🔥හැටහයවන සඳ🔥

Start from the beginning
                                    

ලුසිෆර්ගේ ඔලුව වැදුනද දන්නේ නෑ කොහේහරී...එයා ගිය දිහාවකදි කේක් කන්න ගිහින් එයාගේ ඔලුවටත් මන් සාස්පානෙන් රොජර්ගේ ඔලුවට ගැහුවා වගේ ප්‍රභල පහරක් එල්ල වුනාද දන්නේ නෑ...බෙහෙත් තෙල් ටිකක් මට කියලා ගාවගන්නද දන්නෙත් නෑ ආවේ....ඕන් ඕන් පරතෙරට හිතන ජාන් ආයෙම පණ ගහලා ඇවිත්....

බලන්න එපැයි ෂූයෑන්ග් අත පය විසි කර කර මොන මොනවදෝ ලුසිෆර්ට රඟපපා කියනවා...විටින් විට කින්ග් මගේ පැත්තත් බලනවා...එයාගේ ඇස්වල තිබ්බේ මට නොතේරුන බැල්මක්...කේන්තිය නම් අඩු වෙලා වගේ...ෂූයෑන්ග් මගේ වැරදි කේලම් කනේ තියනවා වගේ මගේ මිනිහා ගෙට ගොඩවුන හැටියේ...දුෂ්ට නැන්දම්මෙක් වගේමයි...මගේ පවුල දෙකඩ කරන්න එයාට ඉඩ දෙන්න බෑ....මාව එතනට ගෙන්න ගන්නයි සපත්තුවා හදන්නේ...

අනික් සේරම කොල්ලෝ බිම දණගහන් ඔලුව නවාගෙන හිටපු විදියටම ඉන්නවා...ෂූයෑන්ග් එක්ක පාටියට ඇවිත් හිටපු ඇල්ෆා මෙම්බර්ස්ලා කින්ග් එක්ක ආපු අයත් එක්ක පෙලට හිටන් හිටියා....

මන් කොන්දට අතක් තියාගෙන කේලම් කියන ෂූයෑන්ග් සහ ඒ කේලම් සාවදානව අහන් ඉන්න මගේ සැමියා ලගට ලන්වුනා....

"ෂූයෑන්ග්...මොකක්ද මේ කරන අසාධාරණ වැඩේ...මගේ මනුස්සයා ගෙට අඩිය තිබ්බා විතරයි...ඔක්කොම කේලම් ටික කියනවා...ඇයි අනේ එයාට හුස්ම ටිකක්වත් ගන්න දෙන්නේ නැත්තේ?..මගේ ඩාන්ස් එක දැකලා එයාට හිතුනේ මොනාද කියල අහන්නවත් ලැබුනේ නෑ....මේ ඔයා අඩු ගානේ මන් ඉන්න තත්වේ ගැනවත් හිතුවද ෂූ....බලන්නකෝ ලමයෙක් බඩේ තියන් ඉන්න මාව හිටවලා තියනවනේ පැය ගනන්..."

එහෙම කියන ගමන් මම හොටු හූර හූර නාට්‍යානුසාරෙන් අඬන්න ගත්තා...හොට්ටක් තිබ්බේ නෑ මන් ඇත්තට අඬපු නැති නිසා...ලුසිෆර් ඇහිබැමක් උඩට දාලා මගේ අධිරංගනය දිහා බලා ඉන්නකොට ෂූයෑන්ග් මගේ වචන අදහාගන්න බැරුව කට ඇස් ඇරගෙන ශොක් වෙලා හිටියා....මේකා කටකින්ද කතා කරන්නේ කියන එකයි එයාගේ බැල්මේ තිබුනේ....

මම එයාලා ගාවින් බිම වාඩිවුනා....දණගහගෙන හිටපු කොල්ලොත් සමහරු ශොක් වෙලා...තව සමහර එවුන් හිනාව කාගෙන ඉන්නවා මන් ඇස් අගින් දැක්කා....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now