2

105 27 13
                                    

හා පැටියව එලියට අරගෙන තමන්ගේ ඔඩොක්කුවෙන් තියාගත්ත ලිලී වේදනාවෙන් එයාදිහා බලන් හිටියා . ගැහෙන ඒ චූටි ශරීරෙ දැක්කම ලිලීගේ හිත දහස් වාරයක් පෑරෙන්න අඇති නේද

" ඉතින් පැටියෝ මන් ඔයාට බනී කියන්නම් "

එහෙම කියපු කෙල්ල වීඩියෝ බල බල බනීට බෙහෙත් කරන්න ගත්තා . මොකද කෙල්ලට තේරුමක් නෑ මෙ කෙමිකල් තුවාල වලට මොනා කරන්නද කියලා . බෙහෙත් ගන්න අරන් යන්නත් බෑ නේ . කොහොමද මෙහෙම උනේ කිව්වම කෝ ලිලීට දෙන්න උත්තරයක් . ඉතින් එයා තනියෙම බනීට බෙහෙත් කරා

"මගේ බනීට සිදෙනවද "

කදුලු පුරවගෙන හා පැන්චා දිහා බලන් හිටපු ලිලී couch එකේම ඇල උනා . අර බනීත් බැරි බැරි ගාතෙ ඇවිත් ලිලීගේ පපුව උඩම නිදාගත්තා . ඉතින් කෙල්ල වගබලාගත්තා පොඩ්ඩක්වත් හෙලවෙන් නැතුව ඉන්න

දවස් දෙකක් ඔය විදිහට ගියේ කෙල්ල එයාගෙ බනී නොවිදිනා දුක් තනියම දරාගන්න විදිහ දැක දැකයි . ලැබ් එකේ වැඩට ගියත් ලිලීට හිත එක තැනක තියා ගන්න නන් බැරි උනා . එයාගෙ බනී වගේ බනීලා ගොඩකගෙ සිරුරු අතගාද්දි එයාව වෙව්ලලා යනවා වගේ දැනෙන්නත් ගත්තා

හැමදේටම වඩා එයාගේ මෙන්ටල් හෙල්ත් එක ගැන හිතන්න ඕනේ නිසාම එයා මාරු වීමක් ගත්තා . ඒකත් තවත් ලැබ් එක්කට. මෙහෙම ගියොත් නම් ලිලීට ලේසි වෙන එකක් නෑ .

.

.

" බනී මම ආවා "

ලිලී එහෙම කියාගෙන ගිහින් couch එකෙව් හිටපු බනීටත් හාද්දක් දීගෙනම වොශ් එකක් දාගන්න තමන්ගේ කාමරයට ගියා . ඒත් එයාට ඇහුනේ වේදනාබර සද්දයක් එක්ක මොකක් හරි වැටුනා වගේ . ඉතින් කෙල්ලට බාගෙන නාලා එන්න බෑනේ . ඒක නිසාම එයා වැඩ සම්පූර්න කරපු ගමන් සාලෙට දිව්වා

" දෙයියනේ තමුසේ මොනාද මෙතන කරන්නේ . කෝ මගේ බනී"

ඔව් . කවුච් එක උඩ හිටපු බනී නෑ . ඒ වෙනුවට හිටියේ බිම වැටිලා සීට් එකත් ඇග වටේ ඔතන් හිටපු කොල්ලෙක්

" කියනවා ලැජ්ජ නැද්ද කෙල්ලෙක් ඉන්න ගෙදරකට එන්න . යන්වා මෙතනින්!!"

ලිලී කෑ ගැහුවා . ඒත් අර කොල්ලා කරේ ලිලීගේ වචනයක් වචනයක් පාසා ගැස්සෙමින් පිටිපස්සට ගිය එක විතරයි . ඒත් එක පාරටම couch එකේ ගැට්ටේ පිට වැදුන නිසා ඒ කොල්ලා අඇස් දෙක තදින් පියාගත්තේ ලොකු වේදනාවක් දරාගන්න වගේ .

ඒ අඇස් අස්සෙන් කදුලු වැක්කෙරුනත් කිසිම වේදනා බර කෑ ගැහීමක් නම් කොල්ලගේ කටින් පිට උනේ නෑ

ලිලී ඒ කොල්ලව හොදට අද්‍යනය කරා . පිටේ තිබුන විශාල තුවාලය .තැනින් තැන රතු වෙලා පිච්චිලා තියෙන විදිහ හුරතල් ඇස් ගාව රතු වෙලා තියෙන විදිහ බනීගේ වගේමයි . ඒත් මේක වෙන්න පුලුවන් දෙයක් නෙවේ නේ . එහෙම නේද

කෙල්ල අර කොල්ලා ගුලිවෙලා හිටපු සීට් එක අඇදලා දැම්මා වගේම තප්පරෙන් පසු තැවුනා . මොකද කොල්ලා ආදුම් අඇදන් නෙවේ ඉන්නේ .!!

" මියනේහ් ! " ලිලී කිව්වට මොකෝ කෙල්ලට තොවිලයක් නටන්න වෙයි වගේ...

උනේ මොකක්ද දැනගන්න ලිලී CCtV චෙක් කරා. අනේ දෙයියනේ බනී තමයි මනුස්සයෙක් වෙලා තියෙන්නේ . මොනාද දෙයියනේ මේ වෙන්නේ ..

කෙල්ල පැටලුනේ මරු ප්‍රශ්නෙක . බනී දැන් කොල්ලෙක්නේ . එලවන්නත් බෑ . තියා ගන්නත් බෑ . ඒත් වෙන කරන්න දේකුත් නැ . එයා දිහා බයෙන් බලන් ඉන්න බනී බෝයි ව ගනන් නොගෙන ලිලී අපාට්මන්ට් එකෙන් එලියට දිව්වා .

පැය ගානකට පස්සේ ලිලී එනකොටත් බනී හිටියා වගේමයි . ගුලි ගැහිලා . අඇත්තටම කෙල්ල දිව්වේ බනීට ඕන වෙයි කියලා හිතෙන රෙදි ගන්නයි . දුකම කාරනේ තමයි බනී අලුතෙන් ඉපදුන ලමයෙක් වගේ හැසිරෙන එක රෙදි අඇදගන්නවත් එයා දන්නේ නෑ . ඉතින් කෙල්ලට තමයි හැමදේම කරන්න උනේ .

.

.

බනීට කෑමත් දීලා තවමත් ලොකුවට පේන තුවාල සේරටම ලිලී බෙහෙත් දැම්මා . ඒක හරි වෙනස් . හාවෙක්ගේ අඇගේ තුවාල තිබ්බට වඩා මනුස්සයෙක්ගේ තුවාල දැක්කම ලිලීට රිදිලා . ඒකට හේතුව අපිට ගොඩක් දැනෙන්නේ අපිට ලග අය විතරක් වෙන එක .නිකමට හරි කිබුලෙක්ව ඔහොම තුවාල උනා නම් අපි ඔය තරම් ගනන් ගන්නේ නෑ නේ . ඒක තමයි අපේ වැරැද්ද

The Bunny | JJKWhere stories live. Discover now