7 වන පරිච්ඡේදය

Start from the beginning
                                    

'හ්ම්ම්....මේ...'

'ඕ කියන්න..'

'අයියෝ...මාර වැඩෙනෙ අප්පා..'

මල මගුලයි නේ..තිශේන් උදේ කිව්වනේ බාලිකාව ලගට යන්න වරෙන් කියලා.මට ඒකත් මිස් උනානේ අනේ..සැහ්ක් දැන් ඕකා මාව මරාවි..විනාසයි නේ.ඒ අස්සේ මන් දැන් කොහොමද ආද්විනුට මේක කටක් ඇරලා කියන්නෙ මන් කියන්න ආපු එක?

'ඇයි මොකද..'

'මන් උදේ තිශේන්ට පොරොන්දු උනානේ බාලිකාව ලගට එන්නම් කියලා..බලනවා දැන් මේකා මගේ කෙස් ගහේ ඉදන් හූරන් කාවී හෙට..'

'ඇයි බාලිකාව ලගට යන්නේ ??..'

'යා කෙල්ලෝ ටෝක් කරන්න නෙමේ..මොනාද මගුලකටලු.මේ එක්කෝ ඔයා යන්න ගෙදර..මන් ඒක බලලා එන්නම්.අරූ මාව තියන්නැතිවෙයි නොගියොත්..'

'හ්ම්ම්ම්....මොකද්ද කියන්න තියේ කිව්වෙ...?'

'කතා කරන්න දෙයක් තියේ නම් ලයිබ්‍රි එක ලග විතරක් හම්බෙමු..ප්‍රශ්න දාගන්න ඕන නෑනේ..'

'ඔයා කියන්නේ මට වෙන තැන් වල කතා කරන්න එපා කියලද..?'

'එහෙම නෙමෙයි ඒත්-'

'මට තේරෙනවා..ඔයා සුන් ටූ බී හෙඩ් ප්‍රිෆෙක්ට්.මොනා හරි උනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.අපෙ තාත්තාත් නිකන් ඉන්නේ නැහැනේ.ඔයාගෙ නමටත් ප්‍රශ්නයක් වෙයි ඒකනේ..?'

'ආද්විනු අහන්නකෝ....ඔයාට ඕන පොඩි කතාබහක් නිසා හැමදාටම ඈත් වෙලා ඉන්නද..?'

'හරි මට තේරෙනවා.එහෙනන් ඔයා යන්න.තිශේන් බලාගෙන ඇති'

'පරිස්සමෙන් යන්න.'

'ඔයාත්.'

එයා ටිකක් එහයින් නවත්තලා තිබුනු වාහනේට නගිද්දි මන් බස් එකක එල්ලුනේ ඉක්මනටම බාලිකාව ළගට යන්න.බාලිකාව කොණේ කැෆේ එක ලග තමයි අපි හම්බුනේ.මම එතනට යද්දිත් අදුරන අය දෙතුන් දෙනෙක් වගේම නොදන්න කෙල්ලෙකුත් හිටියා.

'බල්ලෝ මොකද පරක්කු?' තිශේන් උච්ච ස්වරයෙන් අමතද්දි මන් කරේ අත් දිග ශර්ට් එක වැලමිට ළගට නවාගෙන පුටුවට වැටුනු එක.

අස්ථාවර-❕Where stories live. Discover now