12

914 108 24
                                    

හුස්මක දුර කියනදේ මේ වෙනකන් කොච්චර ඇහුවත් ඒක විදිනකන්ම මම තේරුම හිතට අරගෙන තිබුනේ නෑ..වයාන්ගෙ කටින් පිටවුණ මං ආදරෙයි කියන වචන එක්ක ගැස්සුන හිත දෙගුණයෙන් තෙගුණයෙන් ගැස්සෙන්න හේතු වුනේ එයා ඇස් පියාගන්න ඕනේ හේතු කිව්වම..

ප්‍රේමවන්තයන්ගේ ප්‍රථම හාදුව... 

ඒක ලස්සනයි...

විශේෂණ පද ගානක් දාල කියන්න පුලුවන් ලස්සනක්.උපන් කොළඹවටවත් නැති ආදරයක් මේ ටිකට මගෙ හිතේ මැව්ව නුවරින් හුළඟක් කාමරේ රස්නේ යන්නෙ ඇරපු ජනේලවලින් යන්තන් එනකොට වයාන්ගෙ තොල් මගේ තොල් එක්ක අමුත් භාශාවකින් බර කතාවක්..නතර කරන පාටක් නැතිවම ඔහේ කියවනවා... මොනව වුණත් ඉහල පහළ ගිය පපුවට හුසම අමතක වෙලා අර කතාවට කන් දාගෙන ඕපාදූප හොයනවා වගේ.. ඒතරම් වශියක්..

සිත්තරෙක්ගෙන් හාද්දක්.. 

සනීප හාද්දක්...

මමමයි ඒ හාද්දට මුල පිරුවේ.. මගේ හැඟීමුයි මුලින්ම ඇවිස්සුනේ..වයාන් ඇස් ඇරියා. මගෙ අත් වලින් එයාවගෙ මගෙ පැත්තට ඇඳිලා හුස්මක දුරින් වයාන් හිනා වුණා..මම හාදු තිබ්බා මූණ පුරාවටම.. සතුටු කදුලු එන්න එපා කියලා දෙවියන්ට වැද වැද මං හාදු තිබ්බා.

" woo..every time I see you..."

"ම්ම්"

"ආයෙ මං කොහොමද අයියේ ගෙදර යන්නේ.. මට එළියට බැහැලා පාර පුරා දුවන්න හිතෙනවා."

"දුවන්න.."

".... ඒ....ඒ.. එපා.." ඇඳෙන් නැගිට්ට වයාන්ව හිනාවක් එක්කම ආයෙ හාන්සි කරවලා මං කිව්වා.

"අයියේ..ආ.."

"ඇයි.."

"ම්හ්ක්.." වයාන් මුලු ඇඳ පුරාම දඟලනවා.

"... අයියේ.."

"ඇයි බොල..ආ..හ්.." වයාන් මාව අත් දෙකෙන්ම එයාගෙ උඩට ගත්තා. ආයේ එන්න බැරිවෙන්න අත් වලිනුයි කකුල් වලිනුයි මාවා හිරකරගෙන උරහසින් නිකට තිබ්බා.. ඒ පොඩි ඉඩෙන් මට එයාගෙ උරහිසින් මගෙ මූණ තියාගන්න පුලුවන්.

"තව එකක් තියෙනවා අපි ඇස් පියාගන්න"

"මොකද්ද" මම වයාන්ගෙ බෙල්ලට හාදු තිබ්බා.

LOMEO | zhanyi - COMPLETEDove le storie prendono vita. Scoprilo ora