අවසාන කොටස📖️

2.6K 552 171
                                    

උපතින්ම දෙමළ අම්මා අප්පාට දාව ඉපදුනාත් බුද්ධාගම ගැන මගේ හිතේ ලොකු පැහැදීමක් තිබුණා.. මං හරි ආසයි එයාලගෙ හාමුදුරුවෝ කියන බණ කතා අහගෙන ඉන්න.. ඒවා අහද්දී හිතට දැනෙන්නෙ ලොකු සැනසීමක්.. කවදාහරි දවසක මටත් පුලුවන්කමක් ලැබුනොත් පන්සලකට ගිහින් මලක් පූජා කරලා සුවඳ ගහන හඳුන්කූරක් බුදු සාධුට පත්තු කරන්න එදාට මං තරම් සතුටු වෙන තවත් කෙනෙක් නැති වේවි..

විශාල්ගෙ ගේ ඇතුළේ තිබුණ තරමක් ලොකු බුදු පිළිමෙට අත් දෙක එකතු කරලා වැඳපු මම ගියේ කිචන් එක හොයාගෙන..

එනකොට බූන්දි කෑවාට මොකද තවම බත් කෑවෙ නැති නිසා දැන් නම් බඩගිනියිත් වගේ.. කඩේ වෙන මුකුත් නැ කියලා සල්ලි වියදම් කරන්න ලෝබකමේ අරයා මට ලාබෙට බූන්දි අරන් දුන්නාද කවුද දන්නෙ.. ඉව් කුණුලෝබයා.. කටත් උල් කරන් මං බඩට තට්ටුවක් දැම්මා.. මේ ගෝරිල්ලාව මැරි කරලා උඹට හැමදාම බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ අයිශූ..

විශාල් මගෙන් එයාව මැරි කරන්න කැමතියි කිව්වෙ ඇත්තටම ද කියලා අහද්දී හිනා වෙලා යටි තොලත් හපාගෙන ඔලුව වනපු මං ඉක්මනට පහළට දුවගෙන ආවේ එයා මාව අල්ලගන්න හදද්දීමයි.. ඒ වෙලාවෙ මූනෙ තිබුණ මනමාල පාට.. කෝකටත් මීටරේ දුරින් ඉන්න ඕන.. අම්මා කිව්වානෙ මැරි කරන්න කලින් සීමාවක් ඇතුව ඉන්න කියලා.. ඒ උනාට එයාගෙ පපුව හරි උණුහුමයිනෙ.. මගේ යටිහිත මට ආයෙත් එහෙම කියද්දී මම මගේ ඔලුවටම ටොක්කක් ඇනගත්තා..

විකාර නොහිතා ඉන්නවා මෝඩ අයිශුවෝ..

මට ඒ හැඟීම වචන වලට හරවන්න නොතේරුණාත් මං දන්නවා මම විශාල් ළඟ ඉන්නෙ සතුටින් කියලා.. එයා ටිකෙන් ටික මගේ ජීවිතේට ලං වෙනවා.. සමහරවිට මෙච්චර දවසක් එයාව බඳින්න බෑ කියපු මටම තව අවුරුදු කීපයක් යද්දී එයා නැතුව හුස්මක්වත් ගන්න බැරිවෙයි.. කොහොමටත් මිනිස්සු කසාදෙන් බැඳෙන්නෙ සංසාරෙ ණය ගනුදෙනු පියවගන්න කියනවානෙ.. ඉතිං අපි දෙන්නාත් මේ සංසාරෙම මේ විදිහටම කවදාහරි කොහේදිහරි හම්බවෙලා ඇති.. කවුද දන්නෙ ඒ අසම්පූර්ණ කතාව සම්පූර්ණ කරගන්න අපි ආයෙ මෙහෙම මුණගැහුනාද කියලා..

"අහ්ම්.. මාමා කෑම හදනවාද.."

එයාලාගෙ ගේ විසාල උනාත් මට කිචන් එක හොයාගන්න ඒතරම් අමාරු උනේ නෑ..

මෝටාර් (Yizhan)✔Where stories live. Discover now