කලු adidas බෑග් එක තනි අන්ඩෙන් එල්ලගෙන,අත් දෙකටයි කොලර් එකේ දාරෙටයි රතුයි සුදුයි ඉරි දෙක ගානෙ තියන තද නිල් පාට ටී එක ඇඳල,කලු කලිස්මට සුදු adidas සපත්තු දෙකක් දාලා,ආශු ආසම චොක්ලට් සුවඳ ප'ර්ෆියුම් එකකුත් ගහගෙන ලෙක්චර් හෝල් එක ඇතුළට අඩිය තියද්දි ඒකෙ හිටිය ළමයි ඔක්කොමල ආශු දිහා බැලුවෙ අමුතු ජීවියෙක් දිහා බලනව වගේ..පිටිපස්ස හැරිල හිටිය ළමයිනුත් ඉස්සරහට හැරිල බැලුවෙ ඒ ප'ෆියුම් සුවඳට.ඒක හරි sweet සුවඳක්,චොක්ලට් ,කැරමල්,ලොලිපොප් නෑ අර පොඩිකාලෙ පාට පාට මකනවල සුවඳ..කෝමහරි කන්න හිතෙන සුවඳක් ඒක.ඇඳුම්වලින් සපත්තු දෙකෙන් හැන්ඩ්සම් ලුක් එකයි, ඇඟෙන් මූනෙන් වගේම ඇවිදිද්දි හුළඟට යන නළල වැහෙන්නම පැත්තට පීරපු කොන්ඩෙන් cute ලුක් එකකුයි එකතු වෙලා ආශුට තිබුනෙ කියාගන්න බැරි තරන් අමුතුම ලස්සනක්. ඕනම කෙනෙක්ට හැරිලා බලන්න හිතෙන අමුතුම ආකර්ෂණීය බවක් ආශුට තිබුනෙ.

දකුණු පැත්තෙ හිටිය කෙල්ලො ටික "ස්ස්ස්ස්ස්ස්ස්" ගාලා හුස්ම උඩට ඇද්ද විදිහට ආශුගෙ බය තව වැඩි උනා.කෙල්ලො එක්කෙනා දෙන්නා කන්වලට ළං වෙලා රහස් කියද්දි ,ආශුගෙ හිස් මුදුනෙ ඉඳන් දෙපතුලට යනකන් කෙල්ලොන්ගෙ ඇස්වලින් ස්කෑන් වෙද්දි,ආශුට ලොකු අපහසුවක් දැනුනා .තමන්ගෙ දිහාට යොමුවෙන කෙල්ලොන්ගෙ ඇස් මගෑරලා ආශු වම් පැත්ත බැලුවෙ බෝයිස්ලා හිටියෙ ඒ පැත්තෙ නිසා පොඩිහරි සහනයක් දැනෙයි කියල .ඒ උනත් ඒ පැත්තත් ඊට දෙවෙනි නොවන අපහසුවක් කියල ආශුට තේරුන් ගන්න වැඩි වෙලාවක් ගියෙ නැත්තෙ පිරිමි ළමයින්ගෙනුත් බහුතරයකගෙ ඇස් ආශු දිහාට යොමු වෙලා තිබ්බ නිසා ..හැමෝම නෙමෙයි .සමහරු පන්තියට එකෙක් ආවද කියලවත් ඔලුව උස්සලා නොබලද්දි සමහර කොල්ලො ආශු දිහා බැලුවෙ කෑදර විදිහට .බිම බලන් හිටිය ශුයී උලුව ඉස්සුවෙ බාගෙට කට ඇරන් හිටපු කොල්ලගෙ පිටට එහා පැත්තෙ එකා "ඩෝයි" ගාලා පාරක් ගහපු සද්දෙට.කට වහගත්ත කොල්ලා පිටට ගහපු කෙනාට හොඳවයින් රවද්දි ආශුට හිනා යන්න ආවත් කට තද කරගෙන බිම බලාගත්තෙ හිනාවට වඩා පිඩාකාරී හැඟීම් ගොන්නක් හිතේ තෙරපෙද්දි..
සැලකියි යුතු දෑස් ප්‍රමාණයක් තාමත් තමන්ගෙන් ඈත් වෙලා නැති බව වැටහෙද්දි ආශු පිටිපස්සෙ තිබුන බෑග් එක ඉස්සරහට අරන් බිම බලාගෙන ගිහින් පිටිම පස්සෙ පෝළිමට කලින් පෝළිමේ කෙලවරම තිබ්බ හිස් පුටු තුනක් පහු කරල ජනේලෙ ළඟ පුටුව ඇදල වාඩි උනා ..ඒවා හෙන විශාල හෝල්නෙ.ආශු පිටිපස්සෙම පෝළිමට ගිය නිසා ඉස්සර එයා දිහා බලන් ඉන්න ළමයි ඔක්කොමලව එයාට පේනවා.කෙල්ලො තමයි වැඩි හරියක් රහස් කිය කිය හිනා වෙවී ආශු දිහා බලන්නෙ.කොල්ලො කෙල්ලො සීයක් විතර එකපාරට කන්න වගේ බැලුවහම.ආශු වටපිට කොහේවත් බලන්නැතුව බිම බලාගෙන කලිසම් සාක්කුවට අත දාලා පෝන් එක එළියට ගත්තා.

💔🍂 හිමි නොවුන නෙතු  Where stories live. Discover now