6 වන පරිච්ඡේදය

Start from the beginning
                                    

සෙක්ශන් හෙඩ් මැඩම් ඇවිත් අහද්දි තමයි මීටර් උනේ උන් දෙන්නා නැහැ කියලා..කැන්ටින් යනවා කියලනේ ගියේ යකෝ.

"ඔව් මැඩම් ආවා...කැන්ටින් එකට ගිහින් එන්නම් කියලා ගියේ.."

"ආ එහෙනම් එතනින් ප්‍රමෝශන් එකක් ගන්න ඇති ප්‍රින්සිපල් ඔෆිස් එකට..."

"අප්පෝ මැඩම්..තුන්කට්ටුවේ අනිත් මී හරකා මෙතනනේ..ඌවත් යවන්න තියෙන්නෙ..නැද්ද ආර්‍යන්..උබත් පලයන්..."

තිශේන් මනුල එක්ක ප්‍රින්සිපල් ඔෆිස් එකට ප්‍රමෝශන් එක ගන්න එක කිව්වා විතරයි මැත්ස් එකෙ කට්ටියත් බලාගෙන හිටපු ඒ අනගිබවනී අවස්ථාව උදා උනා.තුහාන් කට ඇරියේ උගෙ අර බෙලෙක් කතාවක් කියාගෙනමයි.මාව මඩවන්න තියේ නම් උබට ඇතිනේ..මන් බැලුවේ ආද්විනු දිහා..තුහාන් දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා.

"තුහාන්..කටවහගන්නවා.මොකද්ද ඔය කතා කරන විදිහ ආ..ඔයාලා එක ග්‍රේඩ් එකෙ නේද..ඔය කතා කරන විදිහද?..අන්ඩර් ෆිෆ්ටීන් සෙල්ලම් කරෙත් එකට නේද..?"

"ඒ ඒ කාලෙනෙ මැඩම්.."

"ඉදිරියෙදි ඔය කටවහන් ඉන්නවා නම් හොදයි තුහාන්..ළමයි මන් ඔයාලට මෙතෙන්ට එන්න කිව්වේ මේ අවුරුද්දේ යුගාභිෂේකයේ සම්පූර්ණ වැඩ ටික ඔයාලගේ අතට භාර දෙන්න තේරුනාද...?"

"..."

"සද්ද නැතුව ඉන්න එපා ළමයි...හෙඩ් ප්‍රිෆෙක්ට් ඇප්ලිකේශන්ස් දාපු අයගෙන් අපි තෝරගත්තු කෙනාවත් දැන් අනවුන්ස් කරනවා...Aryan, you are the head prefect for this year and next year.
Now, this can't be released until Yugabhishekaya, do you understand?"

"Okay Madam."

යසයි යසයි.ලබන අවුරුද්දෙත් ගාටපන්කෝ ඉස්කොලේ එහෙනම්.එලේවල් ඉවර වෙලා නිදහසේ ඉන්නම් කියලා හිතුවේ.අවුලක් නෑ මන් මේක බලාපොරොත්තු උනා රත්තරනේ..ආද්විනුගේ මූණේ ලාවට හිනාවක්.තුහාන්ලගේ සෙට් එක ඇරෙන්න අනිත් ඔක්කොමලා අත්පුඩි ගහනවා.අපේ හෙඩ් ප්‍රිෆෙක්ට් ව අනවුන්ස් කරන්න මෙහෙම සෙක්ශන් එකටම මිටීන් එකක් තියනවා.ඒත් යුගාභිෂේක එනකම් ඒක එළියට යන්න දෙන්න බැහැ.අඩුම යුගාභිෂේක දවස කියලාත් එදා උදේට මොනිම් එසෙම්බ්ලි එකෙදි තමයි කියන්නේ.මේ අවුරුද්දේ ඒක තියන්නත් පරක්කුයි.නෝමලි ජනවාරි නේ තියෙන්නේ.මම සහභාගි වන පස්වෙනි සහ අන්තිම යුගාභිෂේකය.

අස්ථාවර-❕Where stories live. Discover now