3 වන පරිච්ඡේදය

Start from the beginning
                                    

"I can feel you Dew.අපි මොකක් හරි කරමුකෝ බන්..."

"හ්ම්ම්...."

"මගේ ඔලුවත් කැක්කුමයි බන්...දැන් මොනාද ඊළග පිරීයඩ් එක.."

"ඉංග්‍රිසි...අර ලිට් මැඩම්ගේ මළගෙදර නිසා ඉන්ග්ලිශ් මැඩම්ලා මළගෙදර ගිහින්..ඉතින් අද නැහැ.."

"කෙමෙස්ට්‍රි සරුත් ඊයේ නැද්ද.."

"නෑ..එකනේ ආර්යන්ලා ඊයේ එලියෙ හිටියේ.."

"මන් ක්ලාස් එක පැත්තට යනවා බන්..."

"මන් මොනාහරි කාලා එන්නම්..බඩගිනි බන්..කවුරුත් ක්ලාස් එකෙ නැතුව ඇති."

ඉන්ටවල් පටන් ගත්තා විතරනේ.කට්ටියම ඉතින් කැන්ටිමේ තමා.මන් පන්තියට ගිහින් දොර ළග තිබුනු අනූපගේ පුටුවෙන් ඉදගෙන නින්දක් දැම්මේ බොන්න පැනඩෝල් පෙත්තක්වත් නැති නිසා.දැන් බුක්ශොප් එක අස්සෙ රින්ගන්න බෑ..

මන් ඇහැරෙද්දි දැනුනා කවුරු හරි ලාවට ඔලුව අතගානවා.එ ස්පර්ශය..ඒක හොදට පුරුදුයි..වෙන කවුරුත් නෙමෙයි...ආරු තමයි..ඩෙස්ක් එකට ඔලුව ගහන් හිටපු මන් ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙලා බැලුවේ පන්තියෙ ලමයි ඉන්නවද කියලා.එක බල්ලෙක් නැහැ.ආරු ගේ ඇස් උඩ ගියා.මන් එකපාරම නැගිට්ටම.දොරවහලා දාලා ඇරලා තිබුනු ජනේල දෙකත් වහලා මේසෙ උඩ ඉදගෙනම හිටපු ආරුගේ කකුල් දෙක ඈත් කරලා ඒ මැද්දට ගිහින් මන් හිටගත්තේ මෙදා සැරේ එයාට පැනලා යන්න බැරි වෙන්න...

"ආද්වි--නු..."

"එපා...."

"මොකද්ද.."

"මට ඔයාට ඔයාගේ නම කියන්න බැරි නම්..ඔයා මගෙ නම කියන්නත් එපා...ඇයි වෙනසක්..වෙනදට ඔයා මගෙ නම කිව්වද.."

"මොනවද වෙනස් වෙලා නැත්තේ ආ...හැමදේම වෙනස් වෙලා ආද්විනු..ඉතින් මටත් පුලුවන් වෙනස් වෙන්න.."

"ඉර පායන එකයි බහින එකයි තවම වෙනස් වෙලා නෑනේ..අන්න එදාට ඔයා ඔය හැමදේම කියපු දේවල් ඇත්තටම වෙනස් වේවී..."

"මට යන්න දෙන්න..."

"ටිකක් ඉන්න..මන් ඔයාව මරාගෙන කන්නේ නැහැනේ...මන් අහන දේට උත්තර දෙන්න..කවදා ඉදන්ද මෙහෙම කරන්න පටන් ගත්තේ ඇයි මාව මෙහෙම මගාරින්නේ..අවුරුද්දක් නෙමෙයි දෙකක් නෙමෙයි...අට වසරෙ ඉදලා මන් ඉවසුවා එකොලහ වසරට යනකම්...අන්තිමේ..වෙන හෙනයක් කඩාපාත් උනා..පස්සෙත් අවුරුදු දෙකක් ඉවසුවා..මටත් සීමාවක් තියෙනවා...ඇයි මෙහෙම කරන්නේ...තුහාන් නිසාද..."

අස්ථාවර-❕Where stories live. Discover now