14 part

160 28 3
                                    


.
.
.
.
.
.
.

විනාඩි විස්සකට විතර පස්සෙ යුන්මින් වගේම හොබීත් නම්ජූන්ලගෙ ගෙදරට ආවා.

"හියුන් ඇයි හදිස්සියෙම එන්න කිව්වෙ?" යුන්ගි ඇහුවෙ නම්ජූන්ලට ඉස්සරහ තිබ්බ අනික් සෝෆා එකෙන් වාඩිවෙන ගමන්.

" මට ඔයාල හැමෝටම කියන්න වැදගත් දෙයක් තියෙනවා"

"මොකද්ද ජූන්?"

" මම ටේටේව ආපහු එක්කන් ආවා."

ජූන් කියපු දේ ඇහුන සැනින් ජින් ඇර අනික් තුන්දෙනාම ඇස් ලොකු කරන් පුදුමෙන් ජූන් දිහාට හැරුනා....

" යා....ජූන් හියුන් මොනාද ඔයා මේ කියවන්නෙ ආ....."


" මං කියන්නෙ ඇත්ත ජිමින්....මම ටේටේව ආපහු එක්කගෙන ආවා."

"ඒත් ඇයි....මොකක් හරි ප්‍රශ්නයක් උනාද හියුන් ?"

" ම්ම්.....ටේටේ ආයෙ කවදාවත් බෝගම් ගාවට යන්නෑ.ඒ වගේම ටේටේ බෝගම්ගෙන් ඩිවෝස් වෙයි ළඟදිම..."

ඒක ඇහුවමනන් ජිනුත් පුදුමවුනා....මොකද එයාටවත් ජූන් මේ වගේ දෙයක් ගැන කියල තිබ්බෙ නැති හින්ද...

" ජූන් මොකද්ද ඒකෙ තේරුම?"

"ජිනී....ඔයා හිතන් හිටියෙ බෝගම් හෙන හොඳ එකෙක්....ඌ අපේ ටේව මෙච්චර කල් හොඳින් බලාගත්තා කියලනෙ....ඒක ඇත්ත නෙවෙයි ජිනී....බෝගම් කියන්නෙ අමු තිරිසනෙක් විතරයි "

බෝගම්ලගෙ ගෙදරදි සීසීටීවී චෙක් කරපු වෙලාවෙ දැකපු සමහර වීඩියෝ ක්ලිප්ස් කිපයක් නිසා ජූන් හිටියෙ බෝගම් එක්ක ලොකු කේන්තියකින්.....ඒ දේවල් මතක් වෙද්දිත් ජූන්ට ටේ ගැන දැනුනෙ ලොකු දුකක් වගේම එයා ගැනම ලොකු තරහක්...එයාලට තව ටිකක් ටේ ගැන හොයල බලන්න තිබ්බා.....ඒ හැම සිදුවීමක්ම ජූන් එතන හිටපු හැමෝටම කිව්ව....මෙච්චර කාලයක් බෝගම් ටේට කරපු දේවල් ඇහුවම යුන්ගිගෙ අත් මිටමෙලවුනා....මේ වෙලාවෙ බෝගම් එයා ඉස්සරහ හිටියනන් බෝගම්ට පනපිටින් අපාය පෙන්නන තත්වෙක තමයි යුන්ගි දැන් ඉන්නෙ....එයා විතරක් නෙවෙයි හෝසියොක් පවා ඉන්නෙ තරහින් පුපුර පුපුර.....


හැබැයි මේ දේවල් ඇහුන ජින්ට වගේම ජිමින්ට දැනුනෙ ලොකු දුකක්.....ජිමින් යුන්ගිගෙ උරහිසේ අඬද්දි ජින් නම්ජූන්ට තුරුල් වෙලා හොඳටම අඬන්න ගත්තා...


එයා ටේව බලන්න සතියට දෙපාරක්වත් ඒ මැන්ෂන් එකට යන්න ඇති....ඒත් ඒත් එයාට එයාගෙ ටේටේ මේ ගැන කිසි දෙයක් කිව්වෙ නැති එකට ජින්ට තරහක් ආවා.ඒත් එයා එයාටම බැනගත්තා එයාට තවත් ටේ ගැන හොයල බලන්න තිබ්බ කියල....

"ශ්....ජිනි මේ අහන්න....ඔයා දැන් ඔය විදියට ඇඬුවම කවුද අපේ ටේගෙ හිත හදන්නෙ ආ....ජිමින් ඔයත්...ප්ලීස් ඔය දෙන්න දැන්වත් ඔය අඩන එක නවත්තන්න...."

" ඔව් චිමී.....අඩන්න එපා...මම බලාගන්නම් ඔය බබල්ගමා ගැන....ඕකට විදවන්න වෙයි අපේ බෙයාට කරපු හැමදේටම 😡"

" යුන්ගි අපි මේ වෙලාවෙ කලබල වෙලා හරියන්නෑ....අපිට යටින් තමා ගේම ගහන්න වෙන්නෙ..ජිනී ඔයාට ජිම්න්ව පොඩ්ඩක් එක්ක යන්න පුළුවන්ද මට යුන්ගි හොබී එක්ක පොඩි දෙයක් ගැන කතාකරන්න තියෙනව​ා....."


නම්ජූන් කියද්දි ජින් ජිමිනුත් එක්කම ටේ නිදාගෙන හිටපු රූම් එකට ගියා.

.
.
.
.
.
.
.
.

.
.
.

.
.
.
"හොබ්බ​ා....මං හිතන්නෙ මේක උඹට වැදගත් වෙයි..."

නම්ජුන් දික්කරපු ෆයිල් එක ගත්ත හොබී ඒක දිගඇරල බලන්න ගත්තා.හැබැයි ෆයිල් එකේ පලවෙනි පිටුව බලපු ගමන්ම හොබී පුදුමෙන් ඇස් දෙකත් ලොකු කරන් ජූන් දිහා බැලුවෙ කියන්න දෙයක් හිතාගන්න බැරුව.....


" ජූන්....ම්...මේ😳"

" ම්ම්ම්....ඔව් හොබී....මූ තමයි මිනිහ....උඹ මෙච්චර කල් අල්ලගන්න අමාරුවෙන් හිටපු blacky වෙන කවුරුත් නෙවෙයි....ඒ තමයි බෝගම් "

.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

...............................


BLACKY 😌





💗💗

Broken Angel (✔️)Where stories live. Discover now