11..🍂💔

37 6 1
                                    

"ශුයී..ඔය ශීට්බෙල්ට් එක හරියට දාගන්න."

"කවන්නෙ කකුලෙන්ද එතකොට ..කෝ ආ කියන්න "

ආශු ටිකක් ලොකු ලන්ච් බොක්ස් එකක දාන් ආපු නූඩ්ල්ස් එකෙන් කටක් බෙහාන්ට කවල එයත් හැන්දක් කටේ දාගත්තා.ඊයෙ රෑ මොකුත් ලෑස්ති කරන්නැතුව දෙන්නම නිදාගත්ත නිසා අද උදේ ලෝක යුද්ධක් තිබ්බෙ ගෙදර .උදේට දවල්ට දෙකටම නූඩ්ල්ස් වෙද්දි අන්තිමට උදේ කෑම කන්න උනේ කාර් එකේ.

"ශුයී..කොහොමද අලුත් යුනි එක..ඊයෙ කතා කරන්න බැරි උනානෙ."

"අවුලක් නෑ හොඳයි."

"අවුලක් නෑ කිව්වෙ ?"

"අවුලක් නෑ කිව්වෙ අවුලක් නැති හින්දා"

"යාලුවො හම්බුනාද ?"

"අ~ ඕ..කෝ කට අරින්න."

"ම්ම්හ්..කලින් එකට වඩා හොඳද ?"

බෙහාන් කතා කරේ බාගයක් එළියෙ තිබ්බ නූඩ්ල්ස් රැල්ල දිවෙන් කට ඇතුළට දානගන්න ගමන්

"අනේ මන්ද ඉතින් .තාම එක දවසනෙ."

"අදත් 3ට නේහ් ඉවර ?"

"අ ~ නෑ අද 4 විතර වෙයි."

පරිප්පු එක්ක නූඩ්ල්ස් කටක් අනමින් ආශු ඒක කිව්වෙ ටිකක් කල්පනා කරලා .

"ඒ මොකෝ ?"

"මේ...අයියෝ මොකක්ද අනේ ප්‍රශ්න පත්තරේ වගේ. එසයිමන්ට් එකක් .."

දෙන්න උත්තරයක් හිතාගන්න බැරි තැන ආශු සද්දෙට කියල නූඩ්ල්ස් හැන්දක් බෙහාන්ගෙ කට එබුවෙ තව ප්‍රශ්න අහන්න කලින්. බෙහාන් කටේ පුරෝගෙන ආශු දිහා බලද්දිම පිටිපස්සෙ වාහනේ හෝන් එක ගැහුව traffic lights එකේ කොළ වැටුන නිසා.

එක තප්පරයක් ඉවසන්න බෑ.තායිලන්තෙ වගේ රටවල ගොඩක් වෙලාවට වාහනවල හෝර්න් එකක් නැති වෙද්දි ,තිබුණත් හෝන් එකක් ගහන්න අවස්තාවක් උදා නොවෙද්දි ලංකාවෙ කොළ ලයිට් එක වැටෙනකන්වත් රියදුරන්ගෙ ඉවසීම ඉතුරු වෙන්නෙ නෑ.කොළ ලයිට් වැටෙන්න මොතකට කලින් තැඹිලි පාට ලයිට් එකේදිම හෝර්න් එක උඩ නැගගන්නවා.තායිලන්ත ,පින්ලන්ත,ස්විට්සර්ලන්ත වගේ විශාල රටවල් ලෝකේ සාමකාමීම රටවල් විදිහට නම් වෙද්දි ලංකාව වගේ චූටි දූපත්, සාමකාමීත්ව ලිස්ට් එකේ පතුළටම වැටෙන්නත්,ඝෝෂාකාරී බව නිසාම නාගරික ජනතාවගෙ හිත් පීඩනයෙන් පෙළෙන්නත් හේතුව මේ ඉවසීම ප්‍රගුණ නොකිරීම කියලයි මගේ මතය.

💔🍂 හිමි නොවුන නෙතු  Where stories live. Discover now