01...💚

460 59 7
                                    

"තේහ්‍යුන් තමුසේ තවම ලැහැස්ති වෙනවද"

අනාථ නිවාසයේ නපුරැම පාලිකාව උන මිසිස් හොන්ග් තේහ්‍යුන් හිටපු කාමරේට ඇවිත් කෑගැහුවේ වෙලාව 8.15 වෙලත් තවම කොන්ඩේ පීරන තේහ්‍යුන්ගෙන්..

පාලිකවෙ දිහා එක පාරක් බලලා ආයෙ කන්නාඩිය දිහා බලාගත්ත තේහ්‍යුන් එහෙම්මම හිටියා...

" දියා ඔය මගුල ඉක්මනින් ලැහැස්ති කරවනවා... අර මනුස්සයා අතන බලාගෙන ඉන්නවා...8.30 වෙනකොට එතන හිටියෙ නැත්නම් අපි සේරම ඉවරයි... අනේ මන්දා ඒ මනුස්සයටත් ලස්සන කෙල්ලෙක්ව හොයාගන්නෙ නැතුව මේ අනාථ සක්කරවට්ටමට මොකට කැමති උනාද කියලා..."

මිස් හොන්ග් බැනලා බැනලා එතනින් ය⁣නකොට පහතට කරගෙන හිටපු මුහුන තේහ්‍යුන් ඉස්සුවා...

ඒ ඇස් වල කදුලු පිරිලා රතු වෙලා...

තේහ්‍යුන්ව ඉක්මනින් ලැහැස්ති කරපු දියා මල් බොකේ එකකුත් තේහ්‍යුන් අතට දීලා එයාව එක්කගෙන එලියට ආවා...

තේහ්‍යුන් බදින්නෙත් අනාථ නිවාසෙම ප්‍රධාන ශාලාවේ...

ඒක මේ වෙනකොටත් රෝස මල් වලින් හැඩ කරලා...

තේහ්‍යුන් දැක්කා එක තැනක ලස්සනට ලැහැස්ති වෙලා ඇවිත් ඉන්න පොහොසත් මහත්තයෙක්ව...

ඒ මහත්තයා කළු මාස්ක් එකක් දාගෙනයි හිටියේ..

ඒක නිසා තේහ්‍යුන් එයාගෙ මූන දැක්කෙනම් නැ

ඒත් තේහ්‍යුන් දැක්කා ඒ ඇස් තමන්ගෙ මූනෙම රැදිල තියෙනවා..

ඒ ඇස් වල අමුතු එලියක්...

හරියට විස්තර කරන්න බැරි තරම්

තේහ්‍යුන් ගිහින් ඒ මහත්තයගෙ එහා පැත්තෙන්ම හිටගෙන මල් බොකි එකත් තදින්ම අතට ගුලි කරගෙන බිම බලාගෙනම හිටියෙ ගොඩක් බයෙන්...

තේහ්‍යුන්⁣ට තේරැනා ඒ මහත්තයා තමන්ට වඩා දෙගුනයක් විතර ලොකුයි උසයි කියලා...

ටිකකින් කව්ද නෝනා කෙනෙක් ඇවිත් මොන මොනවද කියනවත් ඒ දේම අර මහත්තයත් කියනව තේහ්‍යුන්ට ඇහුනා...

" දැන් තේහ්‍යුන්ගෙ වාරය... මම කිව්වට පස්සේ කියන්න"

ඒ නෝනා කිව්වම බිම බලාගෙනම ඔලුව වනපු තේහ්‍යුන් තව තවත් මල් බොකි එක අතට තද කරගත්තා..

එයා බයවෙලා... ගොඩාක්

" තේහ්‍යුන් වන ඔබ මෙහි සිටින ජියෝන් ජනග්කුක් යන අයව ඔබගේ ස්වාමි පුරැෂයා බවටත් සැපේදි දුකේදි වගේම ⁣කරදරයකදි ඔහු සමග සිටින බව පොරොන්දු වෙනවද"

නෝනා අහනකොට බිම බලාගෙනම මදක් කල්පනා කල තේහ්‍යුන් හිමිට ඔලුව ඔසවලා නෝනා දිහා බලලා

" ම්...මම පොරොන්දු වෙනවා"

කියල බිම බලාගත්තා...

" හරි එහෙනම් දැන් දෙන්නම් මුදු මාරැ කරගන්න"

නෝනා කිව්වම සාක්කුවට අත දාපු ජනග්කුක් පෙට්ටියක් අතට අරගත්තා..

ඒකෙ තිබුනෙ දියමන්ති මුද්දක්..

තේහ්‍යුන්ගෙ අත අරගෙන එයාගෙ චූටි ඇගිල්ලට මුද්ද දාපු ජන්ගුක් ඒ අත සිපගත්තා...

"⁣තේහ්‍යුන්"

මිස් හොන්ග් දුන්න මුද්ද අතට ගත්ත තේහ්‍යුන් ඒ මුද්ද ජනග්කුක්ගෙ ලොකු ගොරෝසු අතකට දැම්මා...

" මෙතනින් වැඩ ඉවරයි මිස්ට ජියෝන්"

කිව්ව අර නෝනා එයාගෙ ෆයිල් එකත් අරගෙන එතනින් යන්න ගියේ අනාථ නිවාසයේ හැමෝමවයි එයාල දෙන්නවත් ශාලාවෙ තනි කරලා...

" මිස්ට ජියෝන්...මේ පැත්තෙන් එන්න.. කෑම මේසේ මේ පැත්තේ"

මිස් හොන්ග්ට ඔලුව වනපු ජන්කුක් තේහ්‍යුන් ගෙ අතින් අල්ලගෙන එයාගෙ පස්සෙන් ගියේ " මේ ගෑනිගෙ වදේ "
කියල හිතෙන් දෙහි කපන ගමන්

















ඇති දැන්...
බායි...
මම යනෝ...
Luv uu♥️♥️

💞𝑩𝒂𝒃𝒚 𝑾𝒊𝒇𝒆💞Where stories live. Discover now