01📖️

4.6K 580 350
                                    

"හමුදා බස්රථයක් ඉලක්ක කර එල්ල වූ එම බෝම්බ ප්‍රහාරයෙන් නිරායුධ සෙබලුන් විසි අට දෙනෙක් සහ සිවිල් වැසියන් හතර දෙනෙකුට දිවි අහිමිව ඇති අතර..............."

තවත් අහගෙන ඉන්න බැරි තැන මම ⁣රේඩියෝ චැනල් එක මාරු කරේ කේන්තියෙන් ස්ටයරීන් වීල් එකට ගහන ගමන්..

මුමුනා කීවාද මෙලෙසෙ
ජීවිත පුද දෙයි යුද්දෙ
ගැයුවාට මේ ගී සිංදු
හදවත පාරයි හනිකේ
පස වන මේ ශරීරෙ
දෙවියෝ රැකදෙයි ජීවේ...

යුද්ධය..

මේ කොළඹ ජීවත් වෙන සමහර උන්ට හරි සරල පොඩි වචනයක් උනාත් ඒ වචනෙ ඇතුළාන්තය කොච්චර නම් බැරූරැම් ද කියලා දන්නෙ යුධ ගිනි මැද ඒ තල් අරණෙ පණ බයේ ගැහි ගැහී ජීවත් වෙන අහිංසකයන්ම විතරයි..

මේ ගෙවිලා යන තත්පරෙත් උතුරු කරේ කොතනමහරි තැනක මූනිස්සම් පිටවෙනවා.. බෝම්බ පුපුරනවා.. ජීවිත නැති වෙනවා.. ඒ නැති උන ජීවිත මතක් කරලා උන්ගෙ හිතවත්තු කඳුලු බොනවා.. ආයෙත් මේ හැමදෙයක්ම අපේ රට දෙකඩ කරන්න නේද කියලා මතක් වෙද්දී මගේ ඇඟේ ලේ රත් වෙන්න ගත්තා..

1975 ජූලි 27 ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මරලා දාලා පටන්ගත්ත පළවෙනි ඊලාම් යුද්ධෙන් අද වෙද්දී අවුරුදු ගාණක් ගෙවිලා තියෙද්දී මේ අවුරුදු ගාණට මේ රටේ අහිංසක ජීවිත කීයක් නම් යුද්ධෙට බිලි වෙලා ඇතිද.. කීදෙනෙක් නම් ජීවිත කාලෙටම ආබාධිත වෙලා ඇතිද.. ඒ හැම කෙනෙක්ම කාගෙ හරි පුතෙක් දුවෙක් සහෝදරයෙක් සහෝදරියක් අම්මෙක් තාත්තෙක් වෙද්දී යුද්ධෙ නිසා උතුරුකරේ වගේම දකුණු කරෙත් මිනිස්සු කඳුලු බිව්වා..

එදා පළවෙනි ඊලාම් යුද්ධෙත් එක්ක යාපනය පොලිස් නිළධාරීන් අමු අමුවෙ මරලා දාද්දී , යාපනය පුස්තකාලයට ගිනි තියද්දී, යාපනය කොළඹ තැපැල් දුම්රියට බෝම්බ දාද්දී එහෙමත් නැත්නම් චාවකච්චේරිය පොලිසියට ප්‍රහාරයක් එල්ල කරද්දී එතකොට බලයෙ ඉදපු නායකයන්ට ඒ ප්‍රහාර වලට විරුද්ධව තදින් ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන් උනා නම් හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස , ගාමිණී දිසානායක, ලක්ෂ්මන් කදිරගාමර් වගේ ප්‍රබල දේශපාලන චරිත යුද්ධයේ බිල්ලක් නොවෙන්න ඉඩ තිබුණා.. ඒ වගේම බෞද්ධයාගෙ මුදුන්මල් කඩ වෙච්ච දළදා මාළිගාවට බෝම්බ වැටෙන්නෙ නැති වෙන්න තිබුණා.. ජය ශ්‍රි මහා බෝධිය වෙඩි වරුසාවකින් නැහැවෙන්නෙ නැති වෙන්න තිබුණා.. කාත්තන්කුඩි පල්ලියෙ යාඥා කරන ගමන් ඉදපු මුස්ලිම් මිනිස්සු එකසිය ගානක් මරලා දාන්න උන්ට බැරි වෙන්න තිබුණා..

මෝටාර් (Yizhan)✔Where stories live. Discover now