❤❤❤

623 95 17
                                    

වෙනදා මෙ විදිහට රැවෙලා කරුවලේ යද්දි මගෙ හිත කොච්චර නම් පිස්සු නැටුවද.... බස් එකින් බහින්නෙම එයාගෙ එන කොල් එක බලාගෙන ... එයත් එහෙමයි කීයටද මන් කොල් එක ගන්නේ කියලා බලාගෙන ඉන්නෙ හැමදාම .... විනාඩි දහයෙන් පහලවෙන් යන්න පුලුවන් ගමන් මන් වෙනදා පැයක් විතර ඔහේ හීමිට ගාටන්නේ එයාගේ ආදරේ පිරුනු එ කටහඩ අහන්න ආස නිසාම මන් හිමින් සැරේ බොඩිමට යන නිසා වෙන්න ඇති...

රැවෙලා තියෙන්නේ ඉක්මනට පලයන් පොඩි එකො බෝඩිමට කිව්වත් ඉතින් මන් නෙවෙයි යන්නේ..මට ඕනි උනෙම එ දඩබ්බර වචන වලට ආදරේ කරන්න ...එ හැගීම විදින්න ඉතින් බැනුම් අහගෙනම මන් කොච්චර එයත් එක්ක කියවනවද කියවලා කියවලා අවසානේ කියවන්න දෙයක් නැ උනාම කැෆේ එකට හරි එයාගේ ඔෆිස් එකට හරි ආව අමුත් ඩයල් එකකගෙ රෙද්දක් හරි කියවනවා අපි දෙන්නා පිස්සො දෙන්නෙක් වගේ... සමහර වෙලාවට හිනාවෙලාම බඩත් රිදුනා අවස්තා තිබුනා..සතුට වැඩිකමට කදුලු ආව අවස්තා තිබුනා ඕනිතරම් .....එත්.....

අද වෙද්දී එ හැමදෙයක්ම ගොඩාක් වෙනස් වෙලා...වෙනදා මෙ පාලු පාරේ මෙ වෙලාවට මන් කාටත් හොරාට තනියම එයත් එක්ක මුමුනනවා හිනාවෙනවා එත් කො අද... එ හැගිම්වලින් එකක්වත් දැන් නැ බන් අයියේ....

උබ දන්නවා නම් මෙ මෝඩ කොල්ලගෙ හිත් උබ වෙනුවෙන් කොච්චර අඩනවද කියලා කවදාවත් උබ මට ඔහොම කරන එකක් නැ බන් රත්තරනේ ...  උබ දන්නවා නම් මෙ හිත හැමනිතරම හොයන්නේ උබව කියලා ...මෙ හිත හැමනිතරම අහන්න බලන් ඉන්නේ උබෙ ඔය දරදඬු වචන කියලා කවදාවත් උබ ඔහොම අතරමැදදි මාව එපා කියලා දලා යන එකක් නැ බන් අයියේ..

පරන මතක පරන හැගීම් මගෙ හිත ඇතුලේ සක්මන් කරද්දී මන් ඔහේ එන්න අවා... සාක්කු දෙකට අත් දෙකත් දාගෙන කරුවලේම එන්න ආව මන් අවසානේ බොඩිම ලගටම ඇවිල්ලා තියෙන්නේ නිකන් හීනෙන් වගේ...

වේදනාව කියන දේ එහෙම ලේසියෙන් අමතක කරලා දාන්න පුලුවන් දෙයක් නෙවෙයි සැරින් සැරේ ඇවිදින් වද දිලා රිදෙන පපුව තවත් ටිකක් මිරිකලා රිද්දලා යන්න මතක කියන දේවල් හරිම දක්ශයි කියලා මට හිතුනේ ....

දන්නේ නැ මන් නොකා නොබි හිටිය රැයවල් කීයක් නම් හිටියද කියලා ...වෙනදා වගෙ මගෙන් ගුටි නොකා මොනවා හරි කාපන් චුටි කියන්න එකෙක් හිටියේ නැ..   වෙනදා වගේ රැට නාන්න එපා බන් හරක් පැටියෝ කියන්න එකෙක් හිටියේ නැ... වෙනදා වගෙ නලා කියලා ඇදට ඇවිදින් කොල් එකක් ගන්නකම් මග බලන් හිටිය එකෙක් අද හිටියේ නැ .....

නිහඩ සුසුම්..( Short Story complete )Where stories live. Discover now