Chapter 33

133 24 11
                                    

මගට එද්දි තමයි මට හොදම වැඩේ මතක් උනේ...

❤️ යීබෝ අපි ඉවරයි...

💚 ඇයි මොකක්ද චාන්ගා උනේ...

❤️ නූරිව අපේ ගෙදර එක්කන් යන්න බෑ...

💚 ඇයි ඒ... මොකක්ද අවුල...

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

❤️ අයියෝ බෝදියෝ... ඔෆිස් එකේ අය දන්නෙ නූරි ඔයාගෙ දුව කියලා... ඒත් ජීයොන් හිතන් ඉන්නෙ ඒ මගෙ දුව කියලා... අනිත් එක නූරි දිගටම මට බනී කියලා කතා කරයි කියලා හිතනවද ඔයා... දැන් ඔෆිස් එකේ කෙල්ලො ටිකත් එක්ක එයා ගොඩක් එකතු හින්දා එයා මට අනිවාරෙන් එයාලා ඉන්න තැන පපා කියනවම තමයි... මට ඒක සීයට දාහක් ෂුවර්...

💚 ඒක නම් ඇත්ත චාන්ගා... මොකක්ද කරන්නෙ අපි...

❤️ නූරිව මෙහෙ එක්කන් එන්න බෑ කොහොමත්...

💚 ඒත් එයා අපි නැතුව ඉදීද...

❤️ මෙහෙම කරමු... අපි හවසට ගෙදර ගිහින් නූරිව බලලා මෙහෙට එමු... දෙන්නටම හැමදාම එකට යන්නත් බෑනේ... අපි දෙන්නා මාරුවෙන් මාරුවට යමු... අපේ කට්ටිය මෙහෙ ඉද්දි අපි දෙන්නා විතරක් ගෙදර යන එක හරි නෑනේ නේද...

💚 එහෙමවත් කරමු... ඔයා කියනකම්ම මට ඒක මතක් උනේ නෑනේ...

❤️ දැක්කනේ ඉතිම් ඔයාටත් මංම ඉන්න ඕනේ හැමදේම මතක් කරලා දෙන්න...

💚 ඒකනේ ඉතින් මං මගෙ බනී මැනිකට මෙච්චර ආදරේ...

එහෙම කියන ගමන්ම එයා මගෙ කම්මුලකට හාදුවක් තිබ්බා...

❤️ යාහ්හ්හ් බෝදි ඉස්සරහා බලන් යනවා... මට අඩු වයසින් මැරෙන්න බෑ...

💚 අඩු වයසින්... විහිලු කරන්න එපා චාන්ගා... ඕක මං කිව්වනම් දුක නෑ...

❤️ ආ දැන් තවුසෙ කියන්නෙ මං වයසයි කියලා නේද... ඔව් ඉතින් මාව දැන් වයසයි වගේ පේනවා ඇති... අර ගොටුකොල හිපාටුච්චි ඉන්නවනේ දැන් ඔයාට... මං දැනගත්තා මට මෙහෙම වෙයි කියලා...

💚 අම්මෝහ් බනී මැනික මං විහිලුවක් අනේ කරේ... මට ඔය කොහෙවත් ඉන්න ගොටුකොල හිපාටුච්චියෝ මොකටද ඔයා ඉන්නකොට... අනික මගෙ මේ ලස්සන සුදු බනියා වයස නෑ අනෙව්... ඔය ඉන්නෙ හැන්ඩියා වගේ...

You Are My Life...💚❤️ (Yizhan Ff) Completed  Where stories live. Discover now