05

864 116 16
                                    

" මට ඉන්න හිතුණා යන්නේ නැතුව තුරුලේ ඔයාගේ.."

"මාන්දමද. දැන් ඔය ගෙදර ගිහින් ද ආවේ.."

"දොර ඇරපන්කො හලෝ. නඩු කාරයා වගේ"

මම ගෙදරට යනකොට වයාන් ස්කූල් බෑග් එකත් තියාගෙන දොර ළඟම පඩියේ වාඩි වෙලා ඉන්නවා. මේ මනුස්සයා කීයට ආවද මන්දා යන්තන් පින්නකුත් යනවා. අනිත් පැත්තෙන් ගත්තොත් දැන් නිදාගන්නේ කොහොමද . මැට් එකේ මධුසමයට ගියපු දෙන්නෙක්ට වගේ නිදාගන්න විතරයි ඉඩ තියෙන්නේ.

"මම ඇඟ සෝදන්න යනවා.."

මම කාමරේ ලයිට් දාගෙන එහෙම කියල හැරෙන්නත් කලින් වයාන් බාතෲම් එකට රිංගගෙන ලයිට් එක දාගත්තා.ග්ලාස් එකට පත්තරයක් අලවන්න වෙයි වගේ.

"ඔයා ඇවිල්ලා ගොඩක් වෙලාද."

 එයා ශෝටක් ගහගෙන එළියට ආවත් එක්කම මම මගෙ අනු ප්‍රධාන ප්‍රශ්නයක් ඇහුවා.

"නෑ නෑ... මම නවයට වගේ ආවෙ..මේකෙ ලයිට් එක නැති නිසා මම ශොප් එක ළඟට ඇවිත් බලනකොට ඔයා හිටියා.. ඊට පස්සේ පොඩ්ඩක් රෝන්දෙ ගහලා වැස්ස නිසා මෙහෙට ආවා..ඔයා හෝදන් එන්න.කෑම ගෙනාවා."

"අම්.."

"කියලා වදේ ආවේ. මේ බත් තියෙන්නේ.. මම හොරෙන් ආව නම් ගේන්නේ නූඩ්ල්ස් පැකැට් දෙකක්.."

මම ඇඟ සෝදන්න ආවා.. කන එක කෑව කියමුකෝ, නිදාගන්නෙ කොහොමද දෙයියනේ. මට කොළඹ ගිහින් මගේ බඩු අරගෙන එන්නත් හිතෙනවා.ඒත් ඇඳක් ගේන්න බෑ. කොහොමත් මම පැනලා ආවා කියන්න බෑ නේ,පැනල යනවා කියල කියල ආවේ. මගෙ බඩු ගෙනාවනම් මට බෑන්ක් කාඩ් එක අරන් එන්න පුලුවන් නේ.ගියපු දවසෙම පඩි දෙන්නේ නෑ නේ. කීයක් දෙනව ද දන්නෙත් නෑ. අඩුම වුනොත් පහලොවක් තමා.ඒ මදෑ..

"අහනවකො, මම බැලුව සමුද්‍ර එක ළඟ එළවලු මිලවල් ගහල තියෙන්නේ ඇයි කියල.ඒකෙ යට සු ප ර් මාකට් එකක් දාලා නෙහ්.."

 මම වයාන් උදේ ගෙනාව ඇඳුමක් දාගෙන එළියට එනකොට වයාන් පොතක් කියව ගමන් මගෙන් ඇහුවා.

"ඔව්.. දෙකම එක්කෙනෙක්ගෙ නෙවේ හැබැයි.ඔයා හෙට ඉස්කෝලෙ යන්නේ නැද්ද."

"යනව යනව. මම බඩු අරන් ආවේ. මට යුනිෆෝම් හතරයි හොඳද තියෙන්නෙ. ඒකෙ එකක් මම මෙහෙ තියල යනවා. මෙහෙ ඉදල  හතයි විස්සට ගියත් ඇති.ගෙදර ඉදල එනකොට 6.30ට කලින් කටුගස්තොටින් ආවෙ නැත්තන් ට්‍රැෆික් එකට අහුවෙනවා."

LOMEO | zhanyi - COMPLETEWhere stories live. Discover now