14 ( අවසානයට)

1.3K 130 100
                                    

" ඉතින් කියමුකෝ බලන්න කවදා ඉදලද මේ දෙන්නා අයියයි මල්ලිට එහා ගියපු දෙයක් පටන් ගත්තේ කියලා"

"ඒ ලෙවල් ඉවර කරලා..."

"ඒ වෙනකන්"

"මං කිව්වේ නෑ"

"ඔයා ?"

"ඔව්... තාත්තා"

"හ්ම්...දැන් ශාදිත පුතා මොකද කරන්න යන්නේ"

"මං කන්ටෙන්ට් ඩිසයින කෙනෙක් විදිහටම ඉන්නවා තාත්තා..ගෙදර ඉදලා"

"ඔව් ඒක නම් හොඳයි... එන්නකෝ එළියට"

උදේ කෑම කාල ඉවර වෙලා මම ආයෙම නුවර එන්න එනකොට තාත්තා අපිව නතර කරගත්තා. ඊයෙ අක්කා අම්මට කියලා තියෙන්නේ. අහන හැම දේකටම වයාන් උත්තර දෙනකොට මමත් බලාගෙන හිටියා.

"ඔයාව මට විශ්වාස නැත්තේ නෑ. ඒත් මේ සමාජෙ ගැන දන්නවා නේ.. මට පවුල ඉස්සරහට අරගෙන යන්න කෙනෙක් වත් අපෙ නම්බුව රකින්න කියන්නවත් ඕනෙ නෑ... මගෙ කොල්ලා සතුටින් ඉන්නවා නම් ඒක අපි දෙන්නටම ඇති. මොකද කොල්ලා විනාස වෙලා යන්න ගියා. අර චිත්‍ර සර් නිසා අද තැනක් හදාගෙන ඉන්නකොට ඔයත් වෙලාවට ආවා. අපි දැක්කා කොල්ලගෙ මූණෙ තිබ්බ වෙනස්කන් සේරම"

මං අහගෙන හිටියා.එළියට එක්කන් ආව තාත්තා මාත් එක්ක පාර දිගේ උඩට ඇවිදගෙන ආවා.

"ඉතිං දෙන්නම මෙහෙ රස්සාවල් නොකරන එකේ රට ගියොත් නරකද"

"මම ‍ ෆ්‍රාන්ස් වලට යනවා තාත්තා. හැබැයි උපරිම මාස හතරකට විතර පස්සේ.අඩු වෙන්නත් පුලුවන් ...       ඒත් ..මම මේක කිව්වා කියල වයාන්ට කියන්න එපා.එයාට එයා ලක්රුකට දැම්ම ආට්ස් වලින් කැනේඩියන් යුනි එකක ස්කොලශිප් එකක් හම්බුනා ඊයෙම.එයා යන්න අදිමදි කරනවා. මට කියන්න එපා කිව්වා අම්මලාට .දැන් එයාට ආව මේල් එකට එයා මොකුත් කිව්වේ නැති වුණාම ගෙදරට කෝල් කරයි..."

"ස්කොලශිප් එකක්... විශ්වාසද.. අඩු වයසින් එයාව යවන්න ඕනෙත්"

"යවනවනම්.... හොයලා බලන්න ඕනේ තාත්තා"

"ඔයා මොකද කියන්නෙ යවන්නේ නැති එක අපරාදයක් කියලා මට හිතෙන්නේ. ටික කාලෙකටනේ .. ම්ම්"

LOMEO | zhanyi - COMPLETEWhere stories live. Discover now