🔥පලමු සඳ🔥

2.9K 449 288
                                    

මගේ ඇඳ ඇතිරිලි ඇතුලේ තියෙන සනීපයටම මම තවත් ඇඳේ ගුලිවුනා... මට දැනුනෙම මට කාගෙන්හරි උණුසුම් වැලඳගැනීමක් ලැබෙනවා වාගේ...ඒ තරම් සනීපයි මගේ ඇඳ...අම්මෝ සුර සැපක් තමා ගුලිවෙලා නිදාගන්න තියෙන එක...ගෙදර තියෙන එකම සැප ඒක විතරයි මට...

ඇඳෙන් බහින එක තමා මට හැමදාම උදේට තියෙන ලොකුම අභියෝගය...ඒක ඒ තරම් අමාරුයි...මට උදේ පාන්දර ජනේලෙන් දැනෙන හිරිගඩු පිපෙන සීතල සුලඟ තරම් එපා කරපු තවත් දෙයක් නෑ...මට නින්ද යන්නේ මහ පාන්දර..ඒ මදිවට මට ලැබෙන පොඩි නින්දත් කැඩෙනවා මඟුල් සීතල නිසා.....මම පව් නේද???....

මට කවදාවත් ගෙදර සනීපෙට නින්ද යන්නෙම නැති තරම්...මට හිතාගන්න බෑ අනික් අයට සැපට තමන්ගේ ගෙදර නින්ද යන්නේ කොහොමද කියන එක...මට රෑ නින්දට යනකොට අනන්ත අප්‍රමාණ දේවල් හිතෙනවා....මම කොහොමත් මගේ වටපිටාව ගැන සැලකිලිමත් කමින් ඉන්නේ හොඳටම...

වෘක මිනිස්සු නිසා අපේ සංවේදන සෑහෙන ඉහලයි සාමාන්‍ය මිනිස්සුන්ට වඩා....කොහොමද කෙනෙක් සැපසේ නිදාගන්නේ අපි නිදාගත්තට පස්සේ වෙන්නේ මොනාද කියලා නොදැන...අපෙන් පලිගන්න ඉන්න අඳුරු සෙවනැලි වැඩට බහින්නේ ඒ වෙලාවට...ඉතින් කිසි දවසක රෑට මට තදින් නින්ද යන්නෙම නැහැ....

කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ පණ්ඩිත හැසිරීමට හේතුව සුව නින්දක් නැතිකම කියලා...කොයි වෙලේත් මම ඉන්නේ කලකිරීමෙන් එහෙමත් නැත්තම් නප්පෙට තද වෙලා කේන්තියෙන්...අධික කේන්තියෙන්....මටත් පුළුවන් ලේසියෙන්ම මොකක් හරි බොරුවක් කියන්න මගේ අමුතු ගතිගුණවලට හේතුව හැටියට.....මට හිතෙන හැටියට නම් මේ මගේ හැටි...උපන්දා ඉදන් මම මෙහෙමයි...උණු පුරුකෙ දාලාවත් බලු වලිගෙ ඇද අරින්න බෑ වගේ මගේ ගතිගුණ වෙනස් වෙයි කියල හිතන්නත් අමාරුයි...මට වෙනස් වෙන්න ඕනත් නෑ....

හොඳ හුස්මක් අරගෙන කම්මැලිකම පැත්තකට මම විසි කරලා දැම්මේ මගේ පොරවන රෙදි එක්කමයි....නිදාගෙන ඉදලා ජීවිතේ ගොඩගන්න බෑ ඒක කොච්චර කොහොම සැප දෙයක් වුනත්....ඇඳෙන් පල්ලෙහාට මගේ දිග කකුල් බිමට දැම්මේ පොලොවේ සීතල නිසා මගේ නිදිමතට හෙණයක් ගැහුවා වගේ වෙද්දී....මම ඇඳෙන් බැහැලා කාමරේ ඇවිද්දේ හද්දා වෙරිකාරයෙක් වගේ...කන්නාඩියෙන් මූණ බලන කොට මම දැක්කේ කොන්ඩේ හතර දිසාවට අවුල් වුන ඇස් ගිලුණ එහෙත් කඩවසම් බව අබමල් රේණුවකින් අඩු නැති කොලු පැටියෙක්ව....අනේ ලස්සන ජාන් කොලුවා...ඇස් කටවහක් වදින්නෙපා මේ කොල්ලට....ඔයාලා එහෙම කියන්න ඉතින්..

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now