"ඔයාට මාව මතක් වෙන්නේවත් නැද්ද ඇත්තටම.."
"අත්හරින එක ලේසි උනේ නෑ මටත්..දැන් ඔහොම කතා කරන්න එපා.ඔයාට පෙනුනේ නෑ ඒකාලේ මන් ඔයා වෙනුවෙන් මැරුනු තරම්.."
"හ්ම්ම්..එදා මන් කියපු දේ පෙන්නුවා ඔයා මට දීලා තිබුනු තාවකාලික ඉඩ..."
"තාමාත් තමුසේ මාව ටෙස්ට් කරනවද ආද්විනු..."
"මන් එදා කියපු දේ ආපස්සට ගන්නවා..."
"තමුසෙ ආපස්සට ගන්නවා නම් තමුසෙගෙ වචනේ.....ආපස්සට අරගෙන දෙනවා මගේ කාලේ...."
දැන් ඒපාර මිතාශ්ම කියනවා..අපි හම්බුනු මුල්ම කාලේ වගේ.බුදුමැදුර ලගට එන හැමසැරේම එයා මට කතා කරේ මිතාශ්ම කියලා..පස්සෙ මන්ම කිව්වේ ආර්යන් කියන්න කියලා..
මට කේන්ති යන්නේ අඩුවෙන්..ඒත්...අද කාලෙකට පස්සේ ආද්විනු එක්ක කේන්ති ගියා..එයා කොහොමද එහෙම කියන්නේ..එයා ආපස්සට ගන්නවා නම් එයාගේ වචන...මගේ කාලේත් ආපහු අරගෙන දෙන්න ඕන..එයාට ලේසි ඇති..මමනේ ඒවාට මුහුණදුන්නේ.."මේකත් අහගන්නවා..තමුසේ ආපහු මේවාගේ වැඩක් කරගෙන තිබ්බොත් අන්න එදාට පස්සේ මන් ආයේ උබත් එක්ක කතා කරන්නේ නැතිවේවී...ඒක වෙන්න ඕන නම් තවත් මොනාහරි කරගනින්.."
අන්තිම වතාවට ඒ අළු ඇස් දිහා බලලා මන් එන්න ආවා..ඒ අළුපාට ඇස් වලින් කදුළු බේරෙද්දි මන් දොර වහලා කොරිඩෝව දිගේ ඇවිදගෙන යද්දි ආග්‍ර මන් පස්සෙන් ආවා.මන් ගිහින් නැවතුනෙ හොස්පිට්ල් එකෙන් එළියේ බෙන්ච් එකක..
"ආරු...."
"මොකද !"
"අහන්නේ නැද්ද මොකද්ද උනේ කියලා.."
"මොකටද අහන්නේ..අනේ ඕකාට මොනා උනත් මට මොකද ආ...මගේ කවුද.උබගේ ක්ලාස්මේට්,ටීම් එකෙ මෙම්බර් කෙනෙක්..ඒත් මගේ..අඩුම යාලුවෙක්වත් නෙමෙයි..."
"ඔහොම හැසිරෙන්න එපා බන්..."
"උබ හොදටම දන්නවා මන් ගැන...උබටත් දැන් අරූව ලොකු වෙලාද.."
"ඌ ඔහොම ඉද්දි උබට ඔහොම කරන්න පුලුවන්ද.."
"පුලුවන්..පුලුවන් නිසානේ මේ මෙහෙම කරන්නේ.."
YOU ARE READING
අස්ථාවර-❕
Non-Fictionඅස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්රී ලංකා-02 Nonfiction-48
5 වන පරිච්ඡේදය
Start from the beginning