උපරිම පැය භාගයක් අපි විනෝදෙන් ඉන්න ඇති.... ඒත් විනාඩියෙන් විනාඩිය වෙලාව පහු වෙනකොට නම් මට අර කලින් දැනුනු බය ආයේ ආයෙම දැනෙන්න පටන් ගත්තා...මොකද සහස් කියන්නේ කවදාවත් වෙලාවට පිටින් වැඩ කරපු මනුස්සයෙක් එහෙම නෙවෙයි... හදිස්සියේ හරි එහෙම දෙයක් සිද්ද වුනා නම් එයා ඒ ගැන මට අනිවාරෙන්ම නොකියා ඉන්නෙත් නෑ .... ඒත් අද තත්වය වෙනස්.... මිස් කෝල් එකක් තියා ආසාවට මං දවල් දාපු මැසේජ් එකටවත් සහස්ගෙන් මට තාම රිප්ලයි එකක් ඇවිත් තිබුනේ නෑ..... ඉතිං මෙතන මොකක්මහරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මට නම් දැන් ඉර හඳ වගේ විශ්වාසයි......සහස් කොච්චර නෑ කියලා කිව්වත් මගේ හිත කිව්වේම ඒක බොරුවක් කියලා වෙනකොට මං එතනින් ටිකක් ඈතට වෙන්න හදලා තිබුණු ෆුඩ් ස්ටෝල් එක පැත්තට ඇවිත් සහස්ට කොල් එකක් ගන්න ට්‍රයි කරා....ෂිට් මෙතන පුදුම සද්දයක්නේ තියෙන්නේ........
මං කෝල් කරා.... හැබැයි පලවෙනි වතාවට සහස් මගේ කෝල් එක කට් කරලා දැම්මා.... දැන් නම් කොහොමටවත්ම මෙතන ප්‍රශ්නයක් නෑ කියලා මට හිතන්න අමාරුයි.... අනිත් එක අපි කවුරුත්ම නොදන්න ලොකු දෙයක් මෙතන සිද්ද වෙලා තියෙනවා.. ඕන දෙයක් කියලා මං ආයෙම වතාවත් සහස්ගේ නම්බර් එක ඩයල් කරන්න හැදුවත් මේ පාර නම් මට කලින් කෙනෙක් ඉස්සර වුනා .... ඒ රිතික අයියා..ස්ක්‍රීන් එකේ වැටුනු නම දැක්කත් හරි මට ඉඹේටම බැලුනේ පිස්සො ටිකක් වගේ එක රොත්තට නටන අපේ ඉස්කෝලේ ලමයි ටික දිහා වෙනකොට ආයෙම වතාවක් අර සැනසීම කියන දේ මගෙන් හුඟක් ඈතට ඉගිලිලා යන්න පටං අරගෙන තිබුනා .... මොකද හරි නම් දැන් රිතික අයියා ඉන්න ඕනේ එතන...ඒත් ඇයි මෙයා මේ වෙලාවේ මට කෝල් කරන්නෙ.... හිතේ ඇති වෙච්ච බය නිසාම මං තව එක විනාඩියක් වත් එතන නාස්ති නොකර ඒ කෝල් එක ආන්සර් කරේ හිත ඇතුලින් ලක්ෂ කෝටි වාරයක් උඩ ඉන්න දෙයියොන්ට මගෙ වේදනාව කියන ගමන්මයි....
" හෙලෝ.... හෙලෝ අයියේ..ඇහෙනවද..... "
" අහ්... මොකක්ද..... "
" අනේ බං අයියේ ඇහෙන්නේ නෑ ඕයි....."
" හෙලෝ...හෙලෝ අයියේ..... "
එයා ෆොන් එක කට් කරා...එහාපැත්තෙන් කියපු මෙලෝම මගුලක් මට නොතේරෙන කොට එකපාරටම වගේ මගේ වට්ස්ඇප් එකෙන් නොටිෆිකේෂන් එකක් පොප්අප් වෙලා මගේ ෆෝන් එක එකදිගට වයිබ්‍රේට් වෙන්න පටං ගත්තා...ඒ රිතික අයියා....
JE LEEST
~හීන~ [ONGOING]
Non-fictie"උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." "උඹට බැරි වුනාට මොකද මැණික..... මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න..."