10 කොටස

263 32 64
                                    

" මන් දැක්කා පොඩි බේබි බලන් ඉඳලා යනවා "

කකුලෙ අයිතිකාරයා බලහත්කාරයෙන් දොරත් ඇරන් ඇතුලට එද්දි මන් පිටිපස්සට ගිහිම් ඌට රැව්වා. තවුසෙ එක්ක කතාවක් නෑහ් මටඅ

" හනේඒඒහ් පලයන් "

" ගෙදරට ආපු මිනිස්සු ඔහොම එලවන එක වැරදියි හැබැයි "

ආපු එකා අත් දෙකත් කලිසමේ සාක්කු⁣ දෙක අස්සට දාගෙන හෙන ගැම්මෙන් ඉස්සරහට එද්දි මන් පස්සෙන් පස්සට ගිහිම් අන්තිමට ඇඳ උඩින් වාඩි උනා.

" තවුසෙ මිනිහෙක් නෙමෙයි තිරිසනෙක්නෙ "

" තිරිසන්නු එලවන්න ටිකක් අමාරු වෙයි හැබැයි "

ඌ කටකොනින් මහා බලු විදිහට හිනාවකුත් දාම් ළඟ තිබුණු පුටුවත් ඇඳ ගාවට ඇදගෙන වාඩිවෙද්දි මන් ඌට රවලා හිතිම් දෙහි කපන්න ගත්තා.

අනේඒහ් නටපන් ලිතිරු පුතේ. මන් සිරාවටම හෙන හිතේ අමාරුවෙන් ඉන්නෙ. මන් ඊයෙ සෑහෙන්න කල්පනා කරා මුගෙ වෙනස්වීමට හේතුව. නිරීක්ෂණ අනුව මන් ලබාගත්ත එකම නිගමනේ තමා මූ සෙනීට ලව් කියනෙක. ඉතිම් ඒකි මට හාර්ට් ඇඳලා එවපු නිසා මූට ඉරිසියයි. තව මූ බයයි ඒකියි මායි පවුල් කයි කියලා. ඒ නිසා මූ මගෙන් පළිගම්නවා. එච්චරයි!!

ලිතිරුවා කරන තරමක් මට කරන්නෙ වෙනස්කම්මයි. මුගෙ වෙනස්කම් විඳදරාගෙන මූත් එක්කම ඉන්නවට මට මොකක්හරි තෑග්ගක් දෙන්නෝනිහ් හරිනම්. ඇයි යකෝහ්

කොහොමහරි ලිතිරුවටයි මටයි පැය විසිහතරකට වඩා තරහාවෙලා ඉන්න බෑහ් ඒක ඇත්ත. ඒත් මුගෙ පෙර වැරදි ගොඩක් තියෙන නිසා මට ඕන්නෑහ් හෙන ලේසියෙන් සමාව දීලා මූත් එක්ක කතාකරන්න. එතකොට මූ කවදාවත් පාඩමක් ඉගෙන ගන්නෑහ්.

හැබැයි ලිතිරුවා මාව හොයම් ආපු එකට හිත යටින් පොඩි කැමැත්තක් වගේ එකකුත් නොතිබ්බා කියන්න බෑහ්. මූ මාව හොයම් ගෙදරටම ආවා කියන්නෙ සුදාත්තිට මම් නැති අඩුව තදින්ම දැනිලත කොහෙත. දෙයියනේ දෙයියනේහ්. සුදාම්මි ආදරෙයි හරිතහ්

කොහොමහරි මන් දැඩි තීරණයක හිටියෙ ඌත් එක්ක මේ පාර ලේසියෙන් යාළුවෙන්නෑහ් කියලා. හොඳම යාළුවට වඩා ගෑනුන්ව ලොකු කරගත්ත මූකලන් බස්සා.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞जहाँ कहानियाँ रहती हैं। अभी खोजें