"දැන් නතර කරගන්න යාලුවා...ඕවා ඔයාටත් හරි බරයි !! "
මම මටම ඇහෙන්න හිමින් මුමුණන ගමන් සිතුවිලි මුමුණපු මගෙ හිතටම පුංචියට තට්ටු දැම්මා..

" සන්සුන් වෙන්න.. "
මම ආයෙම මිමිණුවා...

හයත් පහුවීගෙන යන ගොම්මනේ මම කොන්ක්‍රීට් බැම්ම උඩ ඉඳගෙන ඉන්නවා...රස නහර පුපුරවන්න හදන බැදපු ඉස්සො වඩ සුවඳ ඉවරයක් නැතුව නහය අස්සෙ රෝන්ද ගහනවා..
බැදපු කුකුල්ලු , මාලු , සොසේජස් එක්ක ඉස්සො !! සුවඳ පෝලිමට ඇවිත් මගෙ නාස් පොල්ල අස්සට රිංගනකොට මම ලාවට පසුපස හැරිලා බැලුවා..

කලුවර වීගෙන එන ගාලු මුවදොරම වහගන්න හදන අඳුර මකන්න තැන තැන ලයිට් එලි දැල් වෙනවා..තැන තැන එක පෙලට අටවන් ඉන්න වඩ කාරයෝ අද දවසෙ වෙළඳාම අහවර කරගන්න ඉස්සො වඩ විකුණගන්න දත කනවා..

අක්කෙ ඉස්සො වඩයක් !!

කිව්වම ගොඩෙන් අරන් ආයෙම තෙලට දාලා රත් කරලා මිරිස් හොද්දක් එක්ක පොඩියට කපාපු එලෝලු කෑලි උඩට ඉහලා දුන්නම ඒවා අරන් ගිහින් ඒකිත් යාලුවෙක් එක්ක බැම්මක ඉඳගෙන ගිලිනවා..

පෙලක් උන් ගාලු මුවදොර එන්නෙම රැල්ල පාගලා ඉස්සො වඩයක් කන්න..

මටත් හිතෙනවා ඉස්සො වඩයක් එක්ක කිරි තේකක් බඩට දාගන්න...ඒත් දැන් කන්න බෑ... ඒවගෙ සුවඳ වැදිලම බඩ පිරිලා ගිහින්...පස්සෙ කනවා..

මටම හිනා...මාත් හරියට කෙම්මුරේ අග්නි වගේ..සුවඳටත් බඩ පිරිලා..අම්මපා මෙතනත් යක්කු ඇතිද.!? නැති වෙන්න බෑ ඇති..
මටත් හෙන ආසයි යකෙක් බලාගන්න...මරණෙන් පස්සෙ ඊලඟ භවේට යාගන්න බැරුව භව දෙකක් අතර සරන ආත්මයක් මේ ඇස් දෙකෙන් බලාගන්න...කොච්චර බය හිතුනත් , ඒ ළඟට ගිහින් ඇයි උඹට ඔහොම උනේ අහන්න...කාටත් කියාගන්න බැරි උන උන් විතරක්ම දන්න උන්ගෙ කතාවක් අහලා උන්ව වැළඳගෙන උන්ගෙ පපුවට හීනියට සහනයක් දැනෙන්න උන් වෙනුවෙන් සින්දුවක් මුමුණන්න...

දියඹින් එන ඇඟ හිරිවට්ටන හුළං පාරක් මගෙ කම්මුලේ පටන් හිරි ගඩු පුප්පවද්දි,
ඈතින් මුහුදෙ ගිලීගෙන යන ගිනි බෝලෙ ලස්සන අහුවෙන විදියට මම ෆෝන් එකේ කැමරා එක අල්ලගෙන ලාවට සින්දුවක් මිමිණුවා....

(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Where stories live. Discover now