට පෙනේවී...

එතකොට එයා ලගෙ ගෙදර වටපිටාව මේ හැමදේම හරි ලස්සනට මට පෙනේවී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The game of death Where stories live. Discover now