08

739 114 24
                                    

බඩු ගන්න හවස් වෙලා  යමුයි කියල මම නිදාගත්තා. පොර අල්ලලා අල්ලලා  වයාන් ක්ලාස් එකට ගියාම මටත් සෑහෙන වෙලාවක් නින්ද ගියා. දවල් නැගිට්ටම ඉන්න බෑ රස්නේ.මම මේ දවල් ට ගෙදර හිටියමයි  වයාන් ඉන්නෙ කොහෙද කියලා දන්නේ නැති එකේ මං පාරට ඇවිත් එදා ආව පාරෙන් ම ඇවිත්  පුස්තකාලෙට ආවා. ඒක නම් ලස්සන තැනක්, ලොකුයි..

පුස්තකාලෙ සාමජිකයෙක් වෙන්න ඕනෙ කරන ඉල්ලුම්පත්තර ටික අරගෙන මම හිතුමනාපෙට ඇවිද්දා. රෑ ට වගේ නිස්කලංක කමක් නම් ගෑවිලාවත් නෑ..

මේක දැන් පට්ට අවුව...

එහෙන් මෙහෙන් රිංගලා බින්ගෙවල් අස්සෙන් ඇවිත් අන්තිමේටෙ මං ඉන්න තැන හොයාගෙන  එනකොට වයාන් නානවා. එන වෙලාවක් වත් මට කියල ගියේ නෑනේ. මං ජනේල ඇරල වයාන් ගෙ පෑනක් අරගෙන අර ෆෝම් ටික පුරවන්න ගත්තා . මන්ත්‍රී කෙනෙක්ගෙන් අත්සනක් ඕනේ.....අහවල් එකක්ද ඒ.....
කොළඹ ඉන්නැද්දි මම හිටියේ පාසල් පුස්තකාලෙ විතරයි, මට සමාජ දැනුමක් නෑ. ඒක හිත හිතා ඉන්නකොට වයාන් වියතක් විතර ශෝටක් ඇඳගෙන ඒකට ආම් කට් ෂ'ට් එකකුත් දාගෙන එළියට ආවා.. මේක මගෙ ළඟ තිබ්බ ඇඳුමක් නෙවේ.

"කොහෙද ගියේ."

"ලයිබ්‍රරි එකට.."

"මන්ත්‍රී අත්සනක් ඕනේ නේ."

"ඔව්..කොහෙන්ද ගන්නේ."

"නගර සභාවෙ ඉන්නවා. හවස් වෙලා  බලමු.බඩු ගන්න යනකොට."

"හා...  ඔයා ගෙදර යන්න ඕනේ."

"නෑ  ඕනේ නෑ."

ආයෙ කියල වැඩක් නැති හින්දා මම ආයෙ නාන්න ගියා.රස්නෙයි නේ.. ඇඩුවට පස්සේ නම් සැනසීමයි. ඒත් හිත ඇතුලෙන් වේදනයි. නෑවම සනීපයි,ඒත් විනාඩියයි ආයෙ රස්නෙයි.. සීලින් එකේ තිබ්බ ෆෑන් එක දාගෙන ජනෙලුත් ඇරියට එන්නෙ රස්නෙ හුළං.

"මම කොළඹ යන්න ඕනේ.. මගෙ බඩු අරගෙන එනවා."

"මාත් එන්නද.."

"මාමණ්ඩි නොවී ඉන්නවා. මම ගේන්නම්"

දවල්ට කාලා  වයාන් නිදාගත්තා.මම බලන්න එයා කරපු වැඩ වගයක් තිබ්බ එකේ ඒටිකත් බලලා  මම කඩෙන් ගන්න ඕනෙ කරන බඩු ලිස්ට් එක හැදුවා  මහ ලොකු දෙයක් නම් නෑ.පුටුවක් ඕනේ.. තව පොඩි රයිස් කුකර් එකක් වත් ගන්න ඕනේ... බලනවා  සල්ලි ඉතුරු වුණොත් ගන්නවා. ලයිට් බිලයි වතුර බිලයි ගෙවන්න ඕනේ. ඒක ගෙවන්න හිඟාකන්න වෙයිද දන් නෑ.බඩු ටිකක් ලියලා  උදේ වයාන් අරගෙන ඇවිල්ලා  තිබ්බ බෑග් එක මොක්ද්ද බලන්න මම ඒක ළඟට ගත්තා.

LOMEO | zhanyi - COMPLETEWhere stories live. Discover now