02...💚

336 64 7
                                    


කෑම කාපු ⁣ජන්කුක් තේහ්‍යුන් දෙන්නම අනාථ නිවාසෙ හැමෝටම සමුදීලා එතනින් පිටත් වෙන්න ජන්කුක් ගෙ කාර් එක ලගට ආවා...

ජන්කුක් ටිකක් පුදුම වෙලා ඉන්නේ...

මොකටවත් නෙවෙයි තේහ්‍යුන් යනකොට තේහ්‍යුන්ට සමුදෙන්න කව්රුත් ආවේ ඇති එකට...

ඒත් එයාට දෙයක් තේරැනා...

ඒ තේහ්‍යුන් මෙතන ඉදල තියෙන්ටන සතුටින් නෙමෙයි කියන එක...

තේහ්‍යුන්ට කා ⁣එකෙ දොර ඇරල දුන්න ජන්කුක් තේහ්‍යුන් නැග්ගට පස්සේ දොර වහල ගිහින් ඩ්‍රයිවින්ග් ශීට් එකෙන් ඉදගෙන කා එක ස්ටාර්ට් කලේ බූසාන් වල තියෙන එයාගෙ මැංශන් එකට යන්න...





හරියටම පැයක් ය⁣නකොට ජන්කුක් එයාගෙ මැංශන් එකට ආවා...

ගරාජ් එකෙන් කාර් එක තනර කල ජන්කුක් තේහ්‍යුන් දිහා බලනකොට තමයි. දැක්කෙ කෙලත් බේරි බේරි සැපට නිදාගෙන ඉන්න තේහ්‍යුන්ව...

ඒ දර්ශනය දැක්ක ජන්කුක්ට හිනා ගියා...

තේහ්‍යුන් එහෙම ඉන්නකොට ගොඩාක් හුරතල්

දාගෙන ඉන්න මාක්ස් එක ගලවපු ජන්කුක් කාර් එකෙන් බැහැලා තේහ්‍යුන් ගෙ පැත්තෙ දොර ඇරපු ජන්කුක් පරිස්සමෙන් තේහ්‍යුන්ව අත් අතරට ගත්තා

🐰 මේ කොල්ලා කාලා නැද්ද.. පුලුන් ගොඩක් වගේනේ

අත් අතරට ගත්ත⁣ තේහ්‍යුන්ව උස්සගෙන ගේ ඇතුලට යන ගමන් මුමුනපු ජන්කුක් කෙලින්ම ගියෙ එයාගෙ කාමරේට..

දැන් ඒක තේහ්‍යුන්ගෙත් කාමරේ...

තේහ්‍යුන්ව පරිස්සමෙන් ඇද උඩින් තියපු ජන්කුක් ඒ සිනිදු කම්මුලක හාදුවක් තවරලා ඒසී එකත් ඔන් කරගෙන කෙලින්ම ගියෙ බාත්රෑම් එකට.....


පැයක වගේ වෙලාවකින් බාත්රොබ් එකත් ඇදගෙන ෆේස් ටවල් එකකින් ඔලුව පිහදාන ගමන් කා⁣මරේට ආව ජන්කුක් දැක්කේ ඇස් දෙකත් පුලුවන් තරම් උපරිමයෙන් බෝල කරගෙන කාමරේ හැඩ බලන තේහ්‍යුන්ව

බාත්රෑම් එකෙ දොර ඇරෙන හඩට ඒ පැත්ත බලපු තේහ්‍යුන් දැක්කෙ නාල ඔලුව පිහදන ගමන් එයා දිහා බලන් ඉන්න එයාගෙ හස්බන්ඩ්ව...

🐰 බබා.. ගිහින් වොශ් එකක් දාගන්න... මම ඇදුමක් දෙන්නම් ඔයාට... ඔයාගෙ බඩු අපි ගෙනාවෙ නැති නිසා දවල් කෑම අරගෙන යමු ශොපින්ග්...

ජන්කුක් කිව්වම බිම බලාගෙනම ඇදෙන් නැගිටපු තේහ්‍යුන්  බාත්රෑම් එකට යන්න ගිහින් ආයෙ නතර උනා...

ජන්කුක් දිහා බලපු තේහ්‍යුන් අතේ ඇගිලි පටලවගෙන මොකක්හරි කියන්න ගියත් ඉට වඩා ඉක්මන් උන ජන්කුක්

🐰 බේබි⁣ට ටවල් එකක් එක්ක රොබ් එකක් මම ඇතුලෙ රැක් එකෙන් තිබ්බා...

ජන්කුක් කිව්වම ඔලුව වනපු තේහ්‍යුන් හිමිට බාත්රෑම් එකට ගිහින් දොර වහගත්තා...

ටිකකින් නාගෙන රොබ් එකත් ඇදගෙන කාමරේට ආව තේහ්‍යුන් දැක්කෙ හිස් උන කාමරේකුත් ඇද උඩ තියල තිබුන කහපාට හූඩි එකත් කළු පාට කලිසමකුත්...

ඒ ඇදුම් අතට ගත්ත තේහ්‍යුන් බාත්රෑම් එකට ගිහින් ඇදුම් මාරැ කරගෙන ආයෙ කාමරේට එනකොට දැක්කේ ⁣ඇද උඩ ඉදගෙන පෝන් එක ඔබන ජන්කුක්ව...

ඔළුව පිහදපු ටවල් එක බැල්කනි එකේ රැක් එකෙන් දාපු තේහ්‍යුන් ඇතුලට ඇවිත් ජන්කුක් දිහා බලනකොට

🐰 පහලට යමු... කෑම ලැහැස්ති... කාලා යමු අපි...

ජන්කුක් එහෙම කියල ඉස්සරවෙලා යනකොට තේහ්‍යුන් ඒ පස්සේන් වැටුනා...

💞𝑩𝒂𝒃𝒚 𝑾𝒊𝒇𝒆💞Where stories live. Discover now