'එල බොසා..'
තිශේන් ආපහු උගේ අලි ලේන්සුවේ නූල අදින්න පටන් ගනිද්දි මන් පන්තියෙන් එලියට බැස්සා.නූල් ඇදලා ඇදලා කවදහරි මුන් නූල් කම්පැනි එකක් දාගනීද දන්නෙත් නැහැ..හිමින්සිරුවේ මැත්ස් එකෙ කොරිඩෝව දිගෙ ගිහින් ආද්විනුලගෙ පන්තියේ ජනෙලෙන් ඔලුව දැම්මේ ළමයි ඉන්නවද බලන්න.ආද්විනු නම් පන්තියේ නැහැ.අනිත් උන් සින්දු කියනවා.දැන් ඉතින් මුන්ට බොරුවට බැනලා යන්න ඕන නැත්තන් මුන් හිතනවනේ මන් ආද්විනුව හොයන්න ආවා කියලා.ආයෙ ඔතනත් පදේ හදනවා.ඇවිදින චීත්ත ටික.
'මේ උබලා සද්දේ අඩුකරගනින්.කෑගහන්නේ මෙතන ගවමඩුවක් කියල හිතාගෙනද..'
අපි කෑගහන්න ගත්තම මුන්ට එහා.ඒක වෙනම කතාවක්.එත් ඉතින් දන්නේ නැද්ද.
මෙතන නැහැ කියන්නේ අනිවාරෙන් ඇත්තේ කැන්ටිම ළග.ඒත් ඉතින් ආද්විනු කවදද කැන්ටින් ගියේ..අනූපව යවනවා මිසක.ආග්‍ර මොන ලෝකෙ ගිහින්ද මන්දා.මූට තාම ඇතිවෙලා නැද්ද දන්නේ නැහැ මට රව රවා ඉදලා..අරලිය ගහ පැත්තේ යද්දි මන් හොයපු රූපේ ඉන්නවා බංකුවේ ඉදගෙන අහස දිහා බලාගෙන.මාව දැකපු ගමන් නැගිටලා යන්න හැදුවේ.හුම් ඔයා මට වඩා කොටයි ආද්විනු.ඒනිසා මගෙන් දුවන්න කලින් චුට්ටක් ඉක්මන් වෙන්න.
'ඔහොම ඉන්නවා.කොහෙද දුවන්නේ.මරාගෙන කන්නේ නෑ ටිකක් කතා කරන්න ආවේ..'
'ඇයි එදා කතා කරපුවා මදිද...'
'ඔව් මදි නිසානේ ආවේ..මොකද තාම අත රිදෙනවද..'
'නෑ..'
තියෙන ලොකුකමට නෑ කිව්වට මන් දන්නවා තාම අත අමාරුයි කියලා.හිතලම දකුණු අත ටිකක් තදින් මිරිකුවේ මුගේ බොරුව ඔප්පු කරන්න.
'ආව්..මරන්නද හදන්නේ..'
'බලනවා තමුසෙගෙ තියෙන බොරුව ආද්විනු..මොකද ඇත්ත කිව්වා කියලා මැරෙනවද..?'
'මැරෙන කතාම කියවන්නේ මරාගන්නද ඕන..?'
'ඔව් තමුසෙව මරාගෙන මට සතුටින් ජීවත් වෙන්න..අන්න ඒක තමා ඕන..මෙන්න මෙහෙන් ඉදගන්නවා මගුල් නොකියා.උබේ ඔය කට හින්දම මට කුණුහරපමයි මතක් වෙන්නේ..'
YOU ARE READING
අස්ථාවර-❕
Non-Fictionඅස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්රී ලංකා-02 Nonfiction-48
-6 හි අවසන් කොටස.
Start from the beginning